Shakibට CPL යන්න බැරි වෙන ලකුණු!

158

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර නොදෙනු ඇතැයි Cricbuzz වාර්තා කරනවා. 

ක්‍රීඩකයෙක් සිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා ගත යුතු ක්‍රිකට් පාලක මණ්ඩලය විරුද්ධ නොවන බවට වන සහතිකය (no-objection certificate) Shakibට හිමි නොවනු ඇතැයි බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉඟි කර තිබෙනවා. 

Shakib, Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරන්නට නියමිතව තිබෙන අතර ඔහු 2016 හා 2017 වසරවල දී ද එම කණ්ඩයම නියෝජනය කළා. 2016 වසරේ දී ඔහු Tallawahs කණ්ඩායම සමඟ CPL කිරුළ ජයග්‍රහණය කරන්නට ද සමත් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි මාස කිහිපය ඉතා කාර්යබහුලයි. ඕස්ට්‍රේලියාව බංග්ලාදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන අතර ඉන්පසුව එංගලන්තය හා නවසීලන්තය සමඟ ද බංග්ලාදේශය තරග වැදීමට නියමිතව තිබෙනවා.

BCB ක්‍රිකට් මෙහෙයුම් සභාපති Akram Khan, Cricbuzz වෙත පවසා තිබුණේ තවමත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැතත් මෙම තරගාවලි සඳහා ශක්තිමත්ම කණ්ඩායම් ක්‍රීඩා කරවන්නට ඔවුන් අපේක්ෂා කරන බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවලට නව වගන්තියක් ද ඇතුළත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ක්‍රීඩකයින්ට තමන් ජාත්‍යන්තර තරගාවලි සඳහා වෙනවා ද, නැද්ද යන්න කලින් දැනුම් දිය යුතු වෙනවා. එමෙන්ම එම කාලසීමාවේ දී ඔවුන් ලීග් තරගාවලි ක්‍රීඩා කරන්නේ නම් එය ද ඔවුන් කලින් දැනුම් දිය යුතුයි.

ශ්‍රී ලංකා සංචාරය ක්‍රීඩා නොකර Shakib ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම මෙයට ප්‍රධාන හේතුවක්. අවසන් මොහොතේ කලබල වීම් හා වෙනස්කම් වළක්වා ගැනීමට මෙම වගන්තිය ක්‍රීඩකයින්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුවලට ඇතුළත් කරන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Nazmul Hasan පවසා සිටිනවා.

ශ්‍රී ලංකා සංචාරයේ දී තමන්ගේ රිද්මය හොඳ මට්ටමක නොතිබුණු බවත්, ඉදිරියේ දී ඒ අඩුපාඩුව සකසා ගන්නා බවත් Shakib පසුගිය සෙනසුරාදා පවසා සිටියා. ශ්‍රී ලංකා සංචාරයේ දී අසාර්ථක වූ Shakib ඉනිම් තුනේ දී රැස් කළේ පිළිවෙළින් ලකුණු 15ක්, 0ක් හා 4ක් පමණයි

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<