සුමින්ද සහ සිරිසෝම දවසේ වීරයන් වෙයි

122
Premier league

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (28) තරග 6ක් පැවති අතර එහි දී කැපී පෙනෙන පිතිකරු බවට පත් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් ද, කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ගයාන් සිරිසෝම ද සමත් වූහ. 

වරාය අධිකාරිය නුගේගොඩට තර්ජනය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Premier League – Tier B ක්‍රිකට් තරගාවලියේ..

කුරුණෑගල යූත් සහ කැන්ඩි කස්ටම්ස් 

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ රන්දීර රණසිංහ ලකුණු 99කට දැවී ගියේය. ඔහු පන්දු 123කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් තම ඉනිම ඇතුළත් කර ගෙන සිටියේය. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (80.4) සංදීප් කුන්චිකූර් 43, කේශාන් වන්නිආරච්චි 37, තරින්ද විජේසිංහ 28, විනෝද් පෙරේරා 37, රන්දීර රණසිංහ 99, සම්පත් පෙරේරා 3/47, තාරක ගුණවර්ධන 2/38, උමේග චතුරංග 4/74

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 27 (7) අකීල් ඉන්හාම් නොදැවී 19


ගුවන් හමුදාව සහ පොලිසිය

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පොලිස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ පළමු දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 293ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් 22 හැවිරිදි දකුණත් පිතිකරු සුමින්ද ලක්ෂාන් පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 293 (90) ලක්වින් වීරසූරිය 34, අරවින්ද ප්‍රේමරත්න 63, සුමින්ද ලක්ෂාන් නොදැවී 133, මාධව නිමේෂ් 24, චාමිකර හේවගේ නොදැවී 27, සුජාන් මයුර 2/16, ලහිරු ඩියන්ත 3/103

බවන්තගේ තුන් ඉරියව් දස්කම් මැද සහෝදරයින්ගේ සටන උණුසුම් වෙයි!

මාර්තුවේ පාසල් ක්‍රිකට් උන්මාදය මාර්තුව එළැඹෙන්නට දින කිහිපයකට ඉහතදීම උත්සවාකාරයෙන්..

ගාල්ල සහ නාවික හමුදාව

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාවික ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 283ක් ලබා සිටියහ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 283 (84) විනුර දුල්සර 68, සාරංග රාජගුරු 50, නිමේෂ් පෙරේරා 54, රවිශ්ක විජේසිරි නොදැවී 39, සතික් නිමල්ෂ 4/104


පානදුර සහ කළුතර ටවුන්

පානදුර දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 323ක් ලබා සිටියහ. එම ඉනිම වෙනුවෙන් මේ වන විට රොෂාන් ජයතිස්ස පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා සිටී. 

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 323 (90) මින්හාජ් ජලීල් 71, සංජික රිද්ම 49, හර්ෂ කුරේ 23, රාජු ගයාෂාන් 32, රොෂාන් ජයතිස්ස නොදැවී 91, කෞමල් නානායක්කාර නොදැවී 20, සුවන්ජි මදනායක 3/75, එරංග රත්නායක 4/88


බ්ලුම්ෆීල්ඩ් සහ සෙබස්තියනයිට්ස් 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී ලකුණු 76කට සීමා කරන සත්කාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 230ක් ලබා සිටියහ.

සෙබස්තියන් ඉනිමේ කඩුලු 6ක් ලකුණු 31කට දවා ගැනීමට ගයාන් සිරිසෝම සමත් වූ අතර දිලීප ජයලත් ඉතිරි කඩුලු 4 ලබා ගත්තේය.  

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 76 (34.4) දසුන් සෙනෙවිරත්න 17, ගයාන් සිරිසෝම 6/31, දිලීප ජයලත් 4/21

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩලු 6ක් දැවී 230 (60) සචින් ජයවර්ධන 96, හර්ෂ විතාන 68, චාමර සිල්වා 25, දසුන් සෙනෙවිරත්න 2/13

මෙම තරග සියල්ල හෙට (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ. 

මට පීඩනයක් තිබුණේ නෑ – ක්වින්ටන් ඩී කොක්

මේ මස මුලදී එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එක් ලකුණක…

නුගේගොඩ සහ වරාය 

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයෙන් වරාය ක්‍රීඩකයෝ ලකුණු 207ක ජයග්‍රහණයක් ලබා ගත්හ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (45.5) යොහාන් ද සිල්වා 22, ඉෂාන් රංගන 27, ගයාන් මනීශාන් 49, ජලට් ඛාන් 3/34, බසිට් අලි 2/47, චනුක ඩිල්ශාන් 4/21 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 86කදී කඩුලු 6ක් දැවී 334) සහ කඩුලු 9ක් දැවී 345 (87.4)  රමේෂ් නිමන්ත 49, ඉෂාන් රංගන 43, සයිඩ් බින් නසීර් 60, අදීශ නානායක්කාර 83, හස්නයින් බොකාරි 63, ජලට් ඛාන් 3/89, බසිට් අලි 2/52

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 44ක දී කඩුලු 9ක් දැවී 122) සියලුම දෙනා දැවී 128 (46) පැතුම් මධුශංක නොදැවී 63, චානක කොමසාරු 3/36, රජීව වීරසිංහ 4/50 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 161(32.3) ප්‍රමුද් හෙට්ටිවත්ත 55, මතීෂ පෙරේරා 44, චානක කොමසාරු 5/63, හස්නයින් බොකාරි 5/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<