මට පීඩනයක් තිබුණේ නෑ – ක්වින්ටන් ඩී කොක්

299

මේ මස මුලදී එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසුව නායකයා ලෙස තමාට කිසිදු පීඩනයක් දැනී නොමැති බව දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක් කියා සිටියේය.

“මම මුළුමනින්ම සන්සුන්ව හිටියා” ඔහු කියා සිටියේය. තම ක්‍රීඩකයන් ඔවුන් මූලික කරුණු හරියාකාරව ක්‍රියාත්මක කළහොත් තරගය ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කළ බව ද ඔහු කියා සිටියේය. 

ජනතාව පැතූ මැතිව්ස් ආයෙත් පිටියට?

ඒ 2009 වසරයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම………………

එතැන් සිට ඩි කොක්ගේ සන්සුන් භාවය සැලකිය යුතු ලෙස පරීක්‍ෂාවට ලක් කර ඇත. දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනක එක්දින තරගාවලියක් සඳහා මේ දිනවල සූදානම් වෙමින් සිටි. එම තරගාවලිය කේප් වයින්ලන්ඩ්ස් හි බොලන්ඩ් පාර්ක්හිදී සෙනසුරාදා ආරම්භ වීමට නියමිතය.

27 හැවිරිදි ඩී කොක්ට එය තරමක අපහසු අභියෝගයක් වනු ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස්, වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සහ ස්ථාවර ලකුණු ලාභී රාසි වැන් ඩර් ඩුසෙන් ඇතුළු දකුණු අප්‍රිකාවේ වඩාත් පළපුරුදු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබීමයි. 

ශල්‍යකර්මයක් හේතුවෙන් තරගාවලිය සඳහා එක්නොවන ග්ලෙන් මැක්ස්වෙල් හැරුණු විට ආරොන් ෆින්ච් ප්‍රමුඛ ඕස්ට්‍රේලියා කණ්ඩායම තම පූර්ණ ශක්තියෙන් යුක්තව මෙම තරගාවලිය සඳහා එක්ව සිටී. නිව්ලන්ඩ්ස් හි පැවති විස්සයි විස්ස තරගයේ දී Sand paper scandal හෙවත් ප්‍රසිද්ධ පන්දුව පළුදු කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ද කණ්ඩායමේ ඔවුන්ගේ ස්ථාන රඳවා ගෙන ඇත. 

මේ වන විටත් ඩී කොක් දකුණු අප්‍රිකාවේ හොඳම පිතිකරුවා මෙන්ම කඩුලු රකින්නා ද වන අතර දැන් ඔහුට නායකයා වීමේ බර දරා ගැනීමට සිදුව ඇත. 

පසුගිය දා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජයට පත්වීම නිසා ඔවුන් එම තරගාවලිය පරාජය වූ අතර සැප්තැම්බර් මාසයේ ඉන්දියානු සංචාරය ආරම්භ වූ දා සිට ඔවුන් සියලු ආකෘතීන් වල සහභාගි වූ තරගාවලි 6 න් 5 ක්ම පරාජයට පත්විය.

එහි එකම අපරාජිත තරගාවලිය වන්නේ එංගලන්තයට එරෙහිව වර්ෂාවෙන් බාධා එල්ල වූ එක්දින තරඟාවලියයි. එම කාලය තුළ ඔවුන් ජයගෙන ඇත්තේ තරග 17න් 5ක් පමණි.

එම ජයග්‍රහණ හතරක දී ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාවේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වන අතර, අවස්ථා තුනක දී ඔහු තරගයේ වීරයා වී ඇත.

ඔහු තරගාවලි හයෙන් පහක දී ම දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අතර අනෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් දෙවන ක්‍රීඩකයා වේ.

ආරම්භක පිතිකරුවෙකු ලෙස ඩි කොක් එක්දින හා විස්සයි විස්ස තරග 10න් 6ක්ම තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කිරීමට සමත් විය. දකුණු අප්‍රිකානු ඉනිමේ දී ඔහු අසමත් වූ විට, ඕස්ට්‍රේලියා තරගාවලියේ පළමු හා තෙවැනි විස්සයි විස්ස තරගවල දී මිචෙල් ස්ටාර්ක් විසින් පළමු ඕවරයේ දී ම ඔහු දවා ගත් අවස්ථාවල දී කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් තම දක්ෂතා අතරට පැමිණීමට අසමත් විය. 

කොදෙව්වන් අන්ත අසරණ කරමින් ශ්‍රී ලංකාව තරගාවලි ජය මුද්‍රා තබයි!

අවිශ්ක – කුසල් ඇතුළු පිතිකරුවන් පෙන්නුම් කළ විශිෂ්ට පිතිකරණයත්, වනිඳු ඇතුළු……………

ක්වින්ටන් එතරම් මාධ්‍ය වෙත නොපැමිණෙන අතර ඔහුට පසුගිය දා සිදු වූ පරාජය පිළිබඳව පැහැදිලි කිරීමට තරමක් අපහසු විය. 

“මට විශ්වාස නෑ” ඔහු පැවසීය.  “එය තවත් එක් පරාජයක් පමණයි.” 

ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු නායකත්වයට පත් කරන විට, දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් හි වැඩ බලන අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත් පවසා සිටියේ “ඔහු තම කාර්‍යය කරගෙන යන ආකාරය පිළිබඳ අද්විතීය දැක්ම සහ අවබෝධයක්” ඇති අයෙකු ලෙස විස්තර කළ අතර, ඔහු “උපායශීලී හා ඉතා දක්ෂ නායකයෙකු” යැයි පැවසීය.

තරගය තුල දී ඔහුගේ සමහර තීරණවල දී ඒ සඳහා යම්කිසි සාක්ෂි ඇති නමුත් නායකයෙකුගෙන් බලාපොරොත්තු වන දේ තවමත් කොක් ගෙන් ඉටුනොවන බව බොහෝ දෙනාගේ මතයයි 

කෙසේ වෙතත් ක්වින්ටන් ඩි කොක් පවසා සිටියේ ඔහ. තවමත් ඔහුගේ කාර්‍යයන් අවසන් කර නොමැති බවයි. 

“මම තවමත් ඉගෙන ගන්නවා,” ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

“සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස මා නොදකින බොහෝ දේ තියනවා. මම හිතනවා මට වඩා හොඳ ව. එහි ප්‍රතිඵල පුවරුවේ තැබීමට හැකි වේවි කියලා”

2023 ලෝක කුසලාන තරගාවලියේ ස්ථාන සඳහා තවමත් නිශ්චිත ක්‍රීඩකයින් නොමැති වීම පැහැදිලි කරමින් ක්වින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බූචර්ගේ තර්කය නැවතත් සාධාරණීකරණය කළේය.

“දැන් බොහෝ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමට මේක අපට ඇති හොඳ අවස්ථාවක්. එක්දින ලෝක කුසලානය තව ටික කාලයක් තියෙන්නේ. ඔවුන් එම අවස්ථාව ලබා ගැනීම හෝ නොගැනීම සම්පූර්ණයෙන්ම ඔවුන් සතු වගකීමක්” ඔහු පැවසීය.

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින්……………….

දකුණු අප්‍රිකාව: ක්වින්ටන් ඩි කොක් (නායක, කඩුලු රකින ක්‍රීඩක), ටෙම්බා බාවුමා, බියුරන් හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලැසන්, කේෂව් මහරාජ්, ජැනේමන් මාලන්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ පෙහ්ලක්වායෝ, කගිසෝ රබාඩා, ටබ්‍රයිස් ෂොම්සි, ලූතෝ සිපාම්ලා, ජෝන්- ජොන් ස්මූට්ස්, කයිල් වර්රීන්.

ඕස්ට්‍රේලියාව: ආරොන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින ක්‍රීඩක), පැට් කමින්ස්, ජොෂ් හැස්ල්වුඩ්, මාර්නස් ලබුශේන්, මිචෙල් මාෂ්, කේන් රිචඩ්සන්, ඩී’ආර්සි ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාර්ක්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම්  සම්පා.

තරග කාලසටහන

  • පළමු තරගය : පෙබරවාරි 29, පාල් හිදී
  • දෙවන තරගය : මාර්තු 4, බ්ලූම්ෆොන්ටයින් හිදී
  • තුන්වන තරගය : මාර්තු 7, පොචෙෆ්ස්ට්රූම් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<