Home Sinhala මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට

මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට

805

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ගාල්ල සහ කොළඹ අතර තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වීමත් සමඟින් ඔවුන් තරගාවලියේ පළමු වටය නිමා කළේ අපරාජිතවය.  

රවිඳු සහ සුපුන්ගෙන් දඹුල්ලට අර්ධ ශතක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) රංගිරි දඹුල්ල…………

කාසියේ වාසිය දිනූ ගාලු නායකයා පළමුවෙන් පන්දුවට දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 282කි. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුනි. 

ගාලු ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් නායක නවෝද් පරණවිතාන සහ චේතක දෙනුවන් (18) පළමු කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් එක් කළහ. එහි දී නවෝද් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ඉක්මන් ලකුණු 58ක් ලබා ගත්තේය. 

ඊට අමතරව තවීෂ කහදූවආරච්චි පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහු සහ පවන් රත්නායක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් එක් කළහ. පවන් රත්නායක ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යැවූ සොනාල් දිනූෂ ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තේය. 

දික්වැල්ලට නායකත්වයක්!

මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට පෙර පැවැත්වෙන පුහුණු……….

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ ද අර්ධ ශතක 3ක් සමඟින් කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබා ගත්හ. එම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සබඳතාවක් එක් කිරීමට මොහොමඩ් ශාමාස් සහ නායක කමිල් මිශාර සමත් විය. එය කොළඹ ඉනිමේ ජයග්‍රාහී මාවතේ ආරම්භය විය. මොහොමඩ් ශාමාස් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය. 

අන්තර් පළාත් තරගාවලියේ ශතකලාභී කමිල් මිශාරට අද තම දෙවැනි ශතකය වාර්තා කිරීම අහිමි වූයේ ලකුණු 3කිනි. ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය. ඔහු දෙවැනි කඩුල්ල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ හා එක්වෙමින් ලකුණු 76ක සබඳතාවක් එක් කළහ. අහන් වික්‍රමසිංහ පන්දු 49කට මුහුණ දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 55ක් ලබා ගත්තේය. 

Photos: Colombo vs Galle | SLC U19 Super Provincial Tournament 2019

පන්දු යැවීමේ දී දුලිත් වෙල්ලාලගේ ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තේය. 

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර හෙට (21) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<

Result


Colombo U19
286/6 (49.2)

Galle U19
282/7 (50)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Dilmin Rathnayake b Sonal Dinusha 58 28 13 0 207.14
Chethaka Denuwan st b Sonal Dinusha 18 40 3 0 45.00
Thaveesha Abhishek c Dilmin Rathnayake b Praveen de Silva 64 101 8 0 63.37
Thevin Amarasinghe c Praveen de Silva b Dilmin Rathnayake 24 25 2 1 96.00
Pawan Rathnayake c Praveen de Silva b Sonal Dinusha 70 80 3 2 87.50
Dunith Wellalage c Dilmin Rathnayake b Sandaruwan Chinthaka 0 6 0 0 0.00
Sandun Mendis c Thashika Nirmal b Sonal Dinusha 27 18 2 1 150.00
Ashen Dilhara not out 3 2 0 0 150.00
Chihan Kalindu not out 2 3 0 0 66.67


Extras 16 (b 1 , lb 0 , nb 2, w 13, pen 0)
Total 282/7 (50 Overs, RR: 5.64)
Fall of Wickets 1-72 (8.5) Navod Paranavithana, 2-88 (12.6) Chethaka Denuwan, 3-127 (20.5) Thevin Amarasinghe, 4-215 (42.1) Thaveesha Abhishek, 5-216 (43.2) Dunith Wellalage, 6-261 (47.6) Sandun Mendis, 7-278 (49.3) Pawan Rathnayake,

Bowling O M R W Econ
Praveen de Silva 9 1 75 1 8.33
Chamindu Wijesinghe 3 0 33 0 11.00
Thashika Nirmal 4 1 27 0 6.75
Sonal Dinusha 10 39 0 4 0.00
Kaveesha Dulanjana 10 1 35 0 3.50
Dilmin Rathnayake 7 0 37 1 5.29
Sandaruwan Chinthaka 7 0 35 1 5.00


Batsmen R B 4s 6s SR
Mohammed Shamaz c Chihan Kalindu b Ashen Dilhara 65 80 7 0 81.25
Kamil Mishara c Pawan Rathnayake b Chethaka Denuwan 97 119 11 0 81.51
Ahan Wicrkamasinghe st b Dunith Wellalage 55 49 6 0 112.24
Sonal Dinusha run out () 3 6 0 0 50.00
Praveen de Silva c Samith Isuru b Sandun Mendis 12 11 0 1 109.09
Chamindu Wijesinghe lbw b Dunith Wellalage 13 11 1 0 118.18
Thashika Nirmal not out 14 15 1 0 93.33
Sandaruwan Chinthaka not out 6 6 1 0 100.00


Extras 21 (b 0 , lb 5 , nb 1, w 15, pen 0)
Total 286/6 (49.2 Overs, RR: 5.8)
Fall of Wickets 1-137 (25.5) Mohammed Shamaz, 2-213 (38.4) Kamil Mishara, 3-223 (40.3) Sonal Dinusha, 4-250 (43.4) Praveen de Silva, 5-251 (44.1) Ahan Wicrkamasinghe, 6-272 (47.1) Chamindu Wijesinghe,

Bowling O M R W Econ
Ashen Dilhara 9 1 34 1 3.78
Kavindu Dilhara 5 0 48 0 9.60
Dunith Wellalage 10 1 47 2 4.70
Navod Paranavithana 4 0 28 0 7.00
Samith Isuru 7 0 35 0 5.00
Sandun Mendis 10 0 57 1 5.70
Chethaka Denuwan 4.2 0 32 1 7.62