පාකිස්තාන ක්‍රිකට් වැසියන්ට අසුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය 2019

61
Hasan Ali

පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී ඇත. ඒ ඔහුගේ පපු ප්‍රදේශයේ වම්පස බාහික ඉල ඇටයක (cortical rib) සිදුව තිබෙන අස්ථි බිඳීමක් නිසයි.

කසුන් රාජිත නැවතත් ටෙස්ට් සංචිතයට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මස

පාකිස්තානයේ පැවැත්වෙන Quaid-e-Azam දේශීය ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතියේ මධ්‍යම පන්ජාබ් සහ Khyber Pakhtunkhwa අතර පැවති තරගය අතරතුර ඔහුගේ පපු පෙදෙසේ වම්පස ආශ්‍රිතව වේදනාවක් හටගෙන තිබෙන නිසා තරගය අතරතුර පිටියෙන් ඉවත් විය. 

අනතුරුව ඔහුව වහාම ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමුකොට තිබෙන අතර එහිදී අනාවරණ වී ඇත්තේ හසන් අලීගේ පපු ප්‍රදේශයේ වම්පස බාහික ඉල ඇටයේ (cortical rib) අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි. මේ නිසාවෙන් අවම ලෙස සති හයක පමණවත් විවේකයක් ලබා ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන් පවසා ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය දෙසැම්බර් මස 11 වනදා පාකිස්තානයේ දී ආරම්භ වේ. 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. 

තරග කාල සටහන

පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා – රාවල්පිණ්ඩි ක්‍රිකට් පිටිය, රාවල්පිණ්ඩි

දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19 සිට 23 දක්වා – ජාතික ක්‍රීඩාංගණය – කරච්චි

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ සහ සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<