Home Sinhala බවන්තගේ තුන් ඉරියව් දස්කම් මැද සහෝදරයින්ගේ සටන උණුසුම් වෙයි!

බවන්තගේ තුන් ඉරියව් දස්කම් මැද සහෝදරයින්ගේ සටන උණුසුම් වෙයි!

122
Thurstan College vs Isipathana College

මාර්තුවේ පාසල් ක්‍රිකට් උන්මාදය මාර්තුව එළැඹෙන්නට දින කිහිපයකට ඉහතදීම උත්සවාකාරයෙන් ආරම්භ වූයේ කොළඹ SSC පිටියේදීයි. ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 57 වැනි වරටත් ක්‍රියාත්මක වන “සහෝදරයින්ගේ සටන” පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමය අද (28) පළමු දිනයට ක්‍රියාත්මක වීමත් සමඟයි. 

දිනයේ අවසානය වනවිට දෙපිළම කරට කර සටනක නිරත වන මෙම තරගයේ තර්ස්ටන් විද්‍යාලය කඩුලු 5කට ලකුණු 130ක් රැස් කරගෙන සිටියි. ඒ ඉසිපතන විද්‍යාලය තම මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 210ට පිලිතුරු ලෙසයි.

ආනන්ද – නාලන්ද ක්‍රිකට් කණ්ඩායම් උරෙනුර ගැටෙන දින තීන්දුයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා

තර්ස්ටන් විද්‍යාලයේ නායක ජයවිහාන් මහවිතාන අද මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ අතර තම ප්‍රතිමල්ලවයින්ට මුලින් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීමට ඔහු පියවර ගත්තේය. ඒ SSC තණතිල්ල අතීතයේ සිටම උදෑසන පළමු පන්දුවාර කිහිපය තුලදී වේග පන්දු යවන්නන්ට යම් දෝලනයක් ලබා දීම ගැනද සළකමිනි. එම තීරණය තර්ස්ටන් විද්‍යාලයට ක්ෂණික ප්‍රතිඵල අත්කර දුන්නේ පන්දුවාර 15ක් අවසන් වනවිට ඉසිපතන විද්‍යාලයේ මුල්පෙළ කඩුලු 4ක්ම ලකුණු 37කට දවා ගැනීමට අවස්ථාව ලබා දෙමිනි.

තර්ස්ටන් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බවන්ත ජයසිංහ එහිදී තරගයේ පළමු කඩුල්ල බිඳ හෙලීමට සමත් වන්නේ දෝලනය වෙමින් ගිය වේග පන්දුව තෙවිඳු දික්වැල්ල තම පිත්තේ දාරයක දවටා ගැනීමත් සමඟයි. එතකින් නොනැවතුනු බවන්ත ඉසිපතන විද්‍යාලයට ඔවුන් අපේක්ෂා කළ සාර්ථකත්වය අත්කර නොදෙමින් තම දෙවැනි කඩුල්ලද ඉක්මනින්ම අත්පත් කර ගන්නේ අනෙක් ආරම්භක පිතිකරුවා වන සවීන් දාන්ත ලබාදුන් උඩපන්දුවක් තමන් විසින්ම රැක ගනිමිනි.

ඉසිපතන විද්‍යාලයේ තවත් කඩුලු දෙකක් ඉක්මනින් බිඳ වැටීමත් සමඟ කණ්ඩායමේ සියලු වගකීම් පැවරෙන්නේ පසුගිය තරග වාරයේ කණ්ඩායමේ සාර්ථකම තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්ම කණ්ඩායම් නායකයාද වන ලෙශාන් අමරසිංහ වෙතයි. මේ මොහොතේ ඔහුව තනි නොකළ සවිඳු උත්සර ද තම නායකයා සමඟ තණතිල්ල මැද රැඳෙමින් ඉවසිලිවන්ත ලකුණු 117ක සබඳතාවයක් ගොඩ නගන්නේ ඉසිපතන ඉනිම ලකුණු 150 සීමාව පසු කර ඉදිරියට ගෙන යමිනි.

එහිදී සවිඳු උත්සර තම විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 70ක් ලබා ගන්නේ හතරේ පහර 8ක් සහ හයේ පහර ද්විත්වයක් ද එල්ල කරමිනි. ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ ලෙශාන් අමරසිංහ අගනා වටිනා ලකුණු 65ක් සමඟින් ඉසිපතනය වැටී සිටි වළෙන් ගොඩ ගැනීමට සමත් විය.

Photos : Isipathana College Vs Thurstan College – 57th Battle of the Brothers – Day 1

ThePapare.com | Sithija De Silva | 28/02/2020 Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement.

කෙසේවෙතත් මෙම සබඳතාවය අවසන් වීමෙන් පසු ඉසිපතනය පිළේ පසුපෙළ පිතිකරුවන් ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමට ධනංජ සිල්වාට හැකිවිය. ඒ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගනිමිනි. නමුත් ඉසිපතන පළමු ඉනිම විනාශ කිරීමේ වැඩි ගෞරවය ලකුණු 53ට කඩුලු 4ක්ම බිඳ හෙලූ බවන්ත ජයසිංහට අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය. මෙය බවන්ත ගිය වසරේ පාසල් මහා ක්‍රිකට් තරගයේ දැක්වූ දස්කම් වලට සමානකමක් උසුලන්නේ ඔහු එහිදී මුල් දිනයේ කඩුලු 5කට හිමිකම් කීමත් සමඟයි. 

මේ අනුව පළමු ඉනිම අවසන් වෙද්දී බොහෝ දෙනා අපේක්ෂා කළේ නම ගිය පිතිකරුවන් රැසකගෙන් සමන්විත තර්ස්ටන් විද්‍යාලයට තරගයේ වැඩි වාසි හිමිවී ඇති බවයි. නමුත් වසරකට වරක් පැවැත්වෙන මෙම ක්‍රිකට් සංග්‍රාමයේ කිරුළ ලෙහෙසියෙන් බිම තැබීමට ඉසිපතනය ද සූදානම් නොමැති බව තර්ස්ටන් ඉනිම ආරම්භ වී වැඩි වේලාවක් යන්නට පෙර පැහැදිලි විය. ඒ දක්ෂ මුල්පෙළ පිතිකරුවන් දෙපළක් වන නායක ජයවිහාන් මහවිතාන සහ යොහාන් ලියනගේ ඉක්මනින්ම ක්‍රීඩාගාරයට පියමන් කිරීමත් සමඟයි.

මේ අනුව තර්ස්ටන් විද්‍යාලය ද තම ප්‍රතිවාදීන් ගමන් කළ අඩිපාරේම යන බවක් පෙනුනු අතර ලකුණු පුවරුවට ලකුණු 55ක් එක් වෙද්දී තර්ස්ටන් පිතිකරුවන් සිව් දෙනෙකුම ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත්ව තිබුණි. නමුත් අද තරගය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට පෙරම අද දිනය තමන්ට වාසනාවන්ත බව පෙන්වූ බවන්ත ජයසිංහ මෙවර පිතිකරණයෙන් දක්ෂතා දැක්වූයේ කඩා වැටෙමින් තිබූ තර්ස්ටන් ඉනිම දැවැන්ත පවුරක් සේ දරා සිටිමිනි. 

එහිදී තරගයේ වාසි දෙපිළටම සම තත්වයකට ගෙන ආ බවන්ත නොදැවී අනර්ඝ ලකුණු 55ක් වාර්තා කර ගත්තේ පන්දු 69කට මුහුණ දෙමිනි. එහිදී විහඟ ජයමාන්නගෙන් ඔහුට හිමිවූ සහයෝගය ද සුළුපටු නොවීය. මේ අනුව දිනය නිමා වෙද්දී තර්ස්ටන් විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී තවමත් පළමු ඉනිම තුල රැඳී සිටින්නේ හෙට දිනයේ කෙසේ හෝ ඉසිපතන පළමු ඉනිම අභිබවා යාමේ බලාපොරොත්තු ඇතිවයි. ඊට නව පණක් එක් කරමින් බවන්ත ජයසිංහ රනේෂ් සිල්වා සමඟ නොදැවී කඩුල්ලේ රැඳී සිටීම තර්ස්ටන් විද්‍යාලයට අමතර සවියක් වී ඇත.

සාන්ත ජෝසප් සහ මහානාම සුපිරි 8ට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට

කෙසේවෙතත් තර්ස්ටන් විද්‍යාලය තම ප්‍රතිවාදීන්ට වඩා තවමත් ලකුණු 80ක් පිටුපසින් සිටින නිසා හෙට උදෑසන කාලයේ පන්දු යවන්නන්ට ලැබිය හැකි සහයෝගය ද ඇතිව තරගය උඩු යටිකුරු කිරීමට ඉසිපතනයටද ඉහළ අවස්ථාවක් ඇත. 

මෙවන් උණුසුම් සිදුවීම් රැසකගෙන් සමන්විත සහෝදරයින්ගේ සටනේ දෙවැනි දිනය හෙටත් උදෑසන 9.30 සිට සජීවීව දැක ගැනීමට ThePapare.com ඔබට අවස්ථාව උදාකර ඇත. මීට අමතරව ඩයලොග් TV පාරිභෝගිකයන් හට චැනල් අංක 01න් මෙම තරගයේ උණුසුම විඳ ගැනීමට ද වරම් හිමිවී ඇත.

Result

Match drawn

Isipathana College
215/10 (59.2) & 205/4 (68)

Thurstan College
284/9 (60)

Batsmen R B 4s 6s SR
Thevindu Dickwella c Thineth Prabudda b Bawantha Jayasinghe 0 5 0 0 0.00
Saveen Dhantha c & b Bawantha Jayasinghe 19 27 3 0 70.37
Leshan Amarasinghe c Thineth Prabudda b Bawantha Jayasinghe 65 136 5 0 47.79
Ravindu Rathnayake c Dhananjaya Silva b Avishka Kaushalya 4 3 1 0 133.33
Lisura Vinath c Jayavihan Mahavithana b Vihas Thewmika 4 20 0 0 20.00
Savindu Uthsara c Vihas Thewmika b Dhananja Silva 70 105 8 2 66.67
Themiya Gunarathne c Thineth Prabudda b Bawantha Jayasinghe 9 18 2 0 50.00
Thiwanka Lakruwan c Vihanga Jayamanna b Dhananja Silva 14 13 1 0 107.69
Y Kasthuriarachchi c Yohan Liyanage b Dhananja Silva 4 8 0 0 50.00
Dinath Dissanayaka not out 12 10 2 0 120.00
Sithuka Gunawardane run out (Dhananja Silva) 1 12 0 0 8.33


Extras 13 (b 0 , lb 4 , nb 4, w 0, pen 5)
Total 215/10 (59.2 Overs, RR: 3.62)
Fall of Wickets 1-0 (0.5) Thevindu Dickwella, 2-25 (8.3) Saveen Dhantha, 3-30 (9.3) Ravindu Rathnayake, 4-37 (14.4) Lisura Vinath, 5-154 (45.5) Savindu Uthsara, 6-174 (50.6) Themiya Gunarathne, 7-183 (52.3) Leshan Amarasinghe, 8-194 (55.2) Y Kasthuriarachchi, 9-196 (55.4) Thiwanka Lakruwan, 10-210 (59.2) Sithuka Gunawardane,

Bowling O M R W Econ
Bawantha Jayasinghe 14 2 53 4 3.79
Avishka Kaushalya 6 1 17 1 2.83
Vihas Thewmika 8 1 19 1 2.38
Punthila Samankumara 14 3 56 0 4.00
Yohan Liyanage 7 0 28 0 4.00
Dhananja Silva 10.2 1 33 3 3.24
Batsmen R B 4s 6s SR
Yohan Liyanage c Leshan Amarasinghe b Dinath Dissanayaka 11 10 2 0 110.00
Jayavihan Mahavithana b Dinath Dissanayaka 3 8 0 0 37.50
Vihanga Jayamanna c Dinath Dissanayaka b Sithuka Gunawardane 33 65 5 0 50.77
Avishka Kaushalya c Leshan Amarasinghe b Ravindu Rathnayake 3 8 0 0 37.50
Vihas Thewmika c Lisura Vinath b Yasiru Kasthuriarachchi 7 26 0 0 26.92
Bawantha Jayasinghe run out (Ravindu Rathnayake) 137 133 9 4 103.01
Ranesh Silva c Leshan Amarasinghe b Dinath Dissanayaka 17 22 2 0 77.27
Sanuth Nandinu c Thevindu Dickwella b Ravindu Rathnayake 18 46 2 0 39.13
Dhananja Silva c Yasiru Kasthuriarachchi b Ravindu Rathnayake 5 17 1 0 29.41
Thineth Prabudda not out 36 32 4 0 112.50
Punthila Samanthakumara not out 1 2 0 0 50.00


Extras 13 (b 0 , lb 1 , nb 8, w 4, pen 0)
Total 284/9 (60 Overs, RR: 4.73)
Fall of Wickets 1-15 (2.1) Jayavihan Mahavithana, 2-20 (4.1) Yohan Liyanage, 3-26 (5.4) Avishka Kaushalya, 4-55 (13.5) Vihas Thewmika, 5-106 (26.4) Vihanga Jayamanna, 6-152 (34.5) Ranesh Silva, 7-194 (45.5) Sanuth Nandinu, 8-207 (49.5) Dhananja Silva, 9-282 (59.3) Bawantha Jayasinghe,

Bowling O M R W Econ
Dinath Dissanayaka 11 0 61 3 5.55
Ravindu Rathnayake 12 0 59 3 4.92
Savindu Uthsara 8 0 32 0 4.00
Yasiru Kasthuriarachchi 10 1 52 1 5.20
Thevindu Dickwella 6 1 18 0 3.00
Sithuka Gunawardane 7 0 23 1 3.29
Lisura Vinath 4 0 19 0 4.75
Thiwanka Lakruwan 2 0 19 0 9.50


Batsmen R B 4s 6s SR
Thevindu Damsara Dickwella c Jayavihan Mahavithana b Vihas Thewmika 13 13 1 1 100.00
Leshan Amarasinghe lbw b Punthila Samanthakumara 25 56 2 1 44.64
Ravindu Rathnayake st Ranesh Silva b Vihas Thewmika 87 140 6 2 62.14
Lisura Vinath c Dhananja Silva b Punthila Samanthakumara 38 160 4 0 23.75
Savindu Uthsara not out 24 26 0 1 92.31
Thiwanka Lakruwan not out 2 18 0 0 11.11


Extras 16 (b 9 , lb 0 , nb 6, w 1, pen 0)
Total 205/4 (68 Overs, RR: 3.01)
Fall of Wickets 1-20 (4.6) Thevindu Damsara Dickwella, 2-49 (17.1) Leshan Amarasinghe, 3-153 (56.3) Ravindu Rathnayake, 4-194 (62.5) Lisura Vinath,

Bowling O M R W Econ
Vihas Thewmika 23 4 67 1 2.91
Dhananja Silva 12 1 44 0 3.67
Punthila Samanthakumara 12 0 36 2 3.00
Yohan Liyanage 17 5 43 0 2.53
Bawantha Jayasinghe 4 0 6 0 1.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<