Perth Scorchers පස්වැනි වරටත් Big Bash ජය ගනී

Big Bash league 2023

194

ඊයේ (04) ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී පැවැත්වුණු 12 වැනි Big Bash League තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් පස්වැනි වරටත් BBL ශූරතාව ජයග්‍රහණය කිරීමට Perth Scorchers කණ්ඩායම සමත් වුනා.

මෙවර BBL තරගාවලියේ අවසන් මහා තරගය Brisbane Heat සහ Perth Scorchers කණ්ඩායම් අතර පැවැත්වුණු අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Brisbane Heat නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ගොස් ලකුණු 175ක් රැස් කිරීමට සමත් වුනා.

එහි දී Heat වෙනුවෙන් Nathan McSweeney ලකුණු 41ක් සහ Sam Heazlett ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුනා. Perth Scorchers වෙනුවෙන් පන්දු යැවීමේ දී Jason Behrendorff විසින් සිය පන්දුවාර 4 තුල දී ලකුණු 26ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

පසුව පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Perth Scorchers වෙනුවෙන්  Ashton Turner විසින් වේගවත් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුනා.

තරගයේ අවසන් පන්දුවාරය වන විට Scorchers කණ්ඩායමට ලකුණු 10ක් ලබා ගැනීමට නියමිත ව තිබූ අතර එම පන්දුවාරයේ පන්දු 2කින් ලකුණු හතක් රැස් කිරීමට ඔවුන් සමත් වූ අතර, පන්දුවාරයේ තුන්වැනි පන්දුව ලෙස නිපන්දුවක් යොමු වූ අතර එයට හතරේ පහරක් එල්ල කළ Nick Hobson තරගයේ ජයග්‍රහණය Perth Scorchers වෙත ළඟා කිරීමට සමත් වුනා.

ඒ අනුව අඛණ්ඩව දෙවැනි වතාවටත් BBL ශූරතාව දිනා ගැනීමට Perth Scorchers කණ්ඩායම සමත් වූ අතර අවසන් තරගයේ වීරයා ලෙස Ashton Turner විසින් සම්මාන දිනා ගත්තා.

Adelaide Strikers කණ්ඩායමේ Matthew Short තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තා.

එමෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට Perth Scorchers කණ්ඩායමේ Aaron Hardie සමත් වූ අතර, ඔහු තරග 15ක දී ලකුණු 460ක් රැස් කිරීමට සමත් වූ අතර, Sydney Sixers කණ්ඩායමේ Sean Abbott තරග 15ක දී කඩුලු 29ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<