ඉසිපතන සහ රාජකීය විද්‍යාල ආධිපත්‍ය පතුරවයි

Dialog පාසල් රග්බි ලීගය 2022

2493
Dialog School Rugby 2022 Roundup

Dialog පාසල් රග්බි ලීගයේ ඊයේ (24) පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණ හිමි කරගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

ඉසිපතන සහ විද්‍යා විද්‍යාල අතර තරගය

කොළඹ හැව්ලොක් පිටියේ පැවති මෙම තරගයෙන් ලකුණු 19-8ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ ඉසිපතන විද්‍යාලයටයි.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිණුම වාර්තා කළේ ඉසිපතන විද්‍යාලයේ මලිත් මිහිසර.

දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට විද්‍යා විද්‍යාලය සමත් වූවත්, එයට පිළිතුරු ලෙස මලිත් මිහිසර දඬුවම් පහරක් සාර්ථක කරගත්තා.

පළමු අර්ධයේ දී ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු ප‍රතරය අඩු කිරීමට විද්‍යා විද්‍යාල ක්‍රීඩක එන්. කවීෂට හැකි වුනා.

එම අර්ධය අවසානයේ දී සිය කණ්ඩායමට දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරදීමට ඉසිපතන ක්‍රීඩක වෙනුර සංගීත් සමත් වුනා.

පළමු අර්ධය : ඉසිපතන විද්‍යාලය 13 – 06 විද්‍යා විද්‍යාලය

දෙවැනි අර්ධය මුල සිට ඉසිපතනයට දැඩි පීඩනයක් එල්ල කළ විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් තවත් දඬුවම් පහරක් රැස් කළ නමුත් උත්සාහක දිනුම් වාර්තා කරගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මඟහැරුනා.

එම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක චමත් ඉරෝෂාන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්ත්වය : ඉසිපතනය 18 – 09 විද්‍යා විද්‍යාලය

NDB තරගයේ වීරයා – වෙනුර සංගීත් (ඉසිපතන විද්‍යාලය)

රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ පැවති මෙම තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක රාජකීයන්ට හැකි වුනේ ලකුණු 22-12ක් ලෙසයි.

තරග ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වූ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කවීන් සසංග පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

ඉන් ටික වේලාවකින් ක්‍රියාත්මක වූ හස්නික හිග්ගොඩ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

පළමු අර්ධය අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වීම නිසාවෙන් එම අර්ධය අවසන් වුනේ ලකුණු 10-05ක් ලෙසයි.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 10 – 05 සාන්ත අන්තෝනි විද්‍යාලය

පළමු අර්ධයට වඩා දෙවැනි අර්ධයේ දී ආක්‍රමණශීලී ලෙස තරගයට පිවිසුණු රාජකීය විද්‍යාලය වෙනුවෙන් නවීන් පෙරේරා උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළා.

එයින් හිමි වූ ප්‍රවර්තන අවස්ථාවක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට රාජකීය ක්‍රීඩක බිම්සර පීරිස්ට හැකි වුනා.

තරගය අවසාන වීමට කෙටි වෙලාවකට පෙර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 22 – 12 සාන්ත අන්තෝනි විද්‍යාලය

NDB තරගයේ වීරයා – හස්නික හිග්ගොඩ (රාජකීය විද්‍යාලය)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<