එළඹෙන ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද?

Asia cup 2023

764

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එහි සත්කාරකත්වය වෙනත් රටකට ලැබීමේ වැඩි ඉඩක් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම, BCCI හී ලේකම් ධුරය ද හොබවන Jay Shah විසින් ACC හි හදිසි රැස්වීමකට බහරේන් වෙත පියාසර කර ඇති පවසන Hindustan Times පුවත්පත සඳහන් කරන්නේ, එහි දී එළඹෙන ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීම පිළිබඳ ඇති ගැට‍ලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

මේ පිළිබඳ එම පුවත්පත වෙනුවෙන් අදහස් දක්වා ඇති BCCI නියෝජිතයකු විසින් පවසා ඇත්තේ, ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

එම නිසා පාකිස්තානයේ සත්කාරක අයිතීන් සුරකිමින් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම හෝ නැති නම් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හෝ වෙනත් දේශයකට ලැබීමට ඉඩ ඇති බවත් එම නියෝජිතයා සඳහන් කර තිබෙනවා.

Jay දැන් සාකච්ඡාවක් වෙනුවෙන් බහරේන් වලට ගිහින් ඉන්නේ. BCCI ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ. අපිට රජයෙන් කිසිම අවසරයක් නොලැබුන නිසා පාකිස්තානයට සංචාරය කරන්නේ නැහැ.”

BCCI නියෝජිතයා විසින් එසේ සඳහන් කරන අතරේ ම, මෑතක දී පාකිස්තානයේ පෙශාවර් හී දී සිදු වූ බෝම්බ පිපිරීම නිසා පාකිස්තානයේ තරගාවලිය පැවැත්වීමේ අවදානමක් ඇති බව ද විශ්වාස කළ හැකියි.

පසුගිය වසරේ දෙසැම්බරයේ Jay Shah විසින් ආසියානු කුසලානය පැවැත්වීමට අදාළ සැලසුම් ඉදිරිපත් කළ අතර, පසුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Najam Sethi පවසා සිටියේ Jay විසින් ඒක පාර්ශවිකව තීරණ ගෙන ඇති බවයි. පසුව මෙම ගැටලුව ද තරමක් උණුසුම් වාතාවරණයක් ඇති කළා.

එමෙන්ම ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාව පාකිස්තානයට නොයන බවට Jay විසින් තරමක් මතභේදකාරී ප්‍රකාශයක් සිදු කළ අතර, එවකට PCB සභාපති ධුරය දැරූ Ramiz Raja ප්‍රකාශ කළේ ඉන්දියාව පාකිස්තානයට නො පැමිණේ නම් පාකිස්තානය ද ඉන්දියාවට (එක්දින ලෝක කුසලානය වෙනුවෙන්) නොයනු ඇති බවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<