Archerගේ හොඳම පන්දු යැවීම එලිය දුන්නේ ශ්‍රී ලාංකික හීනවලට ද?

828

පසුගිය බදාදා (01) පැවැත්වුණු දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරගයේ දී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archerගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට ලකුණු 59ක පරාජයක් උරුම වුනා.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 346ක් රැස් කළ අතර එහි දී එංගලන්තය වෙනුවෙන් Dawid Malan සහ Jos Buttler විසින් ශතක රැස් කිරීමට සමත් වුනා.

පසුව පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 43.1ක දී සියල්ලන් ම දැවී ගොස් රැස් කිරීමට සමත් වුනේ ලකුණු 287ක් පමණක් වන අතර එහි දී සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමෙ සටහන් කරමින් Jofra Archer විසින් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම පරාජය දකුණු අප්‍රිකාව පැත්තෙන් බැලූ කල තවත් එක් තරග පරාජයක් පමණක් නොවන අතර, එය මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු සහභාගීත්වය පිළිබඳ තීරණයක් ලැබෙන තීරණාත්මක තරගයක් ද වුනා.

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන Super League තරගාවලියේ ලකුණු සටහන දැන් බොහෝ දුරට සම්පූර්ණ වෙමින් පවතිනවා.

එම ලකුණු සටහනේ මුල් ස්ථාන 8 හිමිකර ගන්නා කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සෘජුවම සුදුසුකම් (Direct Qualifying) ලබා ගැනීමට හැකි වන අතර, මෙම Super League ලකුණු සටහනේ ඉතිරි වන කණ්ඩායම් 5ට ICC පූර්ණ සාමාජිකත්වය නොලද තවත් රටවල් පහක් ද සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (World Cup Qualifier) ක්‍රීඩා කිරීමට සිදු වනවා.

එම තරගාවලියේ මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගන්නා ඉතිරි කණ්ඩායම් දෙක වනු ඇත.

මේ වන විටත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් හතක් (ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය) සෘජුවම සුදුසුකම් ලබා ඇති අතර ලකුණු සටහනේ ඉතිරිව පවතින්නේ තවත් එක් ස්ථානයක් පමණයි. ඒ වෙනුවෙන් තවත් කණ්ඩායම් හයක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව) මේ වන විට තියුණු සටනක නිරත වෙමින් සිටිනවා.

පසුගිය බදාදා එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාව ලද පරාජයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 78ක් සමඟින් මෙම ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ නතර වීමට සිදු ව තිබෙනවා. (මෙහි දී ඔවුන්ට පළමුව ලකුණු 79ක් හිමි වී තිබුනත්, එම තරගයේ නියමිත කාලය තුල පන්දුවාර පනහ යැවීමට අසමත් වීම නිසා ඔවුන්ට දඬුවම් ලකුණක් හිමි වුනා.)

එම තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වී නම් ඔවුන්ට ලකුණු 89ක් හෝ 88ක් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම (ලකුණු 88) අබිබවා යමින් ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පත්වීමට ද හැකි වීමට ඉඩ තිබුණා.

(මෙහි දී එක් තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමට ලකුණු 10ක් හිමි වන අතර, තරගය තීරණයක් රහිතව අවසන් වුන හොත් එක් කණ්ඩායමකට ලකුණු 5 බැගින් හිමි වනවා.)

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු සටහනේ ලකුණු 77ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාවට පසුපසින් 10 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක්දින තරග 3ක් (නවසීලන්තය සමඟ) ඉතිරිව පවතිනවා. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ඉතිරිව ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග දෙකක් (නෙදර්ලන්තය සමඟ) පමණයි.

ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තවත් එකදු තරගයක් හෝ ඉතිරිව නැහැ. මේ අනුව නවසීලන්තය සමඟ පැවැත්වීම නියමිත එක්දින ජාත්‍යන්තර තරගාවලිය 3-0ක් ලෙස හෝ, 2-0ක් (ඉතිරි තරගය වර්ෂාව නිසා සේදී යමින්) ජයග්‍රහණය කිරීමට හැකි වේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට Super League ලකුණු සටහනේ 8 වැනි ස්ථානයට පැමිණෙමින් මෙවර එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය සමඟ තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළහොත්, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර තරගාවලිය අඩුම තරමේ 1-1ක් ලෙස නිමා වන තෙක් බලා හිඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා.

පසුගිය වසර හතර පුරාවටම නවසීලන්තය කණ්ඩායම සිය රටේ දී ක්‍රීඩා කර ඇති තරග 21න් පරාජය වී ඇත්තේ තරග 4ක් පමණක් බව මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම Super League තරගාවලියේ නියමිත තරග 24න් තරග 21ක් ක්‍රීඩා කර ඇති අතර දල ලකුණු වේගය (NRR) -0.094 ක රඳවා ගනිමින් ලකුණු 77ක් ලබා ගෙන සිටිනවා.

මීට අමතරව ලකුණු සටහනේ එකොළොස් වැනි ස්ථානයේ සිටින අයර්ලන්ත කණ්ඩායම දැනට ලකුණු 68ක් ලබා සිටින අතර ඔවුන්ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ තවත් තරග තුනක් ඉතිරිව තිබෙන අතර, ලෝක කුසලානය වෙනුවෙන් සෘජු සුදුසුකම් ලැබීම පිළිබඳ බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් ඔවුන් එම තරග තුනම ජයග්‍රහණය කළ යුතු වනවා.

ඒ අනුව පසුගිය බදාදා Jofra Archer විසින් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක්

උදා වී ඇති අතර, එය සාක්ෂාත් කර ගැනීමට හැකි වේද යන්න එළඹෙන මාර්තු මාසයේ