පැතුම් නිස්සංකට විදෙස් ලීග් තරගාවලියකට වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

633

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rangpur Riders කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

2023 වසරේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ඔහු සහභාගී වීමට නියමිත අතර එය ඔහුගේ ක්‍රීඩා දිවියේ පළමු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලිය වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන පැතුම් මෑත කාලයේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ලකුණු 214ක් ලබා ගනිමින් තරගාවලියේ හත්වැනියට වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කරන්නට ද සමත් වුනා.

2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි 06 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 7ක් තරග වදින මෙම තරගාවලිය සඳහා තරග 46ක් ඇතුළත්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<