තවත් රටකට තාවකාලික ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරමක්

704

මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් හොංකොං ක්‍රිකට් කණ්ඩායම සඳහා තාවකාලික ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (9) තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම පරාජය වීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය…

හොංකොං ක්‍රිකට් කණ්ඩායම යනු තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) යටතේ පූර්ණ සාමාජිකත්වය නොලද නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධිත කණ්ඩායමකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් වරට පූර්ණ සාමාජිකත්වය ලබා දී ඇත්තේ නේපාල ක්‍රිකට් කණ්ඩායමටයි.

මැලේසියාවේ දී ආසියානු ක්‍රිකට් කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති ක්‍රිකට් තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාගෙන ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නේපාල කණ්ඩායමට 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

කෙසේ නමුත් අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ කඩුලු දෙකක තියුණු ජයක් ලබාගත් හොංකොං ක්‍රීඩකයෝ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තේය.

අරාබි ක්‍රීඩකයින්ට ආසියානු කුසලානයේ දොර වැසේ

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී අද (06) නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේ දී එක්සත් අරාබි රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමට…

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ලෙස යම් ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අවශ්‍ය වේ නම් එම තරගයේ දී ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතුය.

”ICC එක අපේ ඉල්ලීමට ඉඩ දුන්නා, මොකද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔක්කොම පූර්ණ සාමාජිකත්වය තියෙන රටවල්. හොංකොං කණ්ඩායමට ඉන්දියාව හා පාකිස්තානය එක්ක එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න තියෙනවා. නිමා වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව හා තායිලන්තය අතර පැවති තරගය ජාත්‍යන්තර තරග ගොඩට වැටුණේ නෑ. මොකද තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවමත් ජාත්‍යන්තර වරම් ලැබිලා නෑ. නමුත් දැන් මේ සිදුවීම් පිළිබඳව හිතා බලන්න හොඳම කාලය ඇවිල්ල තියෙන්නේ.” යැයි ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීමකට අනුව ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඔවුන්ගේ ක්‍රිකට් තරග අවසන් වන තෙක් හොංකොං කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය එක්දින තරග සඳහා පමණක් හෝ තාවකාලිකව ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව ඔවුන් විසින් මේ විශේෂ තීරණය ලබාගෙන තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ දී ඉන්දියාව, පාකිස්තානය හා හොංකොං යන කණ්ඩායම් එක් කාණ්ඩයකින් ක්‍රීඩා කරන විට
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය තවත් කාණ්ඩයකින් ක්‍රීඩා කරනු ලැබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සහභාගී වන තරග දෙක මේ මස 16 වැනිදා හා 18 වැනිදා පිළිවෙළින් පාකිස්තානය හා ඉන්දියාවට එරෙහිව පැවැත්වේ. ආසියානු ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<