කොදෙව් යොවුන් ක්‍රීඩකයා මංගල තරගයේ දීම වැඩ පෙන්වයි

160

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්ථා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝසප් ඊයේ (06) දිනයේ දී සමත් වුනා. ඒ 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහිව ලකුණූ 12කට කඩුළු 6ක් දවා ගනිමිනි.

සුපිරි පියවරුන්ගේ සටනේ අවසන් වටයට ප්‍රබල කණ්ඩායම් රැසක්

කාණ්ඩයන් තුනක් යටතේ පැවැත්වෙන My Dad, My Superstar 2019 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව…

අල්සාරි ජෝසප් මෙම දක්ෂතාවය එළිදැක්වූයේ ඔහුගේ මංගල අයි. පී. එල්. තරගයේ දී වීම ද විශේෂත්වයක් විය. 22 හැවිරිදි ජෝසප් මෙහිදී පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ ලකුණූ 12ක් පමණක් වැය කරමින් කඩුළු 6ක් දවා ගත්තේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම පරදා මුම්බායි ඉන්ඩියන්ස් හට ලකුණූ 40ක ජයක් හිමිකර දෙමිනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සාර්ථකම පිතිකරු ලෙස සැලකෙන ඩේවිඩ් වෝනර්ව තමන් යැවූ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට අල්සාරි ජෝසප් සමත් විය. ඔහු ලබා ගත් එම කඩුල්ල පිළිබඳව අදහස් දක්වමින් ජෝසප් පවසා සිටියේ එය සිහිනයක් බවත්, එම අවස්ථාවට වඩා වටිනා අවස්ථාවක් සිය මංගල තරගයේ දී කිසිවෙකුටත් ලබාගත නොහැකි බවයි.

සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජය ශ්‍රී දේවානන්දයට

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන…

අබාධයකට ලක්ව සිටින නවසීලන්ත පන්දු යවන්නෙකු වන ඇඩම් මිල්න් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ජෝසප් පසුගිය මාර්තු මස 28 වන දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක් වුනා. ඔහුට මෙම තරගයේ දී මෙවැනි දස්කමක් පෑමට ඉඩකඩ සැලසුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා මෙරටට පැමිණිම හේතුවෙනි.

ජෝසප් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන්ට තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන වග දැනගත් වහාම පාලනයකින් යුතුව පන්දු යැවීම සිදු කරන්නේ යැයි දැඩිව සිතා ගත් බවයි. මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කිරන් පොලාඩ්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණූ 137ක් වූවා. ඩේවිඩ් වෝනර්ව දවා ගැනීමෙන් පසුව ජෝසප් විසින් විජේ ශන්කර්ව දවා ගත් අතර තරගයේ 16 වන පන්දුවාරයේ දී පිළිවෙළින් දීපක් හූඩා සහා රශිඩ් ඛාන්ව දවා ගැනීමට ඔහුට හැකි වුනා.

ඉන්පසුව සන්රයිසස් හයිද්‍රබාද් නායක බුවනේෂ්වර් කුමාර් දවා ගැනීමට ජෝසප් සමත් වූ අතර අවසන් කඩුල්ල ලෙසින් සිද්ධාර්ත් කාඋල්ව ඔහු දවා ගත්තේ කඩුළු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක්ට උඩ පන්දුවක් ලබා ගැනීමට ඉඩ සලස්වමිනි. මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හොඳම පන්දු යැවීමේ වාර්ථාවට හිමිකම් කීවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ පාකිස්ථාන වමත් වේග පන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් ය. 2008 වසරේ දී පැවැති පළමු අයි. පී. එල්. තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඔහු එම දක්ෂතාව දැක්විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක දී ඔවුන්ට අමතරව කඩුළු 6ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා වන අතර ඔහු ලකුණූ 19කට කඩුළු 6ක් දවා ගත්තේ 2016 වසරේ රයිසිං පුනේ සුපර් ජයන්ට් කණ්ඩායම නියෝජනය කරිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<