Archerගේ ආදේශය ලෙස නුවන් තුෂාර SA20 යයි

SA20 2024

473

එළඹෙන බදාදා දිනයේ (10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත SA20 තරගාවලියේ දී MI Cape Town කණ්ඩායම සමඟ එක් වීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අවස්ථාව හිමි වී තිබෙනවා. 

මීට පෙර MI Cape Town විසින් තම සංචිතයට එක් කර ගෙන සිටි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer වෙනුවටයි තුෂාර හට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ. 

පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වුණු 2024 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී Mumbai Indians කණ්ඩායම විසින් තුෂාරව තම සංචිතයට එක් කර ගත්තා. එහි බලපෑම මත මෙවර SA20 තරගාවලියටත් එක් වීමට ඔහුට අවස්ථාව හිමි වූ බව අනුමාන කළ හැකි. 

මේ අතර මෙවර SA20 තරගාවලියේ දී MI Cape Town කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත ව සිටි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rashid Khanට ආබාධයක් නිසා මෙවර තරගාවලිය අහිමි වන බව වාර්තා වනවා. 

මෙම ආබාධය නිසා Rashid හට ඕස්ට්‍රේලියාවේ Big Bash ලීගයට සහභාගී වීමේ අවස්ථාව ද අහිමි ව ගියා. එමෙන්ම පසුගිය දා ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයට Rashidගේ නම ඇතුළත් වුනත් ඔහු එම තරගාවලියට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ESPN Cricinfo වාර්තා කරන්නේ. 

මේ අනුව Rashid වෙනුවට Kieron Pollard විසින් MI Cape Town කණ්ඩායමට නායකත්වය සපයනු ඇති. කෙරේ වෙතත් මීට පෙර Pollard විසින් SA20 තරගාවලියට සමගාමීව ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ILT20 තරගාවලියේ MI Emirates කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත ව සිටියා.  

නමුත් පවතින තත්වය අනුව MI Emirates නායකත්වය තවත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වන Nicholas Pooran හට හිමි වනු ඇති. 

SA20 තරගාවලිය එළඹෙන 10 වැනි දා සිට පෙබරවාරි මස 10 දක්වා පැවැත්වීමට නියමිත අතර, ILT20 තරගාවලිය ජනවාරි මස 19 සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. කෙසෙ වෙතත් මෙම තරගාවලි ද්විත්වය ම නවසීලන්තයේ Super Smash, බංග්ලාදේශයේ BPL සහ ඕස්ට්‍රේලියාවේ BBL තරගාවලි සමඟ එකම කාල සීමාවක පැවැත්වීම ක්‍රීඩකයින්ට ඉතා වෙහෙසකර සහ සංකීර්ණ කාලසටහනක් නිර්මාණය කර තිබෙනවා. 

විස්සයි විස්ස ලීග් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<