රෝහල්ගත කළ ලාරාගේ අලුත්ම තත්වය

386

“ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා” (The Prince) ලෙස හැඳින්වුණු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු බ්‍රයන් ලාරා ශරීර සුවතා මධ්‍යස්ථානයේ දී පපු ප්‍රදේශයේ ඇතිවූ වේදනාවක් නිසා රෝහල්ගත කෙරුණේ අඟහරුවාදා (25) දිනයේ දීයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරග විශ්ලේෂණ වැඩසටහන් වෙනුවෙන් සහභාගී වෙමින් ඉන්දියාවේ සිටි, පනස් හැවිරිදි වියේ පසුවන ඔහුගේ වෛද්‍ය වාර්තාවන් යහපත් තත්වයේ පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.

දැනටමත් වාර්තාවන් කිහිපයක්ම ඇවිත් තියෙනවා.” ලාරාව පර්යේෂණ කිහිපයකට භාජනය කිරීමෙන් පසුව වෛද්‍යවරු නිගමන වලට එළඹෙමින් සිටිති. මුම්බායිහි රෝහලක ලාරාගේ පර්යේෂණ සිදුවේ.

Video – ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම එක්දින පිතිකරුවා – Vivian Richards

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ව ඔබට මතකද..

ලොකු දෙයක් නැති නිසා වෛද්‍යවරු සතුටු වුනා” ලාරා, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ට්විටර් ගිණුම හරහා සඳහන් කොට තිබුණි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ඉක්මවූ අයට පපු ප්‍රදේශයේ වේදනාවන් ඇතිවීම එතරම් සැහැල්ලුවෙන් සැලකිය යුත්තක් නොවන අතර හෘදයාබාධයක් නිසාම පපුවේ වේදනාවන් ඇතිවන බව ද පැවසිය නොහැකිය. ලාරා පවසන්නේ තමන් තරමක් වැඩිපුර වෙහෙසීම මීට හේතුවන්නට ඇති බවයි.

ඔහු ඉතිහාසගත පිතිකරුවෙකි.

මං හිතන්නේ උදේ මම ටිකක් වැඩිපුර මහන්සි වුනා. ඒ නිසා පපුවේ පොඩි වේදනාවක් තිබුණා. හැමදෙනාටම කියන්නට තිබෙන්නේ මම හොඳින් ඉන්න බවයි. මම හෙට නැවත මගේ හෝටලය වෙත යාවි.” ලාරා එසේ කියා තිබේ.

ක්‍රිකට් ඉතිහාසයේ පහල වූ විශිෂ්ටතම පිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන ලාරා, ටෙස්ට් ලකුණු 11,953ක සහ එක්දින ලකුණු 10,405ක හිමිකරුවෙකි. ලොව ඉහළම ලකුණු වාර්තා වූ පෞද්ගලික ටෙස්ට් ඉනිම වන නොදැවී ලකුණු 400′ වාර්තාව ද තවමත් පවතින්නේ ඔහු සතුවයි.

සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ නාමයෙන් ThePapare.com අපි ද ඔහුට ඉක්මන් සුවය පතමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<