ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය

ICC U19 Men’s Cricket World Cup 2024

267
Sri Lanka unveil squad for U19 World Cup 2024

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව ඇති 19න් පහළ එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය සිනෙත් ජයවර්ධනට හිමිව තිබෙන අතර උප නායකත්වය හිමිව ඇත්තේ මල්ෂ තරුපති හටයි.  

මෙම සංචිතය සඳහා ඇතුළත් වන ක්‍රීඩකයින් 14 දෙනෙකු නිමා වූ අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් වන අතර එම සංචිතයට ඇතුළත් වූ දිනුක තෙන්නකෝන්ගේ ස්ථානය සඳහා සුපුන් වඩුගේ කැඳවා තිබෙනවා.  

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජනවාරි මස 21 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර මූලික වටයේ අනෙක් තරග දෙක ඕස්ට්‍රේලියාව සහ නැමීබියාව සමඟ පැවැත්වෙනවා.  

මූලික වටයේ තරග වලට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජනවාරි 14 සහ 17 යන දෙදින තුළ පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එම තරගවල ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය සහ ඉන්දියාවයි. 

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය, 

  1. සිනෙත් ජයවර්ධන (නායක) – රාජකීය විද්‍යාලය, කොළඹ. 
  2. මල්ෂ තරුපති (උප නායක) – රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල.  
  3. පුලිඳු පෙරේරා – ධර්මරාජ විද්‍යාලය, මහනුවර. 
  4. රුසඳ ගමගේ – සාන්ත පීතර විද්‍යාලය, කොළඹ. 
  5. රවිශාන් ද සිල්වා – පී. ඩී. එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ. 
  6. ශාරුජන් ෂන්මුගනාදන් – සාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ.   
  7. දිනුර කළුපහන – මහින්ද විද්‍යාලය, ගාල්ල. 
  8. විශ්ව ලහිරු –  ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර. 
  9. ගරුක සන්කෙත්ලයිසියම් විද්‍යාලය, වත්තල.  
  10. විශේන් හැළඹගේ – සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය. 
  11. රුවිශාන් පෙරේරා – ආනන්ද විද්‍යාලය, කොළඹ.  
  12. විහස් තෙව්මිකතර්ස්ටන් විද්‍යාලය, කොළඹ.  
  13. දුවිඳු රණතුංග  – මහානාම විද්‍යාලය, කොළඹ.  
  14. හිරුන් කපුරුබණ්ඩාර – සාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන.  
  15. සුපුන් වඩුගේ -ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර. 

අතිරේක, 

  1. මනුල කුලරත්න (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර) 
  2. දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර) 
  3. හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන.) 

මෙම තරගාවලිය ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<