Home Sinhala Jaffna Kings දඟපන්දු යවන්නන් හමුවේ Dambulla Giants ඇඹරෙයි

Jaffna Kings දඟපන්දු යවන්නන් හමුවේ Dambulla Giants ඇඹරෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

626
Jaffna Kings vs Dambulla Giants

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jaffna Kings සහ Dambulla Giants කණ්ඩායම් අතර අද (13) පැවති තරගයෙන් කඩුලු 7ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට Jaffna Kings සමත් වුනා. තරගාවලියේ 14 වැනි තරගය ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින Jaffna Kings තරගාවලියේ playoff වටය දක්වා යෑමට ද සුදුසුකම් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Giants රැස් කළේ ලකුණු 69ක් පමණයි. එම ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී හඹා යන්නට Jaffna Kings සමත් වුනා.

අදත් වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුනත් තරගයේ ඉනිමක පන්දුවාර ප්‍රමාණය නම් අඩු කෙරුණේ නැහැ. කාසියේ වාසිය දිනා ගත් Jaffna Kings නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා.

තිසරගේ තෝරාගැනීමට උපරිම සාධාරණයක් ඉටු කළ Jaffna Kings පන්දු යවන්නන් ප්‍රබල Dambulla Giants පන්දුවාර 14ක් තුළ ලකුණු 69කට සීමා කිරීමට සමත් වුනා.

ප්‍රබල Jaffna පන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවා යන්නට සමත් වුනේ දඹුල්ල පිතිකරුවන් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්. Phil Salt පන්දු 22ක දී ලකුණු 23ක් රැස් කළ අතර තරිඳු රත්නායක හතරේ පහර තුනක් සමඟින් ලකුණු 14ක් රැස් කළා.

Dambulla Giants මුල්පෙළ සුණුවිසුණු කළ මහීෂ් තීක්ෂණ පළමු පන්දුවාරයේ දී ම නිරෝෂන් දික්වැල්ල සහ Sohaib Maqsood ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනා. ඒ තරගයේ සිව්වැනි හා පස්වැනි පන්දුවල දීයි. ලකුණු පුවරුව ලකුණු 9ක් ලෙස දිස්වන විට නුවනිඳු ප්‍රනාන්දු, මහීෂ්ගේ තෙවන ගොදුර ලෙස කඩුල්ල හැර ගියා.

මහීෂ්ගේ සහයට පන්දු යවන්නට අනෙක් අන්තය භාරගත් චතුරංග ද සිල්වා Dambulla Giants මැදපෙළ සියතට ගත්තේ කඩුලු හතරක් සිත් සේ දවා ගනිමිනුයි. දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ තරිඳු රත්නායක එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හැරී ගියේ චතුරංග ද සිල්වාගේ දක්ෂ පන්දු යැවීම හමුවේයි. සිය සොයුරාගේ සහයට ආ වනිඳු හසරංග අනෙක් අන්තයෙන් පන්දු යවමින් Phil Salt ලකුණු 23කට ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුනා.

Shoaib Malik එක් කඩුල්ලක් දවා ගත් අතර අශේන් බණ්ඩාර තමා යැවූ පළමු පන්දුවෙන්ම Dambulla Giants අවසන් කඩුල්ල දවා ගත්තා.

ලකුණු 70ක පහසු ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසුණු Jaffna Kings පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු දෙකක දී සපුරා ගත්තා. පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා පැමිණි වනිඳු හසරංග පන්දු 18ක දී ප්‍රවේගකාරී ලකුණු 37ක් වාර්තා කළේ හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමඟිනුයි.

කඩුලු තුනක් දැවී Jaffna Kings ලකුණු 70ක ඉලක්කයට ළඟා වන විට නොදැවී පන්දුවට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 22ක් රැස් කරගෙන සිටියා. ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී Imran Tahir ලකුණු 21කට කඩුලු දෙකක් බිඳ දැමුවා. Josh Little එක් කඩුල්ලක් දවා ගත්තා.


Result


Dambulla Aura
69/10 (14.1)

Jaffna Kings
71/3 (9.2)

Batsmen R B 4s 6s SR
Phil Salt b 23 22 0 0 104.55
Niroshan Dickwella c & b 1 2 0 0 50.00
Aftab Alam c & b 0 1 0 0 0.00
Nuwanidu Fernando c & b 2 7 0 0 28.57
Dasun Shanaka c & b 6 8 0 0 75.00
Ramesh Mendis lbw b 7 7 0 0 100.00
Chamika Karunaratne c & b 0 3 0 0 0.00
Tharindu Rathnayake st b 14 14 0 0 100.00
Nuwan Pradeep st b 4 12 0 0 33.33
Imran Tahir lbw b 8 8 0 0 100.00
Josh Little b 0 1 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 69/10 (14.1 Overs, RR: 4.87)
Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 21 3 5.25
Wanindu Hasaranga 4 1 16 1 4.00
Chathuranga de Sliva 4 0 16 4 4.00
Shoaib Malik 2 0 14 1 7.00
Ashen Bandara 0.1 0 0 1 0.00


Batsmen R B 4s 6s SR
Upul Tharanga c & b 2 0 0 0 0.00
Avishka Fernando not out 22 17 0 0 129.41
Wanindu Hasaranga c & b 37 18 0 0 205.56
Tom Kohler-Cadmore b 0 4 0 0 0.00
Ashen Bandara not out 4 8 0 0 50.00


Extras 6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0)
Total 71/3 (9.2 Overs, RR: 7.61)
Bowling O M R W Econ
Imran Tahir 4 0 21 1 5.25
Tharindu Rathnayake 3 0 31 0 10.33
Josh Little 2 0 7 1 3.50
Ramesh Mendis 0.2 0 7 0 35.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<