Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි

Major Club T20 Tournament 2024

56
Major Club T20 Tournament 2024 News

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මාසයේ 07 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.  

මෙම තරගාවලිය ක්‍රීඩා සමාජ 18ක් කාණ්ඩා 4ක් යටතේ පැවැත්වෙන අතර පළමු වටයේ තරග 32කින් සමන්විතයි. තරගාවලියේ එක් එක් කාණ්ඩය යටතේ කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් කර ගන්නා අතර එම තරග මැයි මස 17 වැනිදා ද සහ එම වටයේ ජයග්‍රාහී කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග මැයි මස 19 වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී ද සහ අවසන් මහා තරගය මැයි මස 21 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.  

2023 වසරේ පැවැති Major Club විස්සයි විස්ස තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Moors සහ NCC කණ්ඩායම් ද සහ ACE Capital සහ Colts කණ්ඩායම් ද තරග වැදුණ අතර එම තරවල දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබූ NCC කණ්ඩායම ද සහ කඩුලු 5ක ජයග්‍රහණයක් ලැබූ Colts කණ්ඩායම ද අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා. 

නමුත් කණ්ඩායම් 2 අතර පැවැති එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශූරතාව Colts සහ NCC කණ්ඩායම් අතර බෙදී ගියා.  

එම තරගාවලියේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් Bloomfield කණ්ඩායම නියෝජනය කළ ලහිරු මදුශංක ද, දක්ෂතම පිතිකරු ලෙසින් NCC කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග ද සහ තරගාවලියේ වීරයා ලෙසින් Moors කණ්ඩායම නියෝජනය කළ ලහිරු මධුශංක ද සම්මාන දිනා ගත්තා.  

තරගාවලියට සහභාගී වෙන කණ්ඩායම: 

  • Group A : NCC, CCC, Police SC, Ragama CC, Nugegoda S & WC
  • Group B: Moors SC, BRC, Chilaw Marians CC, Baduraliya CC
  • Group C: ACE Capital CC, Tamil Union C & AC, SSC, Negombo CC
  • Group D: Colts CC, Bloomfield C & AC, Panadura SC, Kurunegala YCC, Kandy Custom SC

තරගාවලියේ කාලසටහන 

  Date  Time  Host  Opponent   Venue 
1   

 

මැයි 07 

10-1.10  CCC  Nugegoda SWC  Bloomfield, කොළඹ 
2  2-5.10  Police SC  Ragama CC  Bloomfield, කොළඹ 
3  10-1.10  Bloomfield CAC  Kandy CSC  Surrey, මග්ගොන 
4  2-5.10  Panadura SC  Kurunegala YCC  Surrey, මග්ගොන 
5  මැයි 08  10-1.10  Moors SC  Baduraliya CC  Surrey, මග්ගොන 
6  2-5.10  BRC  Chilaw MCC  Surrey, මග්ගොන 
7  10-1.10  ACE Capital CC  Negombo CC  SSC, කොළඹ 
8  2-5.10  Tamil CAC  SSC  SSC, කොළඹ 
9  මැයි 09  10-1.10  Nugegoda SWC  NCC  Bloomfield, කොළඹ 
10  2-5.10  Kandy CSC  Colts CC  Bloomfield, කොළඹ 
11  10-1.10  Police SC  CCC  NCC, කොළඹ 
12  2-5.10  Panadura SC  Bloomfield CAC  NCC, කොළඹ 
13  මැයි 10  10-1.10  Baduraliya CC  BRC  SSC, කොළඹ 
14  2-5.10  Chilaw MCC  Moors SC  SSC, කොළඹ 
15  10-1.10  Negombo CC  Tamil CAC  Surrey, මග්ගොන 
16  2-5.10  SSC  ACE Capital CC  Surrey, මග්ගොන 
17  මැයි 11  10-1.10  NCC  Ragama CC  Bloomfield, කොළඹ 
18  2-5.10  Nugegoda SWC  Police SC  Bloomfield, කොළඹ 
19  10-1.10  Kandy CSC  Panadura SC  NCC, කොළඹ 
20  2-5.10  Colts CC  Kurunegala YCC  NCC, කොළඹ 
21  මැයි 12  10-1.10  Chilaw MCC  Baduraliya CC  Bloomfield, කොළඹ 
22  2-5.10  SSC  Negombo CC  Bloomfield, කොළඹ 
23  10-1.10  Moors SC  BRC  Surrey, මග්ගොන 
24  2-5.10  ACE Capital CC  Tamil CAC  Surrey, මග්ගොන 
25  මැයි 13  10-1.10  NCC  Police SC  Surrey, මග්ගොන 
26  2-5.10  Ragama CC  CCC  Surrey, මග්ගොන 
27  10-1.10  Colts CC  Panadura SC  NCC, කොළඹ 
28  2-5.10  Kurunegala YCC  Bloomfield CAC  NCC, කොළඹ 
29  මැයි 15  10-1.10  CCC  NCC  SSC, කොළඹ 
30  2-5.10  Kurunegala YCC  Kandy CSC  SSC, කොළඹ 
31  10-1.10  Bloomfield CAC  Colts CC  Surrey, මග්ගොන 
32  2-5.10  Ragama CC  Nugegoda SWC  Surrey, මග්ගොන 
අර්ධ අවසන් පූර්ව වටය 
33  මැයි 17  10-1.10  Q1 – A1  Q1 – D2  SSC, කොළඹ 
34  2-5.10  Q2 – D2  Q2 – A2  SSC, කොළඹ 
35  10-1.10  Q3 – B1  Q3 – C2  NCC, කොළඹ 
36  2-5.10  Q4 – C1  Q4 – B2  NCC, කොළඹ 
අවසන් පූර්ව වටය 
37  මැයි 19  10-1.10  Semi 1 – Q1  Semi 1 – Q4  NCC, කොළඹ 
38  2-5.10  Semi 2 – Q2  Semi 2 – Q3  NCC, කොළඹ 
අවසන් මහා තරගය 
39  මැයි 21  10-1.10  Winner Semi 1  Winner Semi 2  SSC, කොළඹ 

 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<