Galle ක්‍රීඩකයෝ පෙරමුණට පිවිසේ

110
NSL 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තවත් සති අන්තයක් ඊයේ (31) නිමා වූවා.

එම සති අන්තය නිමා වීමත් සමඟින් එතෙක් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව පළමු ස්ථානයේ පසු වූ Kandy ක්‍රීඩකයෝ දෙවැනි තැනට ඇද දමමින් පළමු ස්ථානයට පත් වීමට Galle ක්‍රීඩකයෝ සමත් වූවා.

ගාලු කණ්ඩායම මේ වන විට තරග 6කින් තරග 3ක ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 82.25ක් ලබා ගනිමින් ද සහ මහනුවර කණ්ඩායම තරග 7කට සහභාගී වෙමින් තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ තරග 3ක් පරාජයට පත් වෙමින් ප්‍රසාද ලකුණු 74.63ක් ද ලබා ගනිමින් පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවලට පත් වුනා.

මේ අතර ඊයේ නිමා වූ ගාල්ල සහ දඹුල්ල අතර තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූනා. එම තරගයේ ඊයේ දිනයේ දී දක්ෂතා දැක් වුවන් අතර පසිඳු සූරියබණ්ඩාර, නිමේෂ් විමුක්ති සහ පවන් රත්නායක ගේ නම් එක් වෙනවා.

15 වැනි තරගය, ගාල්ල, මාර්තු 28-31, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 425ට පිළිතුර ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 280ක් පමණයි.

ලකුණු 145ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම අරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 339ක් ලබා ගත්තා. ඒ අනුව ප්‍රතිවාදී දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලැබුණ අභියෝගය ලකුණු 485ක්. ඒ වෙනුවෙන් සිව්වැනි දිනයේ දී පිටියට පිවිසි ඔවුන් තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා සිටියා.

තරගයේ තෙවැනි දිනය නිමා වෙන්නේ ගාලු ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 143ක් ලබා සිටියදීයි. එම ඉනිම වෙනුවෙන් පන්දු 108කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 94ක් ලබා ගැනීමට පසිඳු සූරියබණ්ඩාර සමත් වුනා.

ඊට අමතර ව නිමේෂ් විමුක්ති ද පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 145ක සබඳතාවක් ගොඩ නැගුවා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ෂිරාස්, දුශාන් හේමන්ත සහ සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් දවා ගනිද්දී පවන් රත්නායක සහ නවීන් ප්‍රනාන්දු කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු ලබා ගත්තේ පවන් රත්නායක. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනිමේ දී සුමින්ද ලක්ෂාන් ලකුණු 60කට කඩුලු 2ක් දවා ගනිද්දී ධනංජය ලක්ෂාන් සහ ඉමිතියාස් ස්ලාසා කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (131.3) ඔෂද ප්‍රනාන්දු 22, පසිඳු සූරියබණ්ඩාර 83, විශාද් රන්දික නොදැවී 171, නිමේෂ් විමුක්ති 52, මිලාන් රත්නායක 26, ඩිල්ශාන් අබේසිංහ 2/38, දුශාන් හේමන්ත 3/103, සොනාල් දිනූෂ 2/81

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 280(88.4) ලසිත් කෲස්පුල්ලේ 51, සොනාල් දිනූෂ 66, චමිඳු විජේසිංහ 59, දුශාන් විමුක්ති 53, මිලාන් රත්නායක 4/51, උදිත් මධුශාන් 3/42

Galle – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 339 (80.4) ෂෙහාන් ප්‍රනාන්දු 39, සුමින්ද ලක්ෂාන් 39, විශාද් රන්දික 23, පසිඳු සූරියබණ්ඩාර 94, නිමේෂ් විමුක්ති 74, මොහොමඩ් ශිරාස් 2/40, දුශාන් හේමන්ත 2/74 සොනාල් දිනූෂ 2/102

Dambulla – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 189 (46.0) මිනෝද් භානුක 25, සනෝජ් දර්ශික 34, පවන් රත්නායක නොදැවී 71, සොනාල් දිනූෂ 19, චමිඳු විජේසිංහ නොදැවී 20, සුමින්ද ලක්ෂාන් 2/60

තරගයේ විසඳුමක් නෑ.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<