ආරොන්, සමිරු සහ මෙවිඳු දක්ෂතා දක්වයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

4

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ දී වමත් පා දඟ පන්දු යවන්නන් වූ ආරොන් ද සිල්වා, සමිරු ගිම්හාන් සහ මෙවිඳු කුමාරසිරි දක්ෂ පන්දු යැවීම්වල නිරත වුණා.   

මේ අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආරොන් ද සිල්වා. ඔහු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහි තරගයේ දී ලකුණු 37කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වන්නේ පළමු ඉනිමේ ලකුණු 9කට කඩුලු 5ක් සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 28කට කඩුලු 6ක් දවා ගනිමිනුයි.   

මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ සමිරු ගිම්හාන් ද තරගයේ දී කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහු මාතර රාහුල විද්‍යාලයට එරෙහි ව ලකුණු 87ක් ලබා දෙමින් මෙම දක්ෂතාව දැක් වූවා. එම තරගයේ ඔහු පළමු ඉනිමේ දී ලකුණු 35කට කඩුලු 6ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 5ක් දවා ගන්නවා.  

ඔවුන් දෙදෙනාට අමතර ව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ මෙවිඳු කුමාරසිරි හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහි ව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

මේ අතර නිමා වූ තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ජේඩන් අමරවීර (74) සහ මෙතුක ගුණරත්න (59), මාතර රාහුල විද්‍යාලයේ නවිරු නෙත්වන් (51), මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ තත්සිළු බණ්ඩාර (59) සහ චමෝද් මිහිරංග (නොදැවී 98) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.   

පැවැති තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර මාතර රාහුල විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගයත්, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර තරගයත් විසඳුමකින් තොර ව අවසන් වුණා.   

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional) 

කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය 

  • ධර්මපාල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 83 (41.5) තිමත් තෙනුජ 24, දිනුර නෙත්විඳු 22, මිනෝන් වර්ණසූරිය 2/27, අභීත් පරණවිදාන 2/21, ආරොන් ද සිල්වා 5/09
  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 189 (35.1) ජේඩන් අමරවීර 74, මෙතුක ගුණරත්න 59, යෙනුල හේවාවිතාරණ 40, සිතුම් සෙනුවර 2/44, නෙතුශ විදුරංග 2/27
  • ධර්මපාල විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 87 (55.2) නෙතුශ විදුරංග 44, යොමාල් ඩැනියෙල් 33, මිනෝන් වරුණසූරිය 2/16, අභීත පරණවිදාන 2/31, ආරොන් ද සිල්වා 6/28

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 19ක ජයක්.   

මාතර රාහුල විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Traditional) 

කාසියේ වාසිය – සාන්ත සර්වේශස් විද්‍යාලය 

  • රාහුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 135 (64.3) ජනිරු විජේවර්ධන 40, නවිරු නෙත්වන් 32, මුහම්මදු සධික් 2/32, සමිරු ගිම්හාන් 6/35
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (71.4) ලසිර ලක්දිනු 20, තත්සිලු බණ්ඩාර 59, චමොද් මිහිරංග නොදැවී 98, නවිරු නෙත්වන් 2/40, ආයු කවිරාජ් 3/22, නදිල් සංදේශ් 2/84
  • රාහුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 127 (38.0) නවිරු නෙත්වන් 51, චතුම් ගීනාත් 20, ප්‍රවීන් මදුශංක 4/44, සමිරු ගිම්හාන් 5/52

තරගයේ විසඳුමක් නෑ.  

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – තක්ෂිලා විද්‍යාලය 

  • තක්ෂිලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 79 (32.2) කුශාන් තීක්ෂණ 22, මෙවිඳු කුමාරසිරි 5/28, සදික දම්යුරු 2/10
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 237 (72.0) පංසිළු සිල්වා 47, සබෝද දෙව්තිළිණ 60, සදික දම්යුරු 34, මෙවිඳු කුමාරසිරි නොදැවී 27, ටෙනුශ තත්සර 2/32, රශාන් නවාංජන 2/90, රිවිනු ගුණතිලක 3/22
  • තක්ෂිලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 40 (28.0) ඔමලික අමරසිංහ නොදැවී 18, තාරුක ද සිල්වා 2/17

තරගයේ විසඳුමක් නෑ.  

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<