ගෙවුනු දවස ජුලි 28 – කුසල් නොදැවී ඉදිරියට

286
past day july - 28

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

කුසල්ගෙන් නොදැවී ශතකයක්

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද  (28) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්විය. අද දිනයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය.

තරගයේ ‍ තෙවන දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම ආරම්භයේ සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව, ලකුණු 6කට කඩුලු 1ක් ලෙස සටහන් විය. තවද ඒ වන විට ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80 පිටුපසින් සිටින ලදි.

ශ්‍රී ලංකා දෙවන ඉණිම (3 වන දිනය නිමාවන විට) – 282 -6 (80) කුසල් මෙන්ඩිස් 169* , දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, මිචෙල් ස්ටාක් 2/44, නේතන් ලයන් 2/98

සම්පූර්ණ ලිපිය: පොඩි කුසල් ගෙන් ලොකු වැඩක්


අදුරු ආලෝකය තරගයට හරස් වේ

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග එංගලන්තයේ කේම්බ්‍රිජ් හී පැවැත්වෙන පළමු සිවුදින යොවුන් ටෙස්ට්  ක්‍රිකට් තරගය බේරා ගැනීම පිලිබඳ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය. ඒ පන්දුවාර 43ක් පමණක් ක්‍රියාත්මක කිරීමට හැකිවූ ඊයේ දිනය තුළ පළමු ඉනිමේ කඩුලු 4ක් ඉතිරි කර ගනිමිනුයි.

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට නොදැවී ලකුණු 55ක් ලබා සිටි චරිත් අසලංක තම පෞද්ගලික ලකුණු එකතුව තවත් ලකුණු 26කින් ඉහලා දමාගැනීමෙන් පසු දැවී ගියේ එඩි බාන්ස්ගේ පන්දුවක් හමුවේයි. අවිශ්ක ප්‍රනාන්දු ද සටන්කාමී ලකුණු 45ක් රැස් කිරීමෙන් පසු ජෝෂ් කෝලින් යැවූ පන්දුවක් හමුවේ දැවී යන ලදී.

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 235/6 (චරිත් අසලංක – 81, සම්මු අශාන් – 51, අවිශ්ක ප්‍රනාන්දු – 45, අශේන් බණ්ඩාර – 21*, ජෝෂ් කෝලින් – 2/19, අමර් විර්දි – 2/57)

සම්පූර්ණ ලිපිය: වැස්සේ සහයත් ඇතිව යොවුන් සිංහයන් සටනේ

දවසේ නිමාව

අද දිනයේ පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවව