පවන් රත්නායක ද්විත්ව ශතකයක් ලබා ගනී

SLC National Super League 4 Day Tournament 2024

167

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට Team Dambulla කණ්ඩායමේ 21 වැනි වියේ පසුවෙන පවන් රත්නායක සමත් වූවා.  

ඔහු මෙම දක්ෂතාව දැක් වූයේ Team Jaffna කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 224ක් ලබා ගනිමිනුයි. එම ඉනිම ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

මේ අතර එම කණ්ඩායමේ 23 හැවිරිදි වියේ පසුවෙන චමිඳු විජේසිංහ ද අද ශතකයක් වාර්තා කළා. ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට ද්විත්ව ශතක සබඳතාවක් ද ගොඩ නගා තියෙනවා.  

ඊට අමතර ව Team Galle කණ්ඩායමේ මිලාන් රත්නායක අර්ධ ශතකයක් ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වද්දී පන්දු යැවීමේ දී Team Colombo කණ්ඩායමේ නිසල තාරක කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

Team Galle සහ Team Colombo 

  •   ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට 
  • කාසියේ වාසිය – Team Colombo 

පෙර දිනයේ දී ලකුණු 145කට දැවී ගිය Team Colombo ක්‍රීඩකයන්ගේ ඉනිමට පිළිතුරු ලෙසින් අද Team Galle ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 36ක් ලබා සිටි විශාද් රන්දික අද තම ඉනිම ලකුණු 96ක් දක්වා රැගෙන ගියා. ඔහුගේ ඉනිම පන්දු 201කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 10ක් එක් කර තිබුණා.  

ඊට අමතර මිලාන් රත්නායක ද අර්ධ ශතකයක් ලබා ගත්තා. ඔහු පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

කඩුලු දවා ගැනීමේ දී නිසල තාරක ලකුණු 67කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ නලින් ප්‍රියංකර කඩුලු 2 බැගින් දවා ගත්තා.  

ලකුණු 110ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Colombo ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් නිපුන් ධනංජය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත් අතර අශේන් බණ්ඩාර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත් අතර නිමේෂ් පීරිස් කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (41.3) නිපුන් ධනංජය 63, අශේන් බණ්ඩාර 23, දුනිත් වෙල්ලාලගේ 20, ධනංජය ලක්ෂාන් 2/20, උදිත් මධුශාන් 4/45, නිශාන් පීරිස් 2/36
  • Team Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (86.5) ලක්ෂාන් එදිරිසිංහ 21, විශාද් රන්දික 96, ධනංජය ලක්ෂාන් 21, මිලාන් රත්නායක 59, නිසල තාරක 5/67, දුනිත් වෙල්ලාලගේ 2/56, නලින් ප්‍රියදර්ශන 2/56
  • Team Colombo – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 110 (35.0) නිපුන් ධනංජය 30, අශේන් බණ්ඩාර නොදැවී 26, නිශාන් පීරිස් 3/32

Team Jaffna සහ Team Dambulla 

  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ 
  •  කාසියේ වාසිය – Team Dambulla 

පෙර දිනයේ කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා සිටි Team Dambulla ක්‍රීඩකයෝ අද තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 558ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 80ක් ලබා සිටි පවන් රත්නායක අද තරගය නතර කරන විට පන්දු 384කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 224ක් ලබා ගත්තා. 

ඊට අමතර ව චමිඳු විජේසිංහ පන්දු 257කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා සිටියා.  

පවන් රත්නායක සහ චමිඳු විජේසිංහ 7 වැනි කඩුල්ලට මේ දක්වා නොදැවුණ ලකුණු 242ක සබඳතාවක් එක් කර සිටිනවා.  

ඔවුන් දෙදෙනාට අමතර ව සොනාල් දිනූෂ පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ජනිත් ලියනගේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත් අතර ඊට අමතර ව ලහිරු මධුශංක සහ ශෂික දුල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Team Dambulla – පළමු ඉනිම කඩුලු 6කට 558 (166.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ශික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක නොදැවී 224, සොනාල් දිනූෂ 69, චමිඳු විජේසිංහ නොදැවී 104, රවිඳු ප්‍රනාන්දු 2/107, ජනිත් ලියනගේ 2/65)

මෙම තරග හෙට (18) තෙවැනි දිනයට පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<