Home Sinhala තරග දෙකක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව තරගාවලිය ජය ගනී

තරග දෙකක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

318

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඕස්ට්‍රේලියාව අතර අද (15) Canberra හී Manuka Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6ක ජයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

තරග පහකින් යුත් තරගාවලියේ පළමු තරග ද්විත්වයම ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කිරීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වීම නිසා ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවා ඇති අතර මුල් තරග දෙකේ දී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කුසල් මෙන්ඩිස් සංචිතයට එක් කර තිබුණා.

තෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – Aaron Finch(c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade(w), Daniel Sams, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Jeffrey Vandersay, Chamika Karunaratne, Dushmantha Chameera, Nuwan Thushara, Maheesh Theekshana

පෙර තරගවල දී මෙන්ම ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාව ඉතා ඉක්මනින් බිඳ හෙළීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක් වන විට ලකුණු 09ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 6කට දවා ගැනීමට, Kane Richardsonට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 23/2ක් බවට පත් කරමිනි. ඉන්පසු පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිසුයි.

මෙන්ඩිස් හටත් සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් Ashton Agar ඔහුගේ ඉනිම ලකුණු 4කට සීමා කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 38ක් පමණක් වන විටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ පැතුම් නිශ්ශංක ලකුණු 16කට පිටියෙන් ඉවත් කිරීමට Glenn Maxwellට හැකි වුනේ Daniel Sams ලබා ගත් සුපිරි උඩපන්දුව නිසයි.

ඉන්පසු පිටියේ එක්වූ නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ලකුණු 25කට පිටියෙන් ඉවත් වුනේ Kane Richardsonගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක නොදැවී ලකුණු 39ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී Kane Richardson කඩුලු 3ක් බිඳ හෙළුවා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Ben McDermott ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට මහීෂ් තීක්ෂණට හැකි වුනේ බලාපොරොත්තු සහගත ආරම්භයක් ගෙන දෙමිනුයි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 26ක් වන විට නැවතත් ක්‍රියාත්මක වූ මහීෂ් ලකුණු 13ක් ලබා සිටි Ashton Agar දවා ගැනීමට සමත් වුනා. ඉන්පසු පිටියට එක්වූ, Glenn Maxwell පළමු පන්දුවේම තරමක අපහසු උඩ පන්දුවක් ලබා දුන්නත් එය රැක ගැනීමට චරිත් අසලංකට හැකි වුනේ නැහැ.

ඉන්පසු තවත් උඩපන්දු කිහිපයකින් ජීවය ලැබූ Glenn Maxwell තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙසට ගෙන දෙමින් පන්දු 26ක් තුළ ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුව තෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 76ක් වන විටයි.

ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ලබා ගත් ලකුණු 35 සහ Josh Inglis නොදැවී ලබා ගත් ලකුණු 21 නිසාවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ලක් දවා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුනා.

Result


Sri Lanka
121/6 (20)

Australia
124/4 (16.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Daniel Sams b Glenn Maxwell 16 21 0 0 76.19
Dhanushka Gunathilake c Josh Hazlewood, b Kane Richardson 9 5 0 0 180.00
Charith Asalanka c Matthew Wade b Kane Richardson 6 4 0 0 150.00
Kusal Mendis c & b 4 11 0 0 36.36
Dinesh Chandimal b Kane Richardson 25 29 0 0 86.21
Dasun Shanaka not out 39 38 0 0 102.63
Chamika Karunaratne c Josh Inglis b Josh Hazlewood, 8 11 0 0 72.73
Dushmantha Chameera not out 5 2 0 0 250.00


Extras 9 (b 4 , lb 1 , nb 0, w 4, pen 0)
Total 121/6 (20 Overs, RR: 6.05)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 30 0 7.50
Josh Hazlewood, 4 0 31 1 7.75
Kane Richardson 4 0 21 3 5.25
Daniel Sams 3 0 18 0 6.00
Ashton Agar 4 0 14 1 3.50
Glenn Maxwell 1 0 3 1 3.00


Batsmen R B 4s 6s SR
Ben McDermott c Charith Asalanka b Maheesh Theekshana 0 1 0 0 0.00
Ashton Agar lbw b Maheesh Theekshana 13 13 0 0 100.00
Aaron Finch c Charith Asalanka b Jeffery Vandersay 35 36 0 0 97.22
Glenn Maxwell c Kusal Mendis b Maheesh Theekshana 39 26 0 0 150.00
Josh Inglis not out 21 18 0 0 116.67
Marcus Stoinis not out 12 8 0 0 150.00


Extras 4 (b 0 , lb 3 , nb 1, w 0, pen 0)
Total 124/4 (16.5 Overs, RR: 7.37)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 24 3 6.00
Nuwan Thushara 1.1 0 10 0 9.09
Chamika Karunaratne 2.5 0 22 0 8.80
Dushmantha Chameera 4 0 22 0 5.50
Jeffery Vandersay 4 0 32 1 8.00
Dasun Shanaka 0.5 0 11 0 22.00



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මීළඟ තරගය 18 වැනිදා මෙල්බර්න් හීදී පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සහ තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<