ශ්‍රී ලංකා – ඇෆ්ගන් T20 තරගාවලියේ ප්‍රවේශපත් විකිණී අවසන්!

Afghanistan Tour of Sri Lanka 2024

198
Tickets sold out for t20 series

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගමාලාවේ ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. 

නව ආලෝක පද්ධති ද සමඟින් නවීකරණය වූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය වන මෙම තරගාවලියේ පළමු තරගය ඊයේ (17) පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

ඊයේ පැවැත්වුණු තරගය නැරඹීම සඳහා 18,000ක ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ තිබූ අතර, තරගයේ පළමු ඉනිමෙන් පසුව ක්‍රීඩාංගණය විචිත්‍රවත් විදුලි ආලෝක ධාරාවලින් ආලෝකමත් වූ අයුරු ද විශේෂ අවධානයකට ලක් වුනා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මය සහ මෙවන් විචිත්‍රවත් අංග නිසාවෙන් ම තරගාවලියට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බව වටහා ගත හැකි අතර, ඒ නිසාම මේ වන විටත් තරගාවලියේ මීළඟ තරග ද්විත්වය සඳහා ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව කොළඹ සහ දඹුල්ලේ පිහිටුවා තිබූ ප්‍රවේශ පත්‍ර කවුළු ද්විත්වය ම වසා දැමීමට පියවර ගත් බවත්, ප්‍රවේශ පත්‍ර අපේක්ෂාවෙන් තවදුරටත් එම කවුළු වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මහජනතාවට විශේෂ දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා. 

තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය හෙට (19) පැවැත්වීමට නියමිත අතර, තෙවන තරගය එළඹෙන 21 වැනි දා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<