රොන් ශතකලාභියෙක් වෙයි

SLC National Super League 4 Day Tournament 2024

369

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තම පළමු ශතකය වාර්තා කිරීමට රොන් චන්ද්‍රගුප්ත සමත් වූවා. Team Jaffna කණ්ඩායම නියෝජනය කරන රොන් චන්ද්‍රගුප්ත මෙම ශතකය වාර්තා කරන්නේ Team Dambulla කණ්ඩායමට එරෙහිවයි.

මේ අතර අද පැවැති Team Galle සහ Team Colombo අතර තරගයේ දී Team Galle ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

Team Galle සහ Team Colombo

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Colombo

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Team Colombo ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Team Galle ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

ඉන් අනතුරු ව ලකුණු 110ක පිටුපස සිටිමින් පිටියට පිවිසි Team Colombo ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 197ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 87ක ඉලක්කයක් ලැබූ Team Galle ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 89ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

අද දවසේ දී Team Colombo කණ්ඩායම වෙනුවෙන් අශේන් බණ්ඩාර පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත් අතර ප්‍රියමාල් පෙරේරා පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී 26 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යැවූ නිශාන් පීරිස් ලකුණු 47කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නිශාන් විමුක්ති ලකුණු 69කට කඩුලු 4ක් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 87ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Team Galle ක්‍රීඩකයෝ එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කඩුලු 6ක් බිලි දුන්නා.

Team Galle ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 5ක් තුළ දැවී ගිය අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

ඊට අමතර ව ලක්ෂාන් එදිරිසිංහ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නලින් ප්‍රියදර්ශන ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (41.3) නිපුන් ධනංජය 63, අශේන් බණ්ඩාර 23, දුනිත් වෙල්ලාලගේ 20, ධනංජය ලක්ෂාන් 2/20, උදිත් මධුශාන් 4/45, නිශාන් පීරිස් 2/36
  • Team Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (86.5) ලක්ෂාන් එදිරිසිංහ 21, විශාද් රන්දික 96, ධනංජය ලක්ෂාන් 21, මිලාන් රත්නායක 59, නිසල තාරක 5/67, දුනිත් වෙල්ලාලගේ 2/56, නලින් ප්‍රියදර්ශන 2/56
  • Team Colombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 197 (73.2) නිපුන් ධනංජය 30, අශේන් බණ්ඩාර 48, ප්‍රියමාල් පෙරේරා 43, පැතුම් කුමාර 20, නිශාන් පීරිස් 6/47, නිමේස් විමුක්ති 4/69
  • Team Galle – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 89 (27.0) ලක්ෂාන් එදිරිසිංහ 28, ධනංජය ලක්ෂාන් නොදැවී 29, දුනිත් වෙල්ලාලගේ 2/41, නලින් ප්‍රියදර්ශන 4/41

Team Galle කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Team Jaffna සහ Team Dambulla

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ

o කාසියේ වාසිය – Team Dambulla

දින 2ක් තිස්සේ පිතිකරණයේ යෙදුණ Team Dambulla ක්‍රීඩකයෝ අද තම ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 619ක් ලබා තිබිය දී අත් හිටුවීමට තීරණය කළා.

එම ඉනිමේ පෙර දිනයේ නොදැවී ද්විත්ව ශතකයක් ලබා සිටි පවන් රත්නායක අද තම ඉනිම ලකුණු 240ක් දක්වා ගෙන ගියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. පවන් රත්නායක දැවී යන විට පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් සමඟින් ලකුණු 240ක් ලබා සිටියා.

ඊට අමතර ව පෙර දිනයේ නොදැවී පිටියේ රැදී සිටි චමිඳු විජේසිංහ අද තම ඉනිම ලකුණු 130ක් රැගෙන ගියා. ඔහුගේ ඉනිමට පන්දු 290ක් වැය ව තිබූ අතර හතරේ පහර 9ක් ඊට ඇතුලත් ව තිබුණා.

කඩුලු ලබා ගැනීමේ දී ජනිත් ලියනගේ, ලහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු සහ ශෂික දුල්ශාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

දැවැන්ත ඉනිමක් පසු කර යෑමට පිටියට පිවිසි Team Jaffna ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 274ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා. ඊට අමතර ව ජනිත් ලියනගේ පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 76කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව මොහොමඩ් ශිරාෂ් කඩුලු 2ක් දවා ගත් අතර සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ සහ මර්වින් අභිනාශ් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 619 (180.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ශික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක 240, සොනාල් දිනූෂ 69, චමිඳු විජේසිංහ 130, ලහිරු මධුශංක 2/79, රවිඳු ප්‍රනාන්දු 2/121, ශෂික දුල්ශාන් 2/163, ජනිත් ලියනගේ 2/65)

Team Jaffna – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 274 (70.0) නිශාන් මධුශ්ක 24, රොන් චන්ද්‍රගුප්ත 110, ජනිත් ලියනගේ 73, මොහොමඩ් ශිරාස් 2/40, දුශාන් හේමන්ත 3/76

මෙම තරගය හෙට (19) සිවු වැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<