සචිත් පතිරණට අලුත් වගකීමක්

100

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචිත් පතිරණ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු ලෙස පත් කර ඇත. 

ඉන්දීය ප්‍රබලයින් දෙදෙනෙකු විස්සයි විස්ස හොඳම දසදෙනා ආසන්නයට

නවතම අන්තර්ජාතික විස්සයි විස්ස පිතිකරු ……..

මීට සති කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සජීව වීරකෝන්, සචිත් පතිරණ ඇතුළු හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහභාගී විය.

එම සම්මුඛ පරීක්ෂණය අවසානයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු ලෙස සචිත් පතිරණ තෝරාගෙන තිබෙන අතර ඔහු මේ වසරේ ඔක්තෝබර් මස 1 සිට සිය තනතුරේ වැඩ කටයුතු ආරම්භ කරනු ඇත.

වයස අවුරුදු 31ක් වන පතිරණ තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වන අතර ජාත්‍යන්තර එක්දින තරග 18ක් සහ විස්සයි විස්ස තරග 5ක් ක්‍රීඩා කරමින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දක්වන ලදි. කෙසේ නමුත් 2017 වසරේ පැවති ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලියට පසුව ඔහුට නැවත වරක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තවමත් අවස්ථාවක් ලැබී නොමැත. 

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කර තිබෙන පතිරණ එහි දී තරග 94ක් ක්‍රීඩා කරමින් කඩුලු 320ක් දවාගෙන දස්කම් දක්වා තිබෙන අතර ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 30.57ක් වැනි මට්ටමක පවතියි. එයට කඩුලු 5 අවස්ථාවන් 21ක් ඇතුලත්ය. එපමණක් නොව ඔහු පිතිකරුවෙක් ලෙස ද ලකුණු 3714ක් රැස්කරගෙන ඇත්තේ ශතක 3ක් හා අර්ධ ශතක 22ක් වාර්තා කරගෙනයි.

ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා………

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුවෙක් වන පතිරණ තවමත් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන නොමැති වුවත්, ඔහු පුහුණුකරුවෙක් වීම සඳහා අවශ්‍ය තෙවැනි මට්ටමේ පාඨමාලාව හදාරා එය සමත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ පැවති දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී බදුරලිය ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ක්‍රීඩකයෙක් ලෙස ද සිය වගකීම ඉටුකරමිනි.  

පතිරණ ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් නියෝජනය කර තිබේ. තවද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා හා වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා ලෙස ද ඔහු විසින් තබා තිබෙන වාර්තාව අදටත් එලෙසම පවතියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<