දඬුවම් පහර වර්ෂාවක් මතින් තර්ස්ටනයිට්වරුන් ජය ලබයි

629

තරගයේ අවසාන කාල සීමාව තුළ දී මහත් පෙරළියක් සිදු කරමින් ලකුණු 24-20ක් වශයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වූයේ තම ආගන්තුකයින් වූ මහානාම විද්‍යාලයට දැඩි සටනක් දෙමින්.

2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (31) මෙම තරගය පැවැත්වුනේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී.

අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30) මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර මරදාන…

මන්දගාමී අයුරින් පිටියේ විසිරෙමින් ක්‍රීඩාවේ නිරත වූ කණ්ඩායම දෙකම සිය ගෝලයන් ආක්‍රමණය කිරීමට මුල දී දැඩි උත්සාහයක් නොගන්නා බවක් පෙනී ගිය ද යම් සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන්නට ඔවුන් කටයුතු කළා.

කෙසේ නමුත් තරගයේ නව වන මිනිත්තුවේ දී ප්‍රවර්තනයක් නොලද සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළ මහානාම විද්‍යාලයේ සී. ජයවික්‍රම තම කණ්ඩායම වෙනුවෙන් තරගයේ ප්‍රථම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තා. (මහානාම 05 – 00 තර්ස්ටන්)

ප්‍රතිවාදීන්ගේ මෙම ලකුණු ලබා ගැනීමත් සමඟම සිය අලස ක්‍රීඩා විලාසයෙන් බැහැරව සටනට අවතීර්ණ වීමට තර්ස්ටන් ක්‍රීඩකයින් ක්‍රියා කළා.

කෙසේ නමුත් මහානාම පිළ තමන්ගේ ක්‍රීඩා රටාවෙන් බැහැර නොවී තර්ස්ටන් කණ්ඩායම වෙත පීඩනය යොමු කරමින් ඉදිරියට ගමන් කරන්නට විය. මේ අතරතුර දී පන්දුව නතු කර ගත් තර්ස්ටන් ක්‍රීඩකයින් සිය ගෝලය වෙත ළඟා වීමේ දී ඔවුන්ට එරෙහිව නැගී ආ මහානාම ආරක්ෂකයෙකු අතින් සිදු වූ දෝෂයක් නිසා ලැබූ දඬුවම් පහරක් සාර්ථක කරගන්නට සී. කේ. පීරිස් හට හැකි වුනා. (මහානාම 05-03 තර්ස්ටන්)

අඩු ලකුණු පරතරයක් සහිතව ක්‍රීඩා කරමින් සිටිය දී තමන් නොසිතූ මොහොතක පීඩනය සමනය කර ගැනීමට අවස්ථාවක් ලෙස හමු වූ දඬුවම් පහරක් සුලෝචන විසින් නිවැරදි එල්ලයට යොමු කිරීමට අපොහොසත් වුනා.

කෙසේ නමුත් මහානාමය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ එන්. පී. සුදුසිංහ සිය කණ්ඩායමට යම් සහනයක් ගෙන දුන්නා. කෙසේ වූවත් සුලෝචනගේ පාදයෙන් ක්‍රියාත්මක වූ ප්‍රවර්තනය ගෝල කණු අතරින් ගමන් කළේ නැත. (මහානාම 10-03 තර්ස්ටන්)

ආනන්දීයයන් සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

2019 අන්තර් පාසල් සිංගර් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ආනන්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අද (31) පැවැත්වුණේ ආනන්ද විද්‍යාලයීය…

පන්දුව කණ්ඩායම් දෙක අතර විටෙන් විට මාරු වුවද කිසිවෙකුට උත්සාහක දිනුමක් හෝ ගෝලයක් ලබා ගැනීමට ඉඩක් නොලැබුණේ දෙපිළේම ක්‍රීඩකයින් විසින් යම් යම් දුර්වලතා ප්‍රදර්ශනය කිරීම නිසාවෙනි.

මේ අතර වාරයේ දී විනිසුරු විසින් පිරිනැමූ දඬුවම් පහරක් සී. කේ. පීරිස්ගේ පාදයෙන් සාර්ථකව එල්ල වූයේ නැත. තමන්ගේ පසුබෑම යම් දුරකට අවබෝධ කර ගත් තර්ස්ටන් පිළ ප්‍රවේගකාරී අන්දමින් සිය ගෝල රේඛාව අතික්‍රමණය කිරීමට දැරූ උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ කිරීමට මහානාම විද්‍යාලය පියවර ගනු ලැබුවා.

පළමු අර්ධය අවසාන වීමට මිනිත්තු දෙකක් පමණ ඉතිරිව තිබිය දී යම් යම් තාක්ෂණික උපක්‍රම ඔස්සේ ඉදිරියට ගමන් කළ මහානාම ක්‍රීඩකයින් තමන්ගේ ගෝල රේඛාවට බොහෝ ආසන්න වූ අතර ඉන් වාසිය ලබා ගත් එන්. චන්දිම විසින් සුලෝචනගේ ප්‍රවර්තනයෙන් හැඩ වුනු උත්සාහක දිනුමක් වාර්තා කළා. මේ අනුව තරගයේ ජයග්‍රාහි මාවතට අවශ්‍ය පසුබිම යම් දුරකට මහානාමයින් විසින් සකසා ගෙන සිටියා.

පළමු අර්ධය: මහානාම විද්‍යාලය 17 – 03 තර්ස්ටන් විද්‍යාලය

ප්‍රතිවාදී මහානාම විද්‍යාලයට වඩා ලකුණු 14ක් වැනි විශාල පරතරයක් සහිතව පසුපසින් සිටි තර්ස්ටන් පිළ දෙවන අර්ධය වෙනුවෙන් පිටියට පිවිසියේ ජවසම්පන්න අයුරකින් ය. පෙර සිදු වූ අත්වැරදීම්වලින් පන්නරය ලබමින් උපක්‍රමශීලීව සිය ගෝලය කරා ඇදෙන්නට වූ ඔවුන් මහානාම ක්‍රීඩකයින්ගේ ආරක්ෂක බැමි වල ප්‍රතිරෝධය එතරම් සැලකුවේ නැති අතර එම අවස්ථාවේ දී මහානාම ක්‍රීඩකයෙකු සිදු කළ නීති විරෝධී High Tackle ක්‍රියාවක් නිසා ලැබූ දඬුවම් පහරක් සී. කේ. පීරිස් විසින් පන්දුව නිවැරදිව ගෝල කණු අතරින් පා කර හරිමින් සාර්ථක කර ගනු ලැබුවා. (මහානාම 17-06 තර්ස්ටන්)

කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් සංදර්ශනයෙන් මලියදේවය විඩාවට පත්වේ

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (30) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල කිංග්ස්වුඩ් විද්‍යාලය…

මෙම ලකුණු ලබා ගැනීමත් සමඟම සිය ධෛර්‍ය තව තවත් ඉහළ නංවා ගනිමින් පිටියේ විසිරෙමින් තරග කළ තර්ස්ටන් ක්‍රීඩකයින් වේගවත් ඉදිරි ගමනක් පවත්වා ගත්තා. කෙසේ නමුත් ඔවුන්ගේ ගෝලය පස දී පන්දුව හිමි කර ගත් මහානාම විද්‍යාලය දැඩිව පසු බස්සවමින්  නැවත වතාවක් පන්දුවේ හිමිකාරිත්වය පවරා ගත් තර්ස්ටනයිට්වරුන් පිට පිට තෙවරක් සිය වාසියට වූ Line out අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්මින් ගෝල රේඛාව වෙත ආසන්න විය. එහි සහයෙන් තර්ස්ටන් විද්‍යාලයට තරගයේ පළමු උත්සාහක දිනුම රැස් කර දීමට ඩී. එච්. වික්‍රමාඅරච්චි සමත් වූවද සී. කේ. පීරිස් විසින් ක්‍රියාත්මක කළ එහි ප්‍රවර්තනය නිවැරදි ඉලක්කයට ගමන් කළා නැත. (මහානාම 17-11 තර්ස්ටන්)

මහානාම ක්‍රීඩක ටී. ඩී. දාබරේ සුපිරි ධාවනයක නිරත වෙමින් තර්ස්ටන් ගෝලය ආසන්නයේ සිට මධ්‍ය රේඛාවෙන් එපිටට පන්දුව ගෙන ගියේ නැගී ආ තර්ස්ටන් තර්ජනය අභියෝගයට ලක් කරමිනි.

මේ අවස්ථාවේ දී සුලෝචනගෙන් පන්දුව වෙත එල්ල වූ දරුණු පා පහරවල් ද ඔවුන්ගේ ඉදිරි ගමනට මහත් සහයක් ලබා දුන්නා. කෙසේ වෙතත් ඔහු ලැබූ දඬුවම් පහර දෙකක් අතුරින් පළමුවැන්න අසාර්ථක වූ නමුත් දෙවැන්න සාර්ථක කරගන්නට සුලෝචන සමත් වුනේ මහානාමය ලකුණු පුවරුවේ තවත් ඉහළට තල්ලු කරමින්. (මහානාම 20-11 තර්ස්ටන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තර්ස්ටන් ක්‍රීඩකයින් ද සිය ප්‍රතිවාදීන්ගේ ශීඝ්‍ර ලකුණු ලබා ගැනීම අභියෝගයට ලක් කරමිනි තව තවත් තමන්ගේ ප්‍රහාරයන් දැඩි කරන්නට වුනා. මහානාම ක්‍රීඩකයින් විටෙන් විට යම් යම් අත්වැරදීම් සිදු කිරීම නිසා තර්ස්ටන් පිළට පන්දුව හිමි වූයේ ආයාසයකින් තොරවයි. තම ගෝලයට ආසන්න අවස්ථාවක දී එක් වරම පන්දුව ඩැහැගනිමින් මීටර් 30ක පමණ දුරක් ප්‍රතිවාදීන්ව මායිම් නොකරමින් දිව ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේ එස්. නිම්සික විසින් ය. එහි ප්‍රවර්තනය ද සමඟම තවත් දඬුවම් පහරවල් ද්විත්වයක් තරගය නිමා වීමට ආසන්නයේ දී වාර්තා කරමින් තරග ජයග්‍රහණයේ දිශාව සම්පූර්ණයෙන්ම තම විද්‍යාලය දෙසට හැරවීමට සී. කේ. පීරිස් සමත් වුනා.

මේ අනුව තමන්ගේ අතින් ගිලිහි යමින් තිබූ තරගයක ජයග්‍රහණය කෙසේ හෝ නැවත තමන්ගේ නමට හරවා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින්ට හැකි වූයේ මහානාම ක්‍රීඩකයින් අසරණ කරවමිනි.

අවසන් ලකුණු තත්වය: මහානාම විද්‍යාලය 20 – 24 තර්ස්ටන් විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • මහානාම විද්‍යාලය: සී. ජයවික්‍රම 1T, එන්. පී. සුදුසිංහ 1T, එන්. චන්දිම 1T, සුලෝචන 1C 1P
  • තර්ස්ටන් විද්‍යාලය: සී. කේ. පීරිස් 4P 1C, එස්. නිම්සික 1T,  ඩී. එච්. වික්‍රමාආරච්චි 1T

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<