මහනුවර කිරුළට ලං වෙද්දී ගුවන් හමුදාව පලඟ කාණ්ඩයේ පෙරමුණට

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

207
Nippon Club Rugby 2022/23 Super Round

දේශීය රග්බි පිටිය උණුසුම් කරන Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ සුපිරි වටයේ තරග කිහිපයක් පසුගිය දා නිමාවට පත් වුනේ මහනුවර ක්‍රීඩකයින් නොකඩවා 8 වැනි ලීග් රග්බි කිරුළට පියවරක් ලං කරමිනුයි.

එමෙන්ම පොලිස් ක්‍රීඩකයින් පරදවමින් පලඟ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වූ අතර පලඟ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලබන සතියේ තීරණය වනු ඇත.

Kandy SC v Havelock SC

කණ්ඩායම් දෙක පළමු වටයේ මුණ ගැසුණු තරගයේ ප්‍රතිඵලයම වාර්තා වෙමින් Havelock ක්‍රීඩකයින් ලකුණු 29-08ක් ලෙස පරදවා අමතර ප්‍රසාද ලකුණක් සමඟ සිය අරාජිකත්වය රැක ගැනීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා.

දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට Havelock ක්‍රීඩකයින්ට හැකි වූවත්, දමිත් දිසානායක, Wajid Fawmy සහ තරිඳු චතුරංග වාර්තා කළ උත්සාහක දිනුම් නිසා පෙරමුණට පැමිණීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී දිනාල් ඒකනායක වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ අමතර ප්‍රසාද ලකුණක් දිනා ගැනීමට මහනුවර කණ්ඩායමට හැකි වූ අතර තරගයේ අවසානයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම තරගයේ අවසන් භාගයේ වාර්තා කළේ රමේෂ් මෙන්ඩිස් විසිනුයි.

අවසන් ලකුණු තත්වය: Kandy SC 29- 08 Havelock SC

CR&FC v Navy SC

සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රඳවා ගනිමින් නාවික හමුදාවට එරෙහි තරගය අමතර ප්‍රසාද ලකුණක් සමඟ ජයග්‍රහණය කිරීමට CR&FC කණ්ඩායමට හැකි වුනේ ලකුණු 37 -17ක් ලෙස තරගය අවසන් කරමිනුයි.

පළමු අර්ධයේ දී ලකුණු 12-10ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි වූවත් දෙවැනි අර්ධයේ දී කැපී පෙනෙන දස්කම් දක්වා තරගය ජයග්‍රහණය කිරීමට CR&FC ක්‍රීඩකයින් සමත් වුනා.

CR&FC වෙනුවෙන් චමෝද් මුතුනායක (02), ලහිරු පවිත්‍ර, ලසිඳු කරුණාතිලක, තේනුක නානායක්කාර, සහ රුචිර ඒකනායක උත්සාහක දිනුම් වාර්තා කරද්දී නිරෝෂ් පෙරේරා, අදීෂ වීරතුංග සහ සමිත් ධනංජය නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: CR&FC 37 – 17 Navy SC 

Air Force v CH&FC

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගය උණුසුම් සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

මෙම තරගයේ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් 5 බැගින් වාර්තා කිරීමට සමත් වූවත් ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් පෙරේරා වාර්තා කළ දඬුවම් පහර තුන නිසා තරගය ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධය අවසානයේ ලකුණු 17-18ක් ලෙස කණ්ඩායම් දෙකම කරට කර පසු වීමෙන් අනතුරුව දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් තුන බැගින් වාර්තා කිරීමට සමත් වූ අතර නුවන් පෙරේරා ලබා ගත් දඬුවම් පහරවල් නිසා තරගයේ පෙරමුණ ගුවන් හමුදාවට හිමි වුනා.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රිෂාන් සූරිය, දෙනුවන් ලක්රන්ද, තරිඳු දාබරේ, පරාක්‍රම රත්නායක සහ ශෂික ප්‍රනාන්දු උත්සාහක දිනුම් වාර්තා කරද්දී, CH&FC වෙනුවෙන් ප්‍රසාත් මධුශංක, විශ්ව කිරිඇල්ල, උදාර ජයපාල, අවිශ්ක ලී සහ ටෙරාන් තිරංගම උත්සාහක දිනුම් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: Air Force 44 – 31 CH&FC

Police SC v Army SC

අවසන් මොහොත දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසුව යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 15 -14ක් ලෙස එක් ලකුණකින් තරගය ජයග්‍රහණය කිරීමට පොලිස් කණ්ඩායමට හැකි වුනා.

Ijhaz Ahmed සහ මනෝජ් කුමාර යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූ අතර පොලිසිය වෙනුවෙන් හේෂාන් තිලකරත්න වාර්තා කළ උත්සාහක දිනුම සහ චාමර වාර්තා කළ උත්සාහක දිනුම සහ drop goal අවස්ථාව පොලිස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: Police SC 15 – 14 Army SC

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<