CR&FC සියවස සඳහා සත් සාමාජික රග්බි තරගාවලියක්

289

දේශීය රග්බි පිටියේ ඉතා ප්‍රකට රග්බි කණ්ඩායමක් වන Ceylonese Rugby and Football Club (CR&FC) ආරම්භ කර වසර සියයක් ගත වීම නිමිත්තෙන් මාර්තු 31 සිට අප්‍රේල් 02 දක්වා සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

1922 වසරේ කර්නල් E.H Joseph මහතා විසින් ආරම්භ කර මෙරටට තිලිණ කළ මෙම ක්‍රීඩා සමාජය මෙරට ක්‍රීඩා පිටියේ විශාල පෙරළියක් ඇති කිරීමට සමත් වූ අතර ඔවුන් මෙම සියවස පුරාවට රග්බි පිටියේ ඉහළ දස්කම් දැක්වීමට ද සමත් වුනා.

මෙම සත් සාමාජික රග්බි තරගාවලිය කාන්තා සහ පිරිමි යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වෙන අතර එයට අමතරව අවුරුදු 19න් පහළ ආරාධිත පාසල් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ජාත්‍යන්තර මුහුණුවරක් ගෙන එමින් කාන්තා කාණ්ඩයට සඳහා විදෙස් කණ්ඩායම් 4ක් ද එක් වීම විශේෂත්වයක්.

දින තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු දිනයේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් 12 කාණ්ඩ හතරකට වෙන් කර මූලික වටයේ තරග පවත්වා එම කාණ්ඩයට අවසන් කිරීමට නියමිතයි.

දෙවැනි දිනයේ දී ප්‍රධාන තරගාවලියේ කාන්තා සහ පිරිමි මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් දිනයේ දී කාණ්ඩ තුනෙහිම අවසන් වටයේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

  • පිරිමි කණ්ඩායම්: CH&FC, CR&FC, Havelocks SC, Kandy SC, Air Force SC, Army SC, Navy SC, Police SC.
  • කාන්තා කණ්ඩායම්: CR&FC, Air Force SC, Army SC, Navy SC, ඕස්ට්‍රේලියා කණ්ඩායමක්, ඉන්දීය කණ්ඩායමක්, තායිලන්ත කණ්ඩායමක් , Combined team.
  • පාසල් කණ්ඩායම්: ඩී.එස්. සේනානායක විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සහිරා විද්‍යාලය.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කරමින් ක්‍රීඩා සමාජයේ සභාපති හිරාන් මුත්තයියා මහතා ප්‍රකාශ කළේ,

CH&FC සත් සාමාජික තරගාවලිය තමයි සියවස් සැමරීම සඳහා සංවිධානය කර දේවල්වලින් වැඩිම අවධානය හිමි වූ දේ. ඒ වගේම අපේ ආරාධනාවට කණ්ඩායම්වලින් ලැබුණ ප්‍රතිචාරය ඉතාම හොඳයි. Longdon Place වල මතක හිටින දින තුනක් ගත කරන්න අපි වැඩ කරගෙන යනවා.”

එමෙන්ම ඔහු විසින් සැප්තැම්බර් මාසය දක්වා පැවැත්වෙන ක්‍රීඩා සමාජයේ සියවසට සමගාමී ඉසව්වන්ට අනුග්‍රහය දැක්වීමට එක් වූ පාර්ශවයන්ට ස්තුතිය පුද කර සිටියා.

මෙම උණුසුම් තරගාවලියේ විකාශන සහකරු ලෙස ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com කටයුතු කරන අතර තරගාවලියේ උණුසුම සජීවී ව විඳ ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<