16න් පහළ සමස්ත ලංකා රග්බි තරගාවලිය පෙබරවාරි මාසයේ දී

16න් පහළ සමස්ත ලංකා දස සාමාජික රග්බි තරගාවලිය 2023

334

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සහ මහනුවර රග්බි සම්මේලනය එක්ව පවත්වන අවුරුදු 16න් පහළ බාලක දස සාමාජික රග්බි තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (31) පැවැත්වුනා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති Rizly Illyas මහතා, මහනුවර රග්බි සම්මේලනයේ සභාපති කාවින්ද ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ තරගාවලියේ අනුග්‍රාහකයින් නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

මෙම තරගාවලිය පෙබරවාරි 25 සහ 26 දෙදින පුරාවට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එය සඳහා දිවයින පුරා පාසල් 30ක් සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය Nippon Paint සමාගම විසින් දරන අතර ඔවුන්ට අමතරව ප්‍රීමා කොත්තු මී, සිද්ධාලේප සහ WebXPay අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරනවා.

තරගාවලියේ පළමු දිනයේ මූලික වටයේ තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙවැනි දිනයේ දී අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා තේරීම් තරගාවලියක් වන බව ද රග්බි සභාපති Rizly Illyas මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම රග්බි පිටියේ තරගකාරීත්වය වැඩි කරමින් සියලුම පළාත් නියෝජනය වන පරිදි අන්තර් පළාත් තරගාවලි පවත්වා එක් එක් පළාත් හී හොඳම ක්‍රීඩකයින්ගෙන් පළාත් කණ්ඩායම් නිර්මාණය කර පළාත් තරගාවලියක් පවත්ව බව ද රග්බි සම්මේලනයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා.

16න් පහළ තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්,

  • මහනුවර: කිංග්ස්වුඩ් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, ශ්‍රී රාහුල විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සරසවි උයන මහා විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, සාන්ත තෝමස් මාතලේ
  • කොළඹ: රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, සහිරා විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මහානාම විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය
  • ගාල්ල: රිච්මන්ඩ් විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • සබරගමුව: කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලය
  • වයඹ: මලියදේව විද්‍යාලය
  • ඌව: සාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල, ධර්මදූත මහා විද්‍යාලය
  • උතුරු මැද: අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

මෙම තරගාවලියේ තොරතුරු ඇතුළු රග්බි පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<