ශ්‍රී ලංකා ක්‍රිකට් Fitness ගැන මාලිංගගෙන් හෙළිදරව්වක්

283

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් පවත්වනු ලබන කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හඳුන්වා දීමේ ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු කිහිපයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා හිටපු විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රීඩකයින්ට එම පරීක්ෂණයට සූදානම් වීම සඳහා අවම වශයෙන් මාස 3ක පමණ කාලයක් ලබා දුන්නේ නම් එය ඉතා සුදුසු ක්‍රියාවක් වීමට ඉඩ තිබූ බව මාලිංග සිය නිල YouTube නාලිකාව වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.

“කොරෝනා ව්‍යාප්තිය නිසාවෙන් ගොඩක් පුහුණුවීම් අඩාල වෙලා තිබුණා. නමුත් ක්‍රීඩකයින් ඔවුන්ගේ ගෙවල්වලට වෙලා හැකි විදිහට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් වර්ධනය කරගත්තා. නමුත් එක වරම අලුතින් මේ පරීක්ෂණය හඳුන්වා දී එය එක්වරම ක්‍රියාවට නැංවීම එතරම් සුදුසු නැහැ. ඒ පරීක්ෂණය විතරක් නෙමෙයි ඕනෙම දෙයක් අලුතින් කරද්දී ඒකට හැඩගැහෙන්න ඕනෙම කෙනෙක්ට යම් කාලයක් යනවා. “

තවත් ක්‍රිකට් පුවත්

මොකද එකෙන් ප්‍රයෝගිකව සිදුවෙන දේ පිළිබඳව ක්‍රීඩකයින්ව, පුහුණුකරුවන්ව ඒ හැමෝම දැනුවත් කරන්න ඕනේ. ඒක නිසා ක්‍රීඩකයින්ට එක් වරම වැටහීමක් ලැබෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා. ඒක අපේ ක්‍රීඩකයින්ට විතරක් නෙමෙයි ඕනෙම ක්‍රීඩකයෙකුට වෙන්න පුළුවන් දෙයක්. ඒක මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් වුනු අතපසුවීමක්” යැයි මාලිංග එහිදී පවසා සිටිනවා.

එසේ යම් දැක්මකට අනුව ක්‍රමානුකූලව එම පරීක්ෂණය හඳුන්වා දුන්නේ නම් එය ඉතා ප්‍රායෝගික වීමට ඉඩ තිබූ බව ලසිත් මාලිංග එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සම්පූර්ණ වීඩියෝව පහත දැක්වෙනවා,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<