පොලිසිය ජයග්‍රාහී රිද්මය රඳවා ගනිද්දි, මහනුවරට තවත් ජයක්

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය 2022/23

190
Nippon Club Rugby 2022/23 Super Round

දේශීය රග්බි පිටියේ ප්‍රධාන තරගාවලියක් වන Nippon Paint අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ තරග පසුගිය දා පැවැත්වුණා.

Kandy SC v Navy SC

වැලිසර ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් සත්කාරක නාවික හමුදාව පරදවා ලකුණු 37-28ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට මහනුවර කණ්ඩායමට හැකි වුනා.

පළමු අර්ධයේම සිය ආධිපත්‍ය පැතිර වූ නාවික හමුදාව වෙනුවෙන් එම අර්ධයේ උත්සාහක දිනුම් දෙකක් නයිජල් රත්වත්තේ විසින් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තන අවස්ථාවක් සහ දඬුවම් පහර දෙකක් තරින්ද රත්වත්තේ විසින් සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධයේ දී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂ් පෙරේරා විසින් ප්‍රවර්තන උත්සාහක දිනුමක් වාර්තා කළා.

දෙවැනි අර්ධය ආරම්භ කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නාවික හමුදා ක්‍රීඩකයින්ට හැකි වූවත්, මහනුවර නායක දමිත් දිසානායක සහ දිනාල් ඒකනායක උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

නමුත් අවසන් මිනිත්තු 15 තුළ ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්‍රීඩක අදීශ වීරතුංග සහ නිරෝෂ් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කරමින් ලකුණු පරතරය 2ක් දක්වා අඩු කිරීමට සමත් වූවත්, අමතර කාලයේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට මහනුවර ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Kandy SC 37 – 28 Navy SC

CR&FC v Havelock SC

Longdon Place හී පැවති මෙම තරගයෙන් Havelock ක්‍රීඩකයින් පරදවා ලකුණු 17-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට CR&FC ක්‍රීඩකයින් සමත් වුනා.

කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරගයේ මෙන් මෙම තරගයේ ද තියුණු මුහුණුවරක් ගත් නමුත් අවසානයේ තරගය ජයග්‍රහණය කරමින් Mathys කුසලානය ජයග්‍රහණය කිරීමට CR&FC ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: CR&FC 17 – 14 Havelock SC

Police SC v CH&FC

පසුගිය සති කිහිපයේ ලබා ගත් ඉහළ රිද්මය තව දුරටත් රඳවා ගනිමින් CH&FC ක්‍රීඩකයින් ලකුණු 41-26ක් ලෙස පරාජය කරන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම ලකුණු 19 බැගින් වාර්තා කරමින් සම තත්වයේ පසු වුනා.

දෙවැනි අර්ධයේ දී තරගයේ ආධිපත්‍ය ලබා ගත් පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 3ක් වාර්තා කිරීමට සමත් වෙද්දී, සත්කාරක CH&FC ක්‍රීඩකයින්ට එම අර්ධයේ දී සාර්ථක කර ගැනීමට හැකි වුනේ එක් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තන අවස්ථාවක් පමණයි.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් යොමාල් සාරංග, ප්‍රිමේෂ් ධනුෂ්ක, නිසල් සමාධි, මොහොම්මඩ් ෆවුමි, ජනිත් චානක, සහා ආකාශ් මධුශංක උත්සාහක දිනුම් හයක් වාර්තා කළ අතර CH&FC වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් හතර වාර්තා කළේ ප්‍රසාත් මධුශංක (02), ශෙනාල් සිල්වා සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන විසිනුයි.

අවසන් ලකුණු තත්වය: Police SC 41 – 26 CH&FC

Air Force SC v Army SC

යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 27–16ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

ගුවන් හමුදාව වෙනුවෙන් දුනාල් ප්‍රනාන්දු, දෙනුවන් ලක්රන්ද, සුදත් බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කරද්දී, දඬුවම් පහරක් සහ ප්‍රවර්තන අවස්ථා තුනක් සාර්ථකව අවසන් කිරීමට නුවන් පෙරේරාට හැකි වුනා.

යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළේ සුදාරක දික්කුඹුර සහ මනෝජ් කුමාරයි.

අවසන් ලකුණු තත්වය: Air Force SC 27 – 16 Army SC

Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<