අවසන් කඩුල්ල බේරා ගැනීමේ වාසිය සාන්ත පීතර විද්‍යාලයට

764

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට සත්කාරක සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

ත්‍රිත්ව, සාන්ත සෙබස්තියන් හා රිච්මන්ඩ් ජය ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග…

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට පැමිණීම වෙනුවෙන් දෙපිලටම මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත පීතර විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ වේල්ස් කුමර  විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 225ක් රැස්කර ගත්තේය.

>>Photos: St.Peter’s College v D.S.Senanayake College | Singer U19 Cricket Tournament 2018/19<<

වේල්ස් කුමර විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන දේවක පීරිස්, තරිඳු අමරසිංහ හා විනුජ රන්පුල් ලබාගත් වටිනා අර්ධ ශතක නිසාවෙන් වේල්ස් කුමර විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය. පන්දු යැවීමේ දී රන්මිත් ජයසේන හා කනිෂ්ක මදුවන්ත අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

තරග දෙවන හා අවසන් දිනය වෙනුවෙන් ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 3ක් ලබාගෙන තිබුණි. දකුණතින් පිතිකරණයේ නිරත වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන සන්තුෂ් ගුණතිලක දිනයේ තමා මුහුණ දුන් පළමු පන්දුවේ සිටම ඉතාමත් ආරක්ෂාකාරීව හා ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ නිරත වූයේ යළිත් වතාවක් අර්ධ ශතකයක් වෙත පිය තබමිනි.

ඔහු මේ වන විටත් මේ තරගාවලියේ ලකුණු 1000 සීමාව පසුකර යාමට සමත් වූයේ අවසන් තරග කිහිපය පුරාවටම මෙවැනි ආකාරයෙන් හෝ මීටත් වඩා ඉහළ මට්ටමින් දස්කම් දැක්වීමට සමත් වූ නිසයි.

Photos: St. Peter’s College vs Prince Of Wales College | Singer U19 Cricket Tournament 2018/19

4 පහරක් 5ක් හා එක් 6 පහරකින් අලංකාරවත් වූ සන්තුෂ්ගේ ඉනිමට ලකුණු 60 දී තිත තැබීමට වමතින් දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර සමත් විය. සන්තුෂ් හා එක්ව සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මැදපෙළ පිතිකරුවෙක් වන කනිෂ්ක මදුවන්ත තරගයේ අවසානය දක්වා ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 41*ක් රැස්කර ගත්තේය. ශැනන් ප්‍රනාන්දු  ලකුණු 27යි.

 සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබාගත් සැණින්, එනම් වේල්ස් කුමර විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට ලබාගත් ලකුණු සීමාව පසුකළ වහාම තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. තරගයේ දී දෙවනුව පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමේ කඩුලු 6ක් සඳහා සිය දායකත්වය දැක්වූ කෞමාල් නැවතත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 73ක් තුලයි.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 225 (90.5): දේවක පීරිස් 55, තරිඳු අමරසිංහ 54, විනුජ රන්පුල් 53, රන්මිත් ජයසේන 3/27, කනිෂ්ක මදුවන්ත 3/49.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 226/9 (104): සන්තුෂ් ගුණතිලක 60, කනිෂ්ක මදුවන්ත 41*, ශැනන් ප්‍රනාන්දු 27, විනුද ලියනගේ 23, කෞමාල් නානායක්කාර 6/73

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<