බස්නාහිර වයඹට පැරදේ

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

173

කන්තලේ සහ මඩකලපුවේ දී අද (03) පැවති නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ තරගවලින් බස්නාහිර පරාජය කරන්නට වයඹ ක්‍රීඩකයින් සමත් වෙද්දී, නැගෙනහිර සහ සබරගමුව අතර තරගය ගෝල රහිතව අවසන් වුනා.

අද පැවති තරග දෙකෙන් ජයග්‍රහණයකින් අවසන් වූ වයඹ සහ බස්නාහිර තරගයේ ප්‍රථමයෙන් ගෝල වාර්තා කළේ අසිකුර් රහ්මාන් විසිනුයි. ඒ තරගයේ 14 වැනි මිනිත්තුවේ දී.

පළමු ගෝලයේ උණුසුමෙන් විනාඩි 5ක් යන්නටත් මත්තෙන් සිය කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරන්නට නෙත්ම මල්ෂාන් සමත් වුනා.

පළමු අර්ධය නිමා වීමට මත්තෙන් තවත් ගෝලයක් වයඹ කණ්ඩායමට එකතු කරන්නට මොහොමඩ් ඉන්ෆාස් සමත් වුනා. ඒ තරගයේ 33 වැනි මිනිත්තුවේ දී.

මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රතිවාදී බස්නාහිර ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නේ 39 වැනි මිනිත්තුවේ දී. සුපුන් නාලක විසින් වාර්තා කර ගත් එම ගෝලයත් සමඟින් පළමු අර්ධය නිමා වුනේ ගෝල 3-1ක් ලෙස වයඹ ක්‍රීඩකයින් පෙරමුණ ගනිමිනුයි.

වයඹ ක්‍රීඩකයින්ට අභියෝගයක් එල්ල කරමින් දෙවැනි අර්ධයේ දී තරගය ජයග්‍රහණය කරන්නට බස්නාහිර ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක නිරත වුනා. ඒ අනුව බස්නාහිර ලකුණු පුවරුව ගෝල 2ක් දක්වා ඉහළ දමන්නට මොහොමඩ් හස්මීර් සමත් වුනේ 75 වැනි මිනිත්තුවේ දී.

කෙසේ නමුත් වයඹ ක්‍රීඩකයින්ට තවත් ගෝලයක් වාර්තා කරන්නට බස්නාහිර ක්‍රීඩකයින් ඉඩ ලබා නොදුන් අතර බස්නාහිර ක්‍රීඩකයින්ට ද ඉන්පසුව ගෝලයක් වාර්තා කරන්නට අවකාශයක් ලැබුණේ නැහැ.

ඒ අනුව තරග අවසන් වුනේ ගෝල 3-2ක් ලෙස වයඹ ක්‍රීඩකයින් තවත් ජයග්‍රහණයක සතුට සමරමින්.

අවසන් ලකුණු තත්වය: වයඹ පළාත 3 – 2 බස්නාහිර පළාත

ගෝල ලාභීන්:

  • වයඹ: අසිකුර් රහ්මාන් (14’), නෙත්ම මල්ෂාන් (17’), මොහොමඩ් අන්ෆාස් (33’)
  • බස්නාහිර: සුපුන් නාලක (39’), මොහොමඩ් හස්මීර් (75’)

තරගාවලියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<