උතුර ජය ගනිද්දී නැගෙනහිර – වයඹ සමව අවසන්

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

206

නැගෙනහිර සහ වයඹ පළාත් අතර තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී, ඌව ක්‍රීඩකයින්ට එරෙහිව උතුර ජයග්‍රහණය වාර්තා කරමින් අද (30) පැවති නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ තරග ද්විත්වය නිමාවට පත් වුනා.

නැගෙනහිර සහ වයඹ පළාත් අතර තරගය

යාපනය අරියාලෛයි පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති මෙම තරගය ගෝල 1-1ක් ලෙස සමව නිමාවට පත්වුනා.

තරගය ආරම්භ වී 15 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පළමු ගෝලය වාර්තා කරන්නට මොහොමඩ් ෆයාස් සමත් වුනා. කෙසේ නමුත් ප්‍රතිවාදීන්ට පළමු අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට නොහැකි වූ අතර පළමු අර්ධය නිමා වුනේ ගෝල 1-0ක් ලෙස නැගෙනහිර ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී 73 වැනි මිනිත්තුවේ දී වයඹ කණ්ඩායම ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ තරගය සම මට්ටම රැගෙන එමිනුයි. M. N.N. මොහොමඩ් විසින් වාර්තා කළ එම ගෝලයෙන් පසුව තරගයේ තීරණාත්මක ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අපොහොසත් වූ අතර ඒ අනුව ගෝල 1-1ක් ලෙස තරගය සමව නිමාවට පත්වුනා.

අවසන් ලකුණු තත්වය: නැගෙනහිර පළාත 1 -1 වයඹ පළාත

ගෝල ලාභීන්:

  • නැගෙනහිර: මොහොමඩ් ෆයාස් (15’)
  • වයඹ: M. N.N. මොහොමඩ් (73’)

උතුර සහ ඌව පළාත් අතර තරගය

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජයග්‍රහණයකින් නිමා වුනේ ගෝල 2-0ක් ලෙස ඌව ක්‍රීඩකයින් පරාජය වෙමිනුයි.

තරගය ආරම්භ වී පැය භාගයකට අධික කාලයක් යන තෙක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට කිසිවෙකුත් සමත් වුනේ නැහැ. ·

කෙසේ නමුත් 35 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ උතුරු පළාත් ක්‍රීඩක K. තෙනූෂන් වාර්තා කර ගෝලයත් සමඟින් පළමු අර්ධය නිමා වුනේ උතුරට වැඩි ගෞරවය හිමිවෙමිනුයි.

දෙවැනි අර්ධයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝලයක් රැස් කරන්නට ඌව ක්‍රීඩකයින් මාන බැලුවත්, ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථව ගිය අතර 71 වැනි මිනිත්තුවේ දී උතුර ක්‍රීඩක V. ගීතාන් විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් තරගය ගෝල 2-0ක් ලෙස අවසන් වුනේ උතුරු ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමිනුයි.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 2 – 0 ඌව පළාත

ගෝල ලාභීන්:

  • උතුර: K. තෙනූෂන් (35’), ක්‍රීඩක V. ගීතාන් (71’)

නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානයක කරන මෙම තරගාවලියේ මීළඟ තරග දෙක පෙබරවාරි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<