“දම් පැහැති හඬ” පාපන්දු පිටියට

199
Canadian women's football
Courtesy - goal.com

SheBelieves Cup තරගාවලියේ පළමු තරගයේ දී කැනඩා කාන්තා පාපන්දු කණ්ඩායම එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබුනත් ඔවුන් ඊට පැමිණියේ වෙනස් මුහුණුවරකින්.

ඔවුන් දම් පැහැති ඇඳුම් හැඳ තරගයට පිවිසුණා. ඊට හේතු වුනේ ක්‍රීඩකයන්ට සාපේක්ෂව ක්‍රීඩිකාවන්ට ගෙවන වැටුප් මදි වීම සම්බන්ධව ඔවුන් තුළ පවතින විරෝධය ඔවුන් විසින් ප්‍රදර්ශනය කිරීමයි. ක්‍රීඩිකාවන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සංගම් විසින් අදාළ ගැටලුව විසඳන තෙක් ඔවුන් දම් පැහැති නිල ඇඳුම් පැලඳ ක්‍රීඩා කරන බවයි.

එක්සත් ජනපදයට එරෙහි තරගයට පෙර ඔවුන් පැලඳ සිටි ඇඳුම් මත “Enough is enough” (ඇති කියන්නේ ඇති), යැයි සඳහන්ව තිබුණා.

“අද අපි විරෝධය පෑමක් හැටියට දම් පැහැති ඇඳුම් අඳිනවා”, කැනේඩියානු ක්‍රීඩිකාවන්ගේ සංගමය නිවේදනය කළා.

“පවතින තත්වයන් සලකා බලමින්, අපේ පාපන්දු සංගමය සම සැලකිලි සහ සම අවස්ථා ලබා දීමට අවශ්‍ය ස්ථාවර තැනකට එනතුරු අපේ ක්‍රීඩිකාවන් දිගටම දම් පැහැති ඇඳුම් අඳීවී,” ඔවුන් පැවසුවා.

අතීතයේ සිටම සම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කෙරෙන ස්ථානවල දී දම් පැහැය යොදා ගැනුණා. කෙසේ වෙතත් ගෝල 2-0ක් ලෙස තරගය පරාජය වීමට කැනඩාවට සිදු වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<