Sports Vision by Vision Care: ලංකාවේ ක්‍රීඩාවට නවීනතම තාක්ෂණය හඳුන්වා දීමේ සූදානමක්

Sports Vision by Vision Care

440
Image Courtesy STACK

ශ්‍රී ලංකාවේ පුරෝගාමී අක්ෂි සත්කාර සමාගම වන ‘Vision Care’ වසර 29කට අධික කාලයක් පුරා සේවා විශිෂ්ටත්වයක් සමඟින් ජනතාවගේ අක්ෂි හා පෙනීම සම්බන්ධ ගැටලු ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව හඳුනා ගැනීමට මේ දක්වා සමත්ව ඇත්තේ මෙරට තුළ අක්ෂි සත්කාරවලට අදාළ තාක්ෂණික විප්ලවයේ පෙරමුණේ රැඳී සිටිමිනි.

‘Sports Vision’ යනු කුමක්ද?

ඉතා කෙටියෙන් සඳහන් කළොත් ‘Sports Vision’ යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෘශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීම හරහා ඔවුන්ගේ දක්‍ෂතාවයන් ඉහළ නැංවීමේ විද්‍යාවයි. එය විශේෂඥයින් විසින් ‘visual processing’ ලෙස හඳුන්වනු ලබන මොළය සහ ඇස් අතර ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කරන විවිධ ශිල්පක්‍රම සහ පුහුණු ක්‍රම ලින් සමන්විත වේ.

ශරීරයේ සංවේදක ප්‍රතිග්‍රාහකවලින් 70%ක ප්‍රමාණයක් අපගේ ඇස් තුළ පිහිටා තිබීම හේතුවෙන් පෙනීම අප සෑම කෙනෙකුටම අතිශය වැදගත් වේ. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළව සිදුකර ඇති පරීක්ෂණ තුළින් ඔවුන් පෙනීම හරහා ග්‍රහණය කරගන්නා තොරතුරු අනෙක් සෑම සංවේදක පද්ධතියකින්ම එක්කර ගන්නා තොරතුරු අභිබවමින් ප්‍රමුඛතාවය හිමිකර ගන්නා බව අනාවරණය කරගැනීමත් සමඟ ඕනෑම ක්‍රීඩාවක සාර්ථක දක්‍ෂතා දැක්වීම කෙරෙහි පෙනීම තීරණාත්මක මෙන්ම අත්‍යාවශ්‍ය සාධකයක් බව මේ වන විට හඳුනා ගෙන ඇත.

Sports Vision ගැන තවත් දැනුවත් වෙන්න ඕන ද? +94 76 697 6278 අංකයට කතා කරලා හෝ පහළින් තියෙන form එක fill කරන්න, Sports Vision by Vision Care ඔයාව සම්බන්ධ කරගනිවි. 

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

‘Sports Vision’ ක්‍රියා කරන ආකාරය පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගැනීමට නම් ඇස්වලින් ලබා ගන්නා තොරතුරු අනතුරුව චාලක ප්‍රතිචාරයක් බවට පත්වන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.

ඒ අනුව ඇස්වලින් ග්‍රහණය කරගන්නා දෘශ්‍ය තොරතුරු පළමුව මොළය දක්වා ගමන් කරයි. එහි දී එම තොරතුරු දැන ගැනීමෙන් හෝ ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් අනතුරුව අපගේ මොළය ඒ මත ක්‍රියා කරන්නේ ද නැද්ද, ක්‍රියා කරනවා නම් ඒ කෙසේද යන්න පිළිබඳව තීරණය කරනු ලබයි. පසුව මොළය විසින් අප ශරීරයට චාලක ප්‍රතිචාරයට අදාළ සංඥාවක් ලබා දේ. මෙම මුළු ක්‍රියාවලියම ඉතා වේගයෙන් ඉතා කෙටි කාලයක් තුළ සිදුවනවා ද යත් එය සිදුවනු පවා අපට දැනෙන්නේ නැත.

ඒ අනුව මෙහි දී ‘Sports Vision’ සිදු කරනු ලබන කාර්යභාරය වන්නේ මෙම ක්‍රියාවලියේ විවිධ අංශයන්ට අදාළව ක්‍රියා කරමින් මොළයට වඩාත් ගුණාත්මක තොරතුරු කාර්යක්‍ෂම ලෙස ළඟා කිරීමට සහාය වෙමින්, මොළයට එම තොරතුරු සකස් කරගැනීමට ඉඩ සලස්වා සාර්ථක ලෙස ඒ මත ක්‍රියා කිරීමට මඟපෑදීමයි.

‘Vision Care’ සමාගමේ ‘Sports Vision’ හරහා සිදුවන්නේ කුමක්ද?

‘Vision Care’හි මෙම ක්‍රියාවලිය පියවර 3කින් සමන්විත වේ. ඒ තක්සේරු කිරීම, විශ්ලේෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම යි.

ඒ අනුව පළමුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙනීම සම්බන්ධ කුසලතාවයන් 10කට අදාළව පරීක්ෂණයකට ලක්කර ඔවුන්ගේ ප්‍රබලතාවයන් සහ ඔවුන් වැඩිදියුණු කර ගත යුතු අංශ පිළිබඳව තක්සේරු කිරීමක් සිදු වේ.

එහි දී පරීක්ෂාවට ලක්වන පෙනීමට අදාළ කුසලතාවන් 10 පහත පරිදි වේ;

  1. 1. Visual Clarity – දුරක සිට යමක් පැහැදිලිව දැකීමට ඇති හැකියාව
  2. 2. Contrast Sensitivity – විවිධ තත්වයන් යටතේ ඔබට පන්දුව හෝ ක්‍රීඩාවට අදාළ යම් වස්තුව කෙතරම් හොඳින් දැක ගත හැකි ද?
  3. 3. Depth Perception – යම්කිසි වස්තුවක් කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කිරීමට ඇති හැකියාව
  4. 4. Near/Far Quickness – වේගයෙන් අවධානය වෙනස් කිරීමට ඇති හැකියාව (ළඟ සිට දුර සහ දුර සිට ළඟ)
  5. 5. Perception Span – යම්කිසි අවස්ථාවකට අදාළව වැදගත්ම තොරතුරු ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව
  6. 6. Reaction Time – ප්‍රත්‍යක්ෂ කරගැනීම සහ ක්‍රියාකිරීම අතර කාලය
  7. 7. Multiple Object Tracking – වස්තූන් කිහිපයක් ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව
  8. 8. Target Capture – වේගවත් මාරුවීම් සහ පර්යන්ත ඉලක්කයන් හඳුනා ගැනීම
  9. 9. Eye-Hand Coordination – වෙනස්වන ඉලක්කයන්ට අතින් ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ සම්බන්ධීකරණය
  10. 10. Go/No Go – තීරණයක් ගැනීමේ සහ පීඩන සහගත අවස්ථාවල දී ප්‍රතිචාර දැක්වීමේ වේගය

මෙම තක්සේරු කිරීම අවසානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ දක්‍ෂතාවයන් සහතික කළ ‘Sports Vision’ පුහුණුකාර වරයෙකු සමඟ විශ්ලේෂණය කිරීමේ අවස්ථාව හිමි වේ. මෙහි දී ලෝකය පුරා සිදු කරන ලද මෙවන් තක්සේරු කිරීම් ඇතුළත් පරිගණක දත්ත ගබඩාවක් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම තමන්ගේ ප්‍රතිඵල සිය ක්‍රීඩාවේ ලෝකයේ සිටින ප්‍රබලතමයින්ගේ ප්‍රතිඵල සමඟ සංසන්දනය කොට ඔවුන්ගේ ‘Sports Vision’ පුහුණුකරුගේ ද සහයෝගය ඇතිව තමන් වැඩිදියුණු කරගත යුතු අංශයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

යම්කිසි ක්‍රීඩකයෙකු ඉහත කුසලතාවයන්ට අදාළව තමන් ළඟා විය යුතු ඉලක්කයක් තීරණය කරගැනීමෙන් අනතුරුව පෙර සිදු කරන ලබා තක්සේරු කිරීමේ ප්‍රතිඵල මත පදනම් වෙමින් ඔහු හෝ ඇය වෙනුවෙන් ම සකස් කරනු ලබන පුහුණු සැලැස්මක් නිර්මාණය කෙරෙන අතර මීළඟ සති 4-6ක කාලය තුළ ඒ මත කටයුතු කිරීම සිදු වේ.

ක්‍රීඩාවේ වෙනත් පුහුණු ක්‍රමවල දී මෙන්ම මෙහි දී ද අනුකූලතාවය සහ විනය අතිශය වැදගත් වන අතර ‘Vision Care’හි ‘Sports Vision’ යෝජනා කර සිටින්නේ සතියකට අවම වශයෙන් පැයක කාලයක් සති 8-12ක් පුරාවට (මෙහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළිත් තක්සේරු කිරීමකට භාජනය වේ) පුහුණු වීම හරහා ඔවුන්ගේ දෘශ්‍ය කුසලතාවලට අදාළව ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

අපගේ ශරීරයට මගපෙන්වන්නේ අපගේ ඇස් වන අතර ඇස් පාලනය කරනු ලබන්නේ අපගේ මොළය යි. ඒ අනුව ‘Sports Vision’ යනු මෙම අතිශය වැදගත් ඉන්ද්‍රියන් පුහුණු කර ශක්තිමත්, වේගවත් සහ කාර්යක්‍ෂම බවට පත්කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමේ දී තීරණාත්මක වාසියක් අත්කර දෙනු ලබන කායවර්ධන මධ්‍යස්ථානයක් වැනිය.

Sports Vision ගැන තවත් දැනුවත් වෙන්න ඕන ද? +94 76 697 6278 අංකයට කතා කරලා හෝ පහළින් තියෙන form එක fill කරන්න, Sports Vision by Vision Care ඔයාව සම්බන්ධ කරගනිවි. 

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<