e-Sportsහි නිරත ඔබට දක්‍ෂතා ඉහළ නංවාගන්න කදිම අවස්ථාවක්

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Visionහි ‘Elevate Your Game’ | 1 කොටස - පරිගණක ක්‍රීඩා

221
Helena Kristiansson

පරිගණක ක්‍රීඩාවන් අතීතයේ දී ක්‍රීඩා සංස්කෘතියේ උප කුලකයක් ලෙස සැලකෙන්නට වුනත් මේ වන විට එය විශේෂිත කර්මාන්තයක් බවට වර්ධනය වී ඇත්තේ ඉදිරියේ දී එය තව තවත් වර්ධනය වන පෙර නිමිති පෙන්වමිනි. 

Statista ඇස්තමේන්තුවලට අනුව 2023 වර්ෂයේ අවසානය වන විට ලොව පුරා පරිගණක ක්‍රීඩාවල නිරත වන්නන් සංඛ්‍යාව බිලියන 3කටත් අධික සංඛ්‍යාවක් ගනු ඇති අතර ඉන් 50%කට අධික සංඛ්‍යාවක් ආසියා ශාන්තිකර කලාපය නියෝජනය කරනු ඇත. 

පසුගිය දශකයක කාලය පිළිබඳව සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව තුළ ද පරිගණක ක්‍රීඩා අංශය ඉතා සීඝ්‍රගාමී දියුණුවක් අත්කර ගෙන ඇති අතර ජංගම දුරකථන ක්‍රීඩාවන්ගේ වර්ධනය ඊට බෙහෙවින් ඉවහල් වෙමිනි. Gamer.lk ප්‍රධාන විධායක නිලධාරි රවීන් විජයතිලක පවසන අන්දමට ශ්‍රී ලාංකිකයෝ මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් මෙවන් ක්‍රීඩාවල නිරත වීමට ළැදියාවක් දක්වති. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනයෙන් 14%ක සංඛ්‍යාවකි. 

මෙවන් පසුබිමක් තුළ පසුගිය වසර දෙකක කාලය තුළ මෙය තවත් ඉහළ වර්ධනයක් අත්කර ගන්නට සමත්ව ඇත්තේ COVID-19 වසංගත තත්වයත් සමඟ බොහෝ දෙනෙකු හට තම නිවෙස් තුළට වී කාලය ගතකිරීමට සිදුවීමත් සමඟ ය. 

ඒ අනුව ඔබ මෙවන් ක්‍රීඩාවල නිරත වන්නේ විනෝදාංශයක් ලෙස වුවත්, තරගකාරී ක්‍රීඩාවක් ලෙස වුවත් ඔබගේ ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට නම් ඔබට අනිවාර්යයෙන් ඔබගේ දක්‍ෂතාවයන් සහ හැකියාවන් ඉහළ නංවා ගැනීමට සිදු වනු ඇති බව නොඅනුමාන ය. 

එම ප්‍රතිවාදියා ඔබ සමඟ එකම නිවසේ සිටින ඔබගේ සහෝදරයා හෝ සහෝදරිය හෝ එසේත් නැත්නම් ඔහු හෝ ඇය රටේ අනෙක් අන්තයේ සිටිනවා විය හැක. මේ කුමක් වුවත් ඔබ ඔබගේ ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් සිටීම අතිශය වැදගත් ය. 

ඉතින් එහි දී Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision කෙරෙහි ඔබේ අවධානය යොමුකිරීම වැදගත් වේ. Sports Vision යනු දෘශ්‍ය කුසලතාවයන් ඉහළ නැංවීම හරහා ඔබගේ ක්‍රීඩා දක්‍ෂතාවය ඉහළ නැංවීමේ විද්‍යාව යි. ඒ අනුව එය විශේෂඥයින් විසින් ‘visual processing’ ලෙස හඳුන්වනු ලබන මොළය සහ ඇස් අතර ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කරන විවිධ ශිල්ප ක්‍රම සහ පුහුණු ක්‍රමවලින් සමන්විත වේ.

මෙම ‘visual processing’ ක්‍රියාකාරකම පරිගණක ක්‍රීඩාවල නිරත වීමේ දී අප හිතනවාටත් වඩා අතිශය වැදගත් විය හැක. 

ඒ අනුව ඔබ Sports Vision සමඟ එක්වීමට අදහස් කරන්නේ නම් එහි දී ඔබට ඔබේ තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට මඟපාදන කුසලතාවයන් 5ක් පිළිබඳව මෙම ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නෙමු. 

  • Reaction Time – ප්‍රත්‍යක්ෂ කරගැනීම සහ ක්‍රියාකිරීම අතර කාලය

පරිගණක ක්‍රීඩාවන් යනු ඉතා ඉහළ වේගයකින් සිදු වන ක්‍රියාකාරකමකි. ඒ අනුව පරිගණක ක්‍රීඩකයින් හට එහි දී වේගයෙන් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ප්‍රතික්‍රියා දැක්වීමට සිදු වේ. පරිගණක ක්‍රීඩාවල නිරත වීමේ දී ඔබ ක්‍රීඩා කරන්නේ තරගකාරීව වුවත් එසේ නැතත්, බහු ක්‍රීඩක ක්‍රමය යටතේ වුවත් එසේ නැතත්, තරගය තුළ ඇති වන විවිධ අවස්ථාවන්ට ඔබ කෙතරම් වේගයකින් ප්‍රතික්‍රියා දක්වනවා ද යන්න ඔබගේ සාර්ථකත්වයට තීරණාත්මක සාධකයක් වේ. 

ප්‍රතික්‍රියා කාලය යනු e-sports තලය තුළ වෘත්තීය ක්‍රීඩකයින් තක්සේරු කිරීමට යොදාගන්නා මාත්‍රිකයන් අතරින් ද එකකි. ඒ අනුව ඔබ මෙවන් ක්‍රීඩාවල නිරත වන්නේ ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් හෝ එසේත් නැත්නම් කොන්සෝලයෙන් වුවත් ඔබ එහි දී ඉහළ දක්‍ෂතා දැක්වීමට නම් ඔබගේ ප්‍රතික්‍රියා කාලය වර්ධනය කරගැනීම ඊට හොඳම ක්‍රමයක් බව තහවුරු වේ. 

  1. Eye-Hand Coordination – වෙනස්වන ඉලක්කයන්ට අතින් ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ සම්බන්ධීකරණය

කලින් සඳහන් කළ පරිදි ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය වර්ධනය කර ගැනීමට නම් ඊට වෙනස් වන ඉලක්කයන්ට අතින් ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කර ගැනීම ද උපකාරී වේ. අපගේ ඇස්වලින් ග්‍රහණය කරගන්නා දේට අපගේ චාලක කුසලතාවයන් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ප්‍රතික්‍රියා දැක්වීම පරිගණක ක්‍රීඩාවන් වැනි අතිශය වේගවත් ක්‍රියාකාරකමකට බෙහෙවින් වැදගත් වේ. 

ඒ අනුව තරගයක් අතරතුර දී දෑස් ග්‍රහණය කරගන්නා දේට ඔබගේ දෑත්වලින් ඉතා වේගයෙන් ඵලදායීව ඔබට ප්‍රතිචාර දැක්වීමට හැකි නම් එම ක්‍රීඩාවේ දී ඔබට ඉහළ දක්‍ෂතා දැක්වීමට හැකි වනු ඇති බව නොඅනුමාන ය. 

  1. Multiple Object Tracking – වස්තූන් කිහිපයක් ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව

ජංගම දුරකථනයේ ඔබ Call of Duty හෝ League of Legends වැනි ක්‍රීඩාවන් ක්‍රීඩා කර ඇත්නම් වස්තූන් කිහිපයක් කෙරෙහි එකවර අවධානය යොමුකිරීමට ඇති හැකියාව අතිශය තීරණාත්මක කුසලතාවයක් වන බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. එක් දෙයකට අවධානය යොමුකිරීමට ඇති හැකියාව වැදගත් බව‍ට කිසිදු සැකයක් නැත. නමුත් මෙවන් ක්‍රීඩාවල දී ඒවායේ නියැලෙන ක්‍රීඩකයින් හට නොනවත්වා ම සිතියම්, කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් මෙන්ම තවත් විවිධ වූ අවස්ථාවන් වලට එක් වරක දී අවධානය යොමුකිරීමට සිදු වන අතර ඒ අනුව ඔබට සම්පූර්ණ තත්වයට ම අදාළව හොඳ අවධානයක් පවත්වා ගත හැකි නම් එහි දී අනිවාර්යයෙන් ම ඔබ ඉහළ දක්‍ෂතා දක්වනු ඇත. 

  1. Go/No Go – තීරණයක් ගැනීමේ සහ පීඩන සහගත අවස්ථාවල දී ප්‍රතිචාර දැක්වීමේ වේගය

අප පෙර සඳහන් කළ පරිදි පරිගණක ක්‍රීඩාවන් යනු ඔබ වේගයෙන් ප්‍රතික්‍රියා දැක්විය යුතු ක්‍රියාකාරකමකි. නමුත් මෙහි දී වැදගත් වන්නේ ඔබ ප්‍රතික්‍රියා දක්වන වේගය පමණක් නොවේ. ඒ අනුව මෙවන් ක්‍රීඩාවල නිරත වීමේ දී විවිධ අවස්ථාවල දී ඔබට හැකිතාක් වේගයෙන් ඉතා නිවැරදිව තීරණ ගැනීමට සිදු වේ. එසේත් නැත්නම් එය ඔබගේ පරාජයට සෘජුව ඉවහල් වනු ඇත. 

උදාහරණයක් ලෙස FIFA හෝ NBA 2K වැනි පරිගණක ක්‍රීඩාවක් ගතහොත් එහි දී ඔබට පන්දුව හුවමාරු කරනවා ද එසේත් නැත්නම් ප්‍රහාරයක් කරා යොමුවනවා ද, ආරක්‍ෂාකාරී ක්‍රමයක් කරා යොමුවනවා ද එසේත් නැත්නම් ඉක්මන් ආක්‍රමණශීලී අවස්ථාවක් කරා යනවා ද වැනි තීරණ දැඩි පීඩන සහගත තත්වයන් තුළ දී තත්පරයකටත් අඩු කාලයකින් ඔබට ලබා ගැනීමට සිදු වනු ඇත. ඒ අනුව ඔබ ඉදිරියේ ඇති තොරතුරු ග්‍රහණය කරගනිමින් ඊට අදාළව වඩාත් නිවැරදි ම හා ඵලදායී ම තීරණය කරා එළඹීමට ඇති හැකියාව ඔබේ go/no go කුසලතාවය මත පදනම් වේ. 

  1. Perception Span – යම්කිසි අවස්ථාවකට අදාළව වැදගත් ම තොරතුරු ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව

ඔබ වටා වියවුල් සහගත සිදුවීම් විශාල සංඛ්‍යාවක් ඇති ඉතා අවුල් සහගත තත්වයන් වලට මෙවන් ක්‍රීඩාවල දී ඔබට නිරන්තර මුහුණ දීමට සිදු වේ. ඒ අනුව එවන් තත්වයන් වලදී තමා වටා ඇති තොරතුරුවලින් ඒ අවස්ථාවට අදාළව වැදගත් ම තොරතුරු ග්‍රහණය කරගැනීමට ඔබ දක්වන කුසලතාවය ඔබගේ ජයග්‍රහණයට මනා පිටිවහලක් සපයනු ඇත. 

අනෙක් ශාරීරික කුසලතාවයන් මෙවන් ක්‍රීඩාවල දී එතරම් තීරණාත්මක සාධක නොවන බැවින් මෙහි සඳහන් කර ඇති කුසලතාවයන් පරිගණක ක්‍රීඩාවල නිරත වන්නන්ට අතිශය වැදගත් වේ. ඒ අනුව අනෙක් ක්‍රීඩාවල දී ඔබගේ ශාරීරික යෝග්‍යතාවය සමස්තයක් ලෙස ඔබගේ දක්‍ෂතාවයන් වලට බෙහෙවින් ඉවහල් වුනත් පරිගණක ක්‍රීඩාවල දී එය එසේ සිදු නොවේ.

topendsports.com

පරිගණක ක්‍රීඩකයින් හට Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision සහය විය හැක්කේ කෙසේ ද?

Sports Vision වැඩසටහනේ අන්තර්ගත තක්සේරු කිරීම, විශ්ලේෂණය කිරීම සහ වර්ධනය කිරීම යන අදියරයන් ඔස්සේ ඉහළ දක්වා ඇති කුසලතාවයන් දියුණු කරගැනීමට ඔබට Sports Vision සහතිකලත් පුහුණුකරුවෙකු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව හිමි වේ. 

ඊට අමතරව මෙම වැඩසටහන පුරාවට යොදාගනු ලබන Senaptech Sensory Station, Strobe eyewear සහ Binovi Technology වැනි ඉතා වැඩිදියුණු කරන ලද තාක්‍ෂණයන් ඔස්සේ ඔබට ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් ඉහළ නංවාගැනීමේ හැකියාව පවතී. 

තවත් කියවන්න:

එමෙන්ම මෙහි ඇති සුවිශේෂී ම කාරණය නම් මෙම සේවාවන් ලබා ගැනීමට ඔබ වෘත්තීය ක්‍රීඩකයෙකු වීම අනිවාර්ය නොවේ. ඔබ විනෝදාංශයක් ලෙස ජංගම දුරකථනයේ මෙවන් ක්‍රීඩාවල නියැලෙන්නෙක් වුවත්, එසේත් නැත්නම් වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස මේවායේ නියැලුනත්, ඔබට Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision සහය ලබාගෙන ඔබගේ තරගකාරීත්වය ඉහළ නංවාගත හැක.

Sports Vision පිළිබඳව ඔබට තවත් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ද? එසේ නම් +94 76 697 6278 දුරකථන අංකය ඔස්සේ ඔවුන් හා සම්බන්ධ වන්න. එසේත් නැත්නම් පහළ පෝරමය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision ඔබව සම්බන්ධ කරගනු ඇත. 

***********************

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හි ‘Elevate Your Game’ යනු කුමක් ද?

‘Elevate Your Game’ යනු Vision Care හි Sports Vision සහ ThePapare.com එක්ව Sports Vision විශේෂඥයින් ලබාදෙන සහයෝගය හරහා ඔබට ඔබගේ ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට මඟ පාදා ගත හැකි ආකාරය පිළිබඳව ගෙන එනු ලබන ලිපි සහ වීඩියෝ පට මාලාවකි. 

ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට අදාළව තවත් වැඩිදුර ලිපි සඳහා රැඳී සිටින්න අපත් සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<