Vision Care මඟින් ගෙන එනු ලබන ‘Sports Vision’ හි පුහුණුව හා තාක්‍ෂණය

Sports Vision by Vision Care

223

Vision Care විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Sports Vision’ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෘශ්‍ය දක්‍ෂතාවය ඉහළ නැංවීම සඳහා ඉතා දියුණු තාක්‍ෂණයන් උපයෝගී කරගනු ලබයි.

මෙය සිදුවන්නේ 45,000කට අධික සටහන් සංඛ්‍යාවක් ඇති දත්ත ගබඩාවකට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෘශ්‍ය කුසලතාවයන් 10ක් පරීක්‍ෂාවට ලක්කෙරෙන තක්සේරු කිරීමකින් සහ විශ්ලේෂණයකින් අනතුරුව වේ.

මෙම දෘශ්‍ය දක්‍ෂතාවය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ට අනුකූලව සිදුවන්නක් වන අතර ඒ අනුව එහි දී ඒ එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාව වෙනුවෙන්ම නිර්මාණය කරනු ලබන සැලැස්මක් භාවිතයට ගනු ලැබේ.

ඒ අනුව එහි දී දෘශ්‍ය දක්‍ෂතාවයන් වැඩිදියුණු කරගැනීමට උපයෝගී කරගන්නා විශේෂ උපකරණ සහ පුහුණු ක්‍රමවේද පිළිබඳව අපි දැන් සොයා බලමු.

Senaptec Sensory Station

මෙය සංවේදක ඇගයීම සහ පුහුණු කිරීම හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෘශ්‍ය සහ සංවේදක කුසලතාවයන් මැන බලා ඒවා වර්ධනය කිරීමට යොදාගත හැකි ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපයකි.

මේ හරහා ක්ෂණික ප්‍රතිඵල ලබා දෙනු ලබන අතර ඒවා ලොව පුරා ‘Sports Vision’ දත්ත ගබඩාවන් තුළ ඇති දත්ත සමඟ ක්‍රීඩාව, තරගකාරී තලය සහ ස්ථානය යන අංශ 3 ඔස්සේම සංසන්දනය කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම මේ තුළ ඇති විශ්ලේෂණ විශේෂාංගය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ ශක්තීන් මෙන්ම ඔවුන් වැඩිදියුණු කරගත යුතු අංශ ද හඳුනාගත හැකිය. ඒ අනුව මෙය මෙහි සඳහන් කර ඇති දෘශ්‍ය කුසලතාවයන් 10 ම ඉහළ නැංවීම සඳහා යොදාගනු ලැබේ.

Strobe Eyewear

මෙය ‘Sports Vision’ හිදී ඉතා වැඩි වශයෙන් භාවිතයට ගන්නා උපකරණ අතරින් එකකි. මෙම strobe goggles නිර්මාණය කර ඇත්තේ ඇස්, මොළය සහ ශරීරය අතර සම්බන්ධතාවය පුහුණු කර ශක්තිමත් කිරීම වෙනුවෙනි. එහි ඇති කාචයන් ‘liquid crystal’ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැහැදිලි සහ පාරාදෘශ්‍ය බව අතර චංචලනය වෙමින් දෘශ්‍ය තොරතුරු ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර ඒ හරහා අදාළ පරීක්ෂණයට ලක්වන්නා හට පෙනීම අපහසු කටයුත්තක් බවට පත්කරයි. මේ තුළින් අවසානයේ ඔවුන්ගේ ඇස්, මොළය සහ ශරීරයට දෘශ්‍ය තොරතුරු ඉතා කාර්යක්‍ෂමව සකස් කරගැනීමට පෙළඹවීමක් ලබා දේ.

ඒ අනුව මෙම strobe goggles’ සමඟ පුහුණු වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරග අතරතුර දී දෘශ්‍ය තොරතුරු වේගවත්ව සකස් කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය වර්ධනය කිරීම සඳහා මෙය අත්‍යාවශ්‍ය උපාංගයකි. එමෙන්ම එය තවදුරටත් ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාවය, දෘශ්‍ය මතකය සහ ස්නායු ස්ථායීතාවය වැඩිදියුණු කිරීමට මෙන්ම සංහනනය වැළැක්වීමට ද උපකාරී වේ.

Sports Vision ගැන තවත් දැනුවත් වෙන්න අවශ්‍ය ද? +94 76 697 628 අංකයට අමතන්න හෝ පහළින් තිබෙන form එක fill කරන්න, Sports Vision by Vision Care විසින් ඔබව සම්බන්ධ කරගනු ඇත.

Virtual Reality

මේ හා සම්බන්ධ තාක්ෂණයන් පසුගිය අවුරුදු කිහිපය පුරාවටම ක්‍රීඩා පුහුණු කටයුතු සඳහා ඉතා වැඩි වශයෙන් යොදාගැනීමේ ප්‍රවණතාවයක් දැකගත හැක. ඒ අනුව ‘Sports Vision’ හිදී මෙම VR තාක්ෂණය දෘශ්‍ය කුසලතාවයන් ඉහළ නැංවීම සඳහා ත්‍රිමාණ පරිසරයක් තුළ සාර්ථකව උපයෝගී කරගැනීමේ හැකියාව පවතී.

මේ හරහා ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාව, ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය, දෘශ්‍ය මතකය, පර්යන්ත දැනුවත්භාවය සහ යම්කිසි වස්තුවක් කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කිරීමට ඇති හැකියාව වැනි කුසලතාවයන් වර්ධනය කරගත හැක.

The Fitlight Trainer

මෙය විදුලි බුබුළු සහ පාලකයකින් සමන්විත රැහැන් රහිත ප්‍රතික්‍රියා පුහුණු පද්ධතියකි. මෙහි ඇති ‘fitlights’ එය භාවිතා කරන්නා අක්‍රිය කළ යුතු ඉලක්කයන් ලෙස භාවිතා කෙරෙන අතර එය ‘Sports Vision’ නියමාවලීන් කිහිපයකටම අනුව අනුවර්තනය සහ සකස් කරගැනීමේ හැකියාව පවතී.

ඒ අනුව පුහුණු කරුවන් හට සැබෑ තරග අවස්ථාවන් නිර්මාණය කර වැඩිදියුණු කළ යුතු කුමන හෝ අංශයක් වේ නම් එය දියුණු කිරීමට කිරීම සඳහා මෙය උපයෝගී කරගත හැක. එමෙන්ම මේ හරහා පුහුණු කරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසියම් දෘශ්‍ය කුසලතාවයකට අදාළ දත්ත ඉතා ගැඹුරින් විශ්ලේෂණය කළ එය වර්ධනය කරගැනීමට සුදුසු ක්‍රමවේද සකස් කරගැනීමේ හැකියාව පවතී.

Synchrony

පූර්වාපේක්‍ෂණය අපගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුසලතාවයක් වන නමුත් තරගකාරී ක්‍රීඩාවල දී එහි වැදගත් බව අතිශය ඉහළ වේ. පන්දුවක් අල්ලා ගැනීම වැනි ඉතා සුළු කාර්යයක දී වුවද අපගේ ඇස් චලනය ග්‍රහණය කරගැනීම, දුර, වේගය සහ ගමන් පථය මොළය විසින් නිර්ණය කරගැනීම සහ අපගේ මාංශපේෂී පන්දුවේ පැමිණීමත් සමඟ නියමිත වේලාවට ගමන් කිරීම වැනි ක්‍රියාකාරකම් රැසක් සිදු වේ.

ඒ අනුව ‘Sports Vision’ හිදී එවන් කුසලතාවයන් වර්ධනය කරගැනීමට උපයෝගී කරගත හැකි එක් තාක්ෂණික ක්‍රමෝපායක් ලෙස ‘Synchrony’ පෙන්වා දිය හැකිය. ඒ අනුව ඒ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය ඉතා විශාල ලෙස වැඩි දියුණු කරගත හැකිය. තවදුරටත් ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාව වර්ධනය කරගැනීමට ද මෙය උපකාරී වේ.

Binovi Technology

මෘදුකාංග පත පදනම් වූ මෙම තාක්ෂණ ක්‍රමෝපාය හරහා මෘදුකාංග, දෘඩාංග, විශේෂඥ දැනුම මෙන්ම දත්ත විශ්ලේෂණය ද සංයෝග කිරීමෙන් අක්ෂි වෛද්‍යවරුන්, දෘශ්‍ය චිකිත්සක වරුන් සහ ක්‍රීඩා පුහුණු කරුවන්ට සිය සේවාදායකයින් සමඟ එක්ව කටයුතු කර ඔවුන්ගේ පෙනීම වර්ධනය කිරීමේ හැකියාව සැලසේ.

ඒ අනුව ‘Sports Vision’ හිදී මෙය ඇස් සහ අත් අතර ඇති සම්බන්ධතාවය, දෘශ්‍ය මතකය, වේගය සහ තවත් කුසලතාවයන් රැසක් වර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබේ. එමෙන්ම එයට ‘app’ එකක් හරහා පිවිසීමට ඇති හැකියාව හේතුවෙන් ඒ තුළ ඇති විවිධ පුහුණු වැඩසටහන් හා තලයන් අතරින් තමන්ගේ අවශ්‍යතාවයට සරිලන ලෙස එය සකස් කරගැනීමේ ද හැකියාව පවතී.

ඔබ ක්‍රීඩාවේ නිරත වන්නෙකු ද? ඔබට ඔබේ ප්‍රතිවාදීන් හමුවේ තීරණාත්මක වාසියක් අත්කර ගැනීමට අවශ්‍ය ද? මෙම ප්‍රශ්නවලට ඔබේ පිළිතුර ‘ඔව්’ නම් ඔබ සොයන්නේ Vision Care මඟින් ගෙන එනු ලබන ‘Sports Vision’ බවට කිසිදු සැකයක් නොමැත. ඒ අනුව නවීන පන්නයේ ඉතා උසස් තාක්‍ෂණයන් හරහා ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඒ හරහා ඔබගේ දක්‍ෂතාවයන් ඉහළ නංවාගත හැකි ශ්‍රී ලංකාවේ එකම ස්ථානය Vision Care හි ‘Sports Vision’ ය.

Sports Vision ගැන තවත් දැනුවත් වෙන්න අවශ්‍ය ද? +94 76 697 628 අංකයට අමතන්න හෝ පහළින් තිබෙන form එක fill කරන්න, Sports Vision by Vision Care විසින් ඔබව සම්බන්ධ කරගනු ඇත.