වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති රන් මුසු නීල සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2 වැනි වරටත් විසඳුමකින් තොරව අවසන් වුණා.
පසුගිය වසරේ දී දෙවිදුහල් අතර පැවැති මෙම තරගය සාන්ත ජෝසප් වාස් විද්‍යාලය විසින් දිනා ගත් අතර පැවැති මංගල තරගය අවසන් වූයේ විසඳුමකින් තොරවයි. කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ දී පළමු ඉනිමේ වැඩි වාසි දිනා ගත්තේ පසුගිය වසරේ ශූරයන් බවට පත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයයි.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඩොමිනික් සාවියෝ (නායක), අමල් පෙරේරා, අනුහස් නවරත්න (කඩුලු රකින්නා), හිමල් රවිහංස, ඉසුරු ජයසේකර, දමේස් මතිසන්, සස්මිත ප්‍රනාන්දු, සෙනුජ දන්සිතුම්, ශෙනාන් ප්‍රනාන්දු, විදස් ලියනගේ සහ යසිත් කරුණාරත්න.
සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිඳු සේනාදි (නායක), ආකාශ් තේජක, චේතින් දිල්සරු, හෆීස් ජුන්කර්, හිතේෂ් රුවන්ද, කවිඳු ලෝරේන්, රිද්ම බාශික, සදීශ කාවින්ද, සංදිල් හෙට්ටිආරච්චි, ශෙහාර දෙව්තිළිණ (කඩුලු රකින්නා) සහ විශ්මිත සරෝජ්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 324ක් ලබා ගන්නවා.
එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 197ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් වූ දමේස් මතිසන් සහ ඉසුරු ජයසේකර සමත් වෙනවා. ඔවුන්ගේ සබඳතාව බිඳී යන්නේ ඉසුරු ජයසේකර ගේ දැවී යෑමත් සමඟයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා ද වූ ඔහු පළමු කඩුල්ලට දැවී යද්දී පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා.
දමේස් මතිසන් ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව නායක ඩොමිනික් සාවියෝ පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී විශ්මිත සරෝජ් ලකුණු 66කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව නායක කවිඳු සේනාදි කඩුලු 2ක් ද, රිද්ම බාශික සහ ආකාශ් තේජක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- කෝට්ටේ එක්දින සටනේ ජයත් CMS විද්‍යාලයට
- හික්කඩුව සුමංගලයන් නැවතත් වික්‍රමාන්විත මෙහෙයුමක් අවසන් කරයි
- එශාන් මාලිංග Sunrisers Hyderabad වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක!
- කැලණි එක්දින සටනේ ජය ගුරුකුල විද්‍යාලයට
- දමේස් මොරටු කඩුලු 9ක් බිඳ දමයි
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි ඉනිම ලකුණු 205කට සීමා වුණා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෂෙහාර දෙව්තිළිණ. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
ඊට අමතර ව කවිඳු ලොරේන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද සහ හිතේෂ් රුවන්ද පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගනිද්දී නායක කවිඳු සේනාදි පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දමේස් මතීසන් ලකුණු 78කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව හිමාල් රවිහංස ලකුණු 85කට කඩුලු 3ක් ද, අමල් පෙරේරා සහ විදස් ලියනගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
ලකුණු 119ක් පිටුපස සිටිමින් පිට පිට පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය තරගය අවසන් වෙද්දී තම 2 වැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණ 37ක් ලබා සිටියා.
ඒ වෙද්දී හිතේෂ් රුවන්ද පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටි අතර ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය හිමල් රවිහංස සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 324 (79.1) දමේස් මතිසන් 95, ඉසුරු ජයසේකර 110, ඩොමිනික් සාවියෝ 51, විශ්මිත සරෝජ් 3/66, කවිඳු සේනාදි 2/44
සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (78.2) කවිඳු සේනාදි 24, කවිඳු ලොරේන් 34, හිතේෂ් රුවන්ද 34, හෆීස් ජුන්කීර් 20, ශෙහාර දෙව්තිළිණ් 46, දමේස් මතීසන් 5/78, හිමල් රවිහංස 3/85
සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 37 (24.0) හිතේෂ් රුවන්ද නොදැවී 19
තරගයේ විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දමෙස් මතිසාන් (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – ඉසුරු ජයරත්න (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා – දමේස් මතිසාන් (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)
- තරගයේ වීරයා – දමේස් මතිසාන් (සාන්ත ජෝසප් වාස් විද්‍යාල)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















