අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

526
Sri Lanka Cricket Team Manager

ලෝක කුසලානය ජය ගත් 96 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අංක 3 පිතිකරු අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර ඇත.

තීරණාත්මක තරගවල දී සුවිශේෂී දක්ෂතාවයන් දක්වා ඇති ගුරුසිංහ පිළිබඳව අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවන අතර ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔහු ලබාගත් අර්ධ ශතකය සහ අරවින්ද ද සිල්වා සමඟ එක් වී ගොඩනැගූ ලකුණු සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට 1996 වර්ෂයේ දී ලෝක ශූරයින් බවට පත් වීමට හැකි විය.

සිංහ – ව්‍යාඝ්‍ර ගැටුමට සියල්ල සූදානම්

බෙංගාලි ව්‍යාඝ්‍රයෙකු තම නිල ලාංඡනය ලෙස භාවිත කරන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් ලබා ගත්තේ මීට වසර 16 කට පෙරයි..

ගුරුසිංහ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ලෝක කුසලාන අවසන් තරගයේ දී ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන් දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර දැනට වසර ගණනාවක සිට ඕස්ට්‍රේලියාවේ වාසය කළේය. ගුරුසිංහ වසර ගණනක අත්දැකීම් සහිත තෙවැනි පන්තියේ සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අතර අවසන් වරට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණු උපදේශකයකු වශයෙන් සේවය කළේය.

පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියේ, ජාතික කණ්ඩායමේ ඉලක්ක වෙත ලඟා වීම සඳහා සුදුසු වෘත්තිකයන් හා එක් වී ක්‍රිකට් ආයතනයේ සම්පත් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවයි. එසේම ගුරුසිංහගේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්ප්‍රාප්තිය ක්‍රිකට් ආයතනයේ දැක්ම වන “එකම කණ්ඩායමක්, එකම ජාතියක්” යන තේමා පාඨය සඳහා නවමු ආරම්භයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

අසංක ගුරුසිංහ මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<