Home Sinhala යාපනය සහ ගාල්ල ජයග්‍රහණ අතරට

යාපනය සහ ගාල්ල ජයග්‍රහණ අතරට

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය

144

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට යාපනය සහ ගාල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

ගාල්ල සහ දඹුල්ල

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් දඹුල්ල පරදවා කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයින් ලකුණු 200කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නන්ට හැකි වුනේ සිය පිතිකරුවන්ට තරමක පහසු ඉලක්කයක් ලබා දෙමිනුයි.

දඹුල්ල ක්‍රීඩකයින්ට ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කරමින් මිනෝද් භානුක සහ අභිෂේක් ලියනාරච්චි ලකුණු නොලබාම දවා ගැනීමට ගාල්ල ක්‍රීඩකයින් සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 1ක් වන විටයි.

ඉන්පසුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් (03) සහ පවන් රත්නායක (14) හට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ගාල්ල පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ගරා වැටුණු ගාල්ල පිතිකරණ ඉනිමට ජීවයක් ගෙන දුන් ලසිත අබේරත්න සහ සොනාල් දිනූෂ පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ ලසිත දැවී යන විට ලකුණු 37ක් ලබා සිටියා.

ලකුණු 29ක් ලබා සිටි දුෂාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ පන්දු 116කට මුහුණ දෙමින් ලකුණු 62ක් රැස් කළා.

අගපෙළ පිතිකරුවන් ලෙස චමිඳු විජේසිංහ රැස් කළ ලකුණු 24 සහ දුවිඳු තිලකරත්න රැස් කළ ලකුණු 17 නිසා ලකුණු 200 සීමාවට පැමිණීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මිලාන් රත්නායක ලකුණු 41කට කඩුලු 4ක් සහ අකිල ධනංජය ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයින්ට හොඳ ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සොහාන් ද ලිවේරාට සහ විශාද් රන්දිකට හැකි වුනා.

ලකුණු 34ක් ලබා සිටි විශාද්, රන්මිත් ලියනාරච්චිගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ සොහාන් ද ලිවේරා පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 72ක් රැස් කළා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පසිඳු සූරියබණ්ඩාර වාර්තා කළ ලකුණු 41 සහ ලක්ෂාන් එදිරිසිංහ වාර්තා කළ ලකුණු 25 නිසා පන්දුවාර 33.5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා .

Result


Team Galle
201/5 (33.5)

Team Dambulla
200/10 (49.5)

Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi c Praveen Jayawickrama b Milan Rathnayake 0 11 0 0 0.00
Minod Bhanuka run out (Akila Dananjaya) 0 0 0 0 0.00
Pavan Rathnayake  st Sohan de Livera b Akila Dananjaya 14 16 3 0 87.50
Kamindu Mendis b Akila Dananjaya 3 8 0 0 37.50
Lasith Abeyrathne lbw b Akila Dananjaya 37 55 1 0 67.27
Sonal Dinusha c Sohan de Livera b Milan Rathnayake 62 116 4 0 53.45
Dushan Hemantha c Kavishka Anjula b Ramesh Mendis 29 37 2 0 78.38
Ranitha Liyanarachchi b Ramesh Mendis 1 4 0 0 25.00
Chamindu Wijesinghe c Ramesh Mendis b Milan Rathnayake 24 23 1 1 104.35
Duvindu Tillakaratne c Ramesh Mendis b Milinda Siriwardana 17 27 2 0 62.96
Nuwan Thushara not out 1 2 0 0 50.00


Extras 12 (b 0 , lb 7 , nb 0, w 5, pen 0)
Total 200/10 (49.5 Overs, RR: 4.01)
Bowling O M R W Econ
Milan Rathnayake 8.5 1 41 4 4.82
Kavishka Anjula 4 1 12 0 3.00
Akila Dananjaya 10 0 38 3 3.80
Nimesh Vimukthi 9 1 33 0 3.67
Ramesh Mendis 10 1 37 2 3.70
Praveen Jayawickrama 8 0 32 0 4.00


Batsmen R B 4s 6s SR
Sohan de Livera lbw b Dushan Hemantha 76 71 9 1 107.04
Vishad Randika c Lasith Abeyrathne b Ranitha Liyanarachchi 34 32 6 0 106.25
Pasindu Sooriyabandara c Minod Bhanuka b Duvindu Tillakaratne 41 49 1 2 83.67
Lakshan Edirisinghe c Pavan Rathnayake  b Dushan Hemantha 25 37 1 0 67.57
Nimesh Vimukthi st Minod Bhanuka b Duvindu Tillakaratne 1 4 0 0 25.00
Ramesh Mendis not out 9 7 0 0 128.57
Pathum Kumara not out 2 4 0 0 50.00


Extras 13 (b 0 , lb 0 , nb 1, w 12, pen 0)
Total 201/5 (33.5 Overs, RR: 5.94)
Bowling O M R W Econ
Nuwan Thushara 3 0 23 0 7.67
Chamindu Wijesinghe 3 0 24 0 8.00
Ranitha Liyanarachchi 3 0 13 1 4.33
Sonal Dinusha 4 0 23 0 5.75
Kamindu Mendis 3 0 19 0 6.33
Duvindu Tillakaratne 9.5 0 51 2 5.37
Dushan Hemantha 8 0 48 2 6.00



මහනුවර සහ යාපනය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට යාපනය ක්‍රීඩකයින්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට කළ මහනුවර ක්‍රීඩකයින්ට පන්දුවාර 49.4ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 249ක් පමණයි.

ආරම්භ කඩුල්ල සඳහා ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 27කට දැවී ගිය අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18ක් ලබා සිටිය දී නවෝද් පරණවිතාන හමුවේ දැවී ගියා.

මහනුවර වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි පන්දු 72ක් තුළ ලකුණු 62ක් ලබා ගැනීමෙන් පසුව ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 150ක් ලෙසයි.

ලහිරු උදාර ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වෙද්දී, සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල සිගේරා පන්දු 61ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 50ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී යාපනය වෙනුවෙන් ශිරාන් ප්‍රනාන්දු ලකුණු 62කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර දිලුම් සුදීර සහ වැන්ඩර්සේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

යාපනය ඉනිමට හොඳ ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 126ක ශතක සම්බන්ධතාවක් ගොඩනැගීමට නවෝද් පරණවිතානට සහ නිශාන් මදුශ්කට හැකි වුනා.

නිශාන් මදුශ්ක පන්දු 46ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමෙන් පසු පළමු කඩුල්ල ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ පරණවිතාන පන්දු 68ක් තුළ ලකුණු 82ක් රැස් කළේ හතරේ පහර 13ක් සමඟයි.

මහනුවර පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩ නගා සිය කණ්ඩායම ජයග්‍රහණයට සමීප කිරීමට ජනිත් ලියනගේ සහ කසුන් අබේරත්නට හැකි වුනා.

පන්දු 69කට මුහුණු දෙමින් නොදැවී ලකුණු 54ක් ලබා ගැනීමට කසුන් අබේරත්නට හැකි වෙද්දී, ජනිත් ලියනගේ පන්දු 53ක් තුළ ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

Result


Team Jaffna
251/3 (39.2)

Team Kandy
249/10 (49.4)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Janith Liyanage b Lahiru Madushanka 27 23 4 0 117.39
Oshada Fernando c Ravindu Fernando  b Navod Paranavithana 18 25 0 1 72.00
Sandun Weerakkody c Ravindu Fernando  b Jeffrey Vandersay  62 72 6 2 86.11
Lahiru Udara c Ravindu Fernando  b Dilum Sudeera  39 64 2 0 60.94
Ahan Wickramasinghe lbw b Jeffrey Vandersay  0 1 0 0 0.00
Asel Sigera c & b Shiran Fernando  50 61 3 1 81.97
Movin Subasingha c Lahiru Madushanka b Shiran Fernando  25 23 2 2 108.70
Pulina Tharanga lbw b Shiran Fernando  4 3 1 0 133.33
Ashian Daniel b Dilum Sudeera  4 13 0 0 30.77
Chamika Gunasekara c Nishan Madushka b Shiran Fernando  2 8 0 0 25.00
Dushmantha Chameera not out 4 5 0 0 80.00


Extras 14 (b 0 , lb 5 , nb 0, w 9, pen 0)
Total 249/10 (49.4 Overs, RR: 5.01)
Bowling O M R W Econ
Shiran Fernando  9.4 0 62 4 6.60
Lahiru Madushanka 9 0 44 1 4.89
Ravindu Fernando  5 0 29 0 5.80
Navod Paranavithana 6 1 13 1 2.17
Janith Liyanage 3 0 15 0 5.00
Dilum Sudeera  7 0 31 2 4.43
Jeffrey Vandersay  10 0 50 2 5.00


Batsmen R B 4s 6s SR
Navod Paranavithana st Niroshan Dickwella b Movin Subasingha 82 68 13 0 120.59
Nishan Madushka c Asel Sigera b Chamika Gunasekara 52 46 6 1 113.04
Kasun Abeyratne not out 54 69 4 0 78.26
Janith Liyanage b Pulina Tharanga 53 53 1 3 100.00
Ravindu Fernando  not out 6 1 0 1 600.00


Extras 4 (b 0 , lb 0 , nb 1, w 3, pen 0)
Total 251/3 (39.2 Overs, RR: 6.38)
Bowling O M R W Econ
Dushmantha Chameera 6 0 40 0 6.67
Chamika Gunasekara 5 0 42 1 8.40
Ashian Daniel 5 0 46 0 9.20
Asel Sigera 9 1 48 0 5.33
Pulina Tharanga 9.2 0 53 1 5.76
Movin Subasingha 5 0 22 1 4.40



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<