අවිෂ්කට මාස කිහිපයක් ක්‍රිකට් අහිමි වෙයි

11484

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක්ම ආබාධවලට ලක්ව තිබෙනවා. එම ආබාධ රැල්ලේ නවතම ගොදුර බවට පත්ව තිබෙන්නේ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු.

දණහිසේ සිදු වූ දරුණු ආබාධයක් නිසා අවිෂ්කට මාස 6, 7ක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වනු ඇතැයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා පළ වෙනවා.

“අවිෂ්කට පුහුණුවීම් අතරතුර දී දරුණු දණහිසේ ආබාධයක් සිදු වුනා. ඒකට ශල්‍යකර්මයක් කරන්න සිදු වෙයි”, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙක් NewsWire වෙත පවසා තිබුණා.

“ඔහුගේ ශල්‍යකර්මය ගොඩක් දුරට ඕස්ට්‍රේලියාවේ දී සිදු වෙයි. ඒ නිසා ඔහුට අවම වශයෙන් මාස 3ක්වත් ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

අවිශ්ක ප්‍රනාන්දු හට ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු විස්සයි විස්ස තරග දෙකේ දී සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ දිනවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකාවට අහිමි වුණු 5 වැනි ක්‍රීඩකයා ඔහුයි.

නුවන් තුෂාර හා රමේෂ් මෙන්ඩිස් ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවත් වූ අතර බිනුර ප්‍රනාන්දු හා වනිඳු හසරංග COVID-19 ආසාදනය වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වුනා.

NewsWire ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<