ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ තරග (22දා) අවසන් වූ අතර පැවැති එම තරග අතුරින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කරන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි.
>>2026 LPL තරගාවලියට දින නියම වෙයි<<
ගාල්ල සහ දඹුල්ල අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 488ක් ලබා ගන්නවා.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 233ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 192ක් පමණයි.
මෙම තරගය අවසන් දිනයට ආරම්භ වෙන්නේ තම 2 වැනි ඉනිමට ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 58ක් සහ කේශර නුවන්ත නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.
සදීර සමරවික්‍රම ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත් අතර කේශර නුවන්ත පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී අකිල ධනංජය ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව කවිඳු පතිරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ශක්ති උදාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (71.4) නිරෝෂන් දික්වැල්ල 28, සදීර සමරවික්‍රම 113, අහන් වික්‍රමසිංහ 70, මුදිත ලක්ෂාන් 20, කවිඳු පතිරත්න 5/41, ශක්ති උදාර 2/80
දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 488 (130.4) ලසිත් කෲස්පුල්ලේ 133, කවින් බණ්ඩාර 44, ධනංජය ද සිල්වා 62, විශාද් රන්දික 55, අංජල බණ්ඩාර 69, කවිඳු පතිරත්න 56, ලහිරු සමරකෝන් 51, උදිත් මදුශාන් 2/82, කේශර නුවන්ත 4/139, දුවිඳු තිලකරත්න 3/87
ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 192 (95.0) නිපුන් ධනංජය 21, නිරෝෂන් දික්වැල්ල 34, සදීර සමරවික්‍රම 74, කේශර නුවන්ත 32, විශ්ව ප්‍රනාන්දු 2/41, අකිල ධනංජය 4/60, කවිඳු පතිරත්න 2/40, ශක්ති උදාර 2/45
දඹුල්ල කණ්ඩායම ඉනිමක සහ ලකුණු 41ක ජයක්.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරග 2-0කින් පෙරමුණ ගනී
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
මහනුවර සහ කොළඹ අතර තරගය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 393ක් පමණයි.
තරගයේ අවසන් දිනයේ එම ඉනිම ආරම්භ වෙන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 253ක් ව තිබියදීයි. ඒ වෙද්දී සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 92ක් ද සහ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ද ලබා සිටියා.
දිනයේ පළමු කඩුල්ල ලෙසින් අශේන් බණ්ඩාර දැවී යන අතර ඔහු ඒ වෙද්දී පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට පන්දු 246ක දී ලකුණු 149ක සබඳතාවක් ද එක් කළා.
සොහාන් ද ලිවේරා ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකයයි.
ඔවුන් දෙදෙනාට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමෝද් බට්ටගේ ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ජනිත් ලියනගේ සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු ද්විත්වය බැගින් ද සහ කවිජ ගමගේ සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබා සිටියා. ඒ වෙද්දී ධනංජය ලක්ෂාන් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය දිනුර කළුපහන විසින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
කොළඹ – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 434 (143.2) ජනිත් ලියනගේ 134, ශාරුජන් ශන්මුගනාදන් 145, කවිජ ගමගේ 80, ප්‍රභාත් ජයසූරිය 25, දිනුර කළුපහන 4/58, චාමික ගුණසේකර 2/53
මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 393 (128.1) නවෝද් පරණවිතාන 33, පවන්ත වීරසිංහ 33, සොහාන් ද ලිවේරා 105, අශේන් බණ්ඩාර 63, රවිඳු ප්‍රනාන්දු 70, ප්‍රමෝද් මදුශාන් 2/62, ජනිත් ලියනගේ 2/15, චමෝද් බට්ටගේ 4/43
කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 76 (18.0) ධනංජය ලක්ෂාන් නොදැවී 33, රනේෂ් සිල්වා නොදැවී 20, දිනුර කළුපහන 2/26
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කොළඹ කණ්ඩායමට)
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















