SSC පෙරමුණේ

23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලිය 2023

310

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (7) අවසන් වුනා.

SSC නියෝජනය කරන තෙනුෂ්ක නානායක්කාර ලබා ගත් ශතකය, කලන පෙරේරා සහ නිම්නක ජයතිලක පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් B කාණ්ඩය තුල තවදුරටත් පෙරමුණ දිනා ගන්නට SSC සමත් වුනා.

මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජයක් ලබා ගත්තා. D කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු එම තරගයේ දී රාගම නායක ඩෙලෝන් පීරිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා.

බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී චමත් වික්‍රමසිංහ පන්දු 134ක් තුල 4 පහර 15ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 108ක් ලබාගෙන බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් අගනා ශතකයක් ලබා ගත්තා.

C කාණ්ඩයේ තරගයක් ලෙස හලාවත මේරියන්ස් සහ BRC අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, BRC එහි පළමු ඉනිම ජයග්‍රහණය කළා. එහි දී දුලාජ් අශේන් ලබා ගත් ලකුණු 73 සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂාන් ගමගේ දැක්වූ දස්කම් BRC කණ්ඩායමට ඔවුන්ගේ පළමු ඉනිම ජය ගැනීමට විශාල සහයක් වුනා.

නුගේගොඩ සහ NCC කණ්ඩායම් අතර පැවැත්වෙන A කාණ්ඩයේ තරගය ඊයේ ආරම්භ වුනා. එහි දී පළමුව පන්දුවට පහර දුන් නුගේගොඩ කණ්ඩායම ලකුණු 219ක් ලබා ගත්තා. වමතින් දඟපන්දු යවන ගිශාන් බාලසූරිය ලබා ගත් කඩුලු 4 NCC ක්‍රීඩකයෙක් මේ තරගය තුල දක්වූ හොඳම පන්දු යැවීමේ දස්කමයි.

ටැමිල් යූනියන් සහ Ace කැපිටල් ක්‍රිකට් සමාජය

  • Ace කැපිටල් – 191 (66.2): පුබුදු බණ්ඩාර 62, සකුණ ලියනගේ 51, දිලුම් සුදීර 6/49, රවීන් ද සිල්වා 2/24 & 164 (35.4): වනුජ සහන් 34,  දිනිත ලෝචන 34, විජයකාන්ත් වියස්කාන්ත් 5/52.
  • ටැමිල් යූනියන් – 254 (62): තරිඳු හර්ෂණ 69 නවෝද් පරණවිතාන 36, සිතුම් දිසානායක 4/91 & 45/4 (6.2):

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය

  • ගාල්ල ක්‍රිකට් සමාජය – 293 (94.2): කවීෂ රාජපක්ෂ 84, විනුර දුල්සර 71, කෙමිර විජේනායක 4/57 & 17/1 (8)
  • ගුවන් හමුදාව – 163 (70.4): සාහිල් ඩයස් 48, කවීෂ රාජාපක්ෂ 4/45, කනිෂ්ක මදුවන්ත 4/54

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

පානදුර ක්‍රීඩා සමාජය සහ SSC

  • SSC – 364/7d (4) තෙනුෂ නානායක්කාර 105, සදීෂ රාජපක්ෂ 71, කවිඳු නදීෂාන් 52, හංසජ ජයසිංහ 45, සචිර රශ්මික 3/58 & 165/5 (34): චමිඳු වික්‍රමසිංහ 52, කවීෂ සත්සර 4/64
  • පානදුර ක්‍රීඩා සමාජය – 84 (28): යෂාන් අවිශ්ක 33, කලන පෙරේරා 5/26, නිම්නක ජයතිලක 4/24

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

සෙබස්තියනයිට්ස් සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

  • සෙබස්තියනයිට්ස් – 259 (73.2): තෙවිඳු සේනාරත්න 82, ලහිරු ප්‍රනාන්දු 54, නිම්නද කිරින්දගේ 7/87
  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 224/7 (72.4): මුදිත ප්‍රේමදාස 86, ගයාන් විජේසිංහ 46, සසික පෙරේරා 3/49.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ්

  • කෝල්ට්ස් – 227 (65.1): ශලින් ද මෙල් 82, ශෙරන් ෆොන්සේකා 59, අරවින්ත් රාජේන්ද්‍රන් 5/92, මලින්ද පෙරේරා 3/49
  • බ්ලූම්ෆීල්ඩ් – 398/9 (112.5): චමත් වික්‍රමසිංහ 108, මිනෙත් ප්‍රේමරත්න 69, බවන්ත ජයසිංහ 56*, සඳුන් අබේගුණවර්ධන 4/89.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය

  • රාගම ක්‍රිකට් සමාජය – 310/8d (73): අවිශ්ක තරිඳු 66, දුලාජ් බණ්ඩාර 64, ඩෙලෝන් පීරිස් 55, රන්මිත් ජයසේන 50, සසංක නිර්මාල් 2/44, අවීෂ කේෂාන් 2/46
  • මීගමුව ක්‍රිකට් සමාජය – 93 (37.3): දුලාජ් අශේන් 30, ඩෙලෝන් පීරිස් 4/35 & 253 (61.3): කවීන් ප්‍රනාන්දු 53, ඉසුරු  ශානක 50, අවීෂ කේෂාන් 35, අශාන් ප්‍රනාන්දු 5/52, ඩෙලෝන් පීරිස් 2/81

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

පොලිස් ක්‍රීඩා සමාජය සහ CCC

  • CCC – 287 (100.5): අංජල බණ්ඩාර 132, පවන්ත වීරසිංහ 33, විනුෂ්ක සිල්වා 33, දිනුක වික්‍රමාරච්චි 3/40, රොහාන් සංජය 3/51
  • පොලිස් ක්‍රීඩා සමාජය – 307/7 (69): බිහඟ මෙන්ඩිස් 112, හිරුෂාන් පෙරේරා 42, දෙවිඳු කැකිරිදෙනිය 5/60.

බදුරලිය ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය

  • කැන්ඩි කස්ටම්ස් – 332/8d (87): හිරන්ත ජයසිංහ 73, රශ්මික මදුශංක 48, ඉසුරු සඳමාල් 47, රශ්මික මෙවන් 46, දුනිත් ජයතුංග 3/54
  • බදුරලිය ක්‍රිකට් සමාජය – 208/7 (69): රනේෂ් සිල්වා 54*, අශේන් ගුණවර්ධන 47, දුනිත් ජයතුංග 43, මෙතුශාන් තිලින 5/57

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

BRC සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 222 (57.2): අයෝන් ප්‍රනාන්දු 74, චමෝද් සඳරු 52, කේෂර නුවන්ත 24, ලක්ෂාන් ගමගේ 5/67 & 145 (46.1): චමෝද් සඳරු 37, බ්‍රයන් හංසජ 4/48.
  • BRC – 238 (54.3): දුලාජ් අශේන් 73, භාග්‍ය එදිරිවීර 31, ඉරුෂික තිමිර 3/45 & 71/4 (7.4): ලක්ෂාන් ගමගේ 53

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ  NCC

  • නුගේගොඩ ක්‍රීඩා සමාජය – 219 (73.1): සනෝජ් පෙරේරා 72, කෙවින් පෙරේරා 67, සුවත් මෙන්ඩිස් 38, ගිශාන් බාලසූරිය 4/28
  • NCC – 49/2 (9.0)

පළමු දිනයට තරගය අවසන්

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<