ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය නැවතත් හිටපු සමාගමට

312

ඉදිරි වසර හතර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතිය නැවත වරක් Sony Sports විසින් ලබාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට එම විකාශන අයිතිය බලාත්මක වන අතර මාර්තු 01 වැනිදා අවසන් වූ මෙම විකාශන අයිතිය සඳහා වන ලංසු තැබීම සඳහා වෙනත් කිසිවෙක් ඉදිරිපත් නොවූ බව ද සඳහන්.

Viacom 18 විසින් මෙම විකාශන අයිතිය සඳහා තරමක කැමැත්තක් පෙන්නුම් කර තිබුණාත් ඔවුන් මෙම ලංසු තැබීමට ඉදිරිපත් ව තිබුණේ නැහැ.

ගෝලීය විකාශන අයිතිය සඳහා වූ ගිවිසුමේ වටිනාකම පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති නමුත් එය මීට පෙර පැවති ගිවිසුමේ වටිනාකමට වඩා අඩු ගණනක් බව වාර්තා වෙනවා.

විකාශන ගිවිසුමේ වටිනාකම අඩු වීමට ඉන්දියාව සමඟ ඇති තරග ගණන අඩු වීම ද හේතුවක් බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

Cricbuzz වෙබ් අඩවිය මීට පෙර වාර්තා කළ පරිදි ඉදිරි වසර හතර සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේ තරග අටක් පමණක් වන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට විසින් තවත් තරග හයක් මෙම වසර හතර තුළ පවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

එම තරග පැවැත්වීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරග සංඛ්‍යාව ඉහළ යන අතර මේ වන විට 2023-27 කාලසීමාවේ ශ්‍රී ලංකාව තුළ තරග 56ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම විකාශන අයිතිය පිළිබඳ තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර අදාළ නීතිමය කටයුතු වලින් පසු ඔවුන් මෙම ගිවිසුම පිළිබඳ දැනුම් දීමට නියමිතයි.

එමෙන්ම දේශීය තරග පිටියේ විකාශන අයිතිය පිළිබඳ ටෙන්ඩර කැඳවීමක් ඉදිරි සති කිහිපය තුළ සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙන්ඩරයට අමතරව ක්‍රිකට් පිටියේ විශාලතම ක්‍රිකට් ආයතන දෙකක් වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද සිය ගෝලීය විකාශන අයිතිය සඳහා ටෙන්ඩර කැඳවීමට නියමිතයි.

ඉදිරි දින කිහිපය තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ටෙන්ඩරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කටයුත්තකට වඩා ද විශාල එකක් වන නිසා බොහෝ දෙනා ඒ පිළිබඳ අවධානයෙන් පසු වෙනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<