Home Sinhala ගාලු – දඹුලු ක්‍රීඩකයෝ කරට කර සටනක

ගාලු – දඹුලු ක්‍රීඩකයෝ කරට කර සටනක

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

297

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් දිනය වූ හෙට දිනය (05) එළඹෙද්දී දෙපිලේ ම ක්‍රීඩකයෝ 2023 වසරේ ශූරතාව හිමි කර ගැනීමට කරට කර සටනකට අවතීර්ණ වී සිටිනවා.

තරගයේ තෙවැනි දිනය වූ අද (04) දවස නිමා වෙද්දී හෙට දවසේ තීරණය වූයේ ගාල්ල ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 165ක් අවශ්‍ය වන අතර දඹුල්ල ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ කඩුලු 5ක් දවා ගැනීම පමණයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි.

ඒ අනුව පෙර දිනයේ දී ලකුණු 61ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුලු ක්‍රීඩකයෝ අද තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 196ක් එක් කළා.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී කඩුල්ලේ රැදී සිටි සොනාල් දිනූෂ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් එක් කළා. ඊට අමතරව පෙර දිනයේ කඩා වැටෙමින් තිබූ දඹුලු ඉනිම ගොඩ ගැනීමේ මෙහෙවරේ නිරත ව සිටි අශාන් ප්‍රියන්ජන් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් එක් කළා.

එතැන් සිට වනිඳු හසරංග (0), දුශාන් හේමන්ත (3) සහ චමිඳු විජේසිංහ (0) අඩු ලකුණුවලට සීමා කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූ අතර ඒ වෙද්දී දඹුලු ඉනිම කියැවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලෙසින්.

කෙසේ වෙතත් අංක 10 පිතිකරු ලෙසින් පිටියට එක් වූ රනිත ලියනාරච්චි පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 45ත් සමඟින් දඹුලු ඉනිම තරමක පුෂ්ටිමත් වූවා. ඊට අවසන් පිතිකරු ලහිරු සමරකෝන් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා ගනිමින් ඔහුට අගනා සේවයක් සැලසුවා. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලට සබඳතාව ලකුණු 38ක්.

කඩුලු ලබා ගැනීමේ දී 28 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් ශිරාෂ් ලකුණු 52කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව අසංක මනෝජ් කඩුලු 2ක්, සංගීත් කුරේ සහ සුමින්ද ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් පසු පස හඹා යෑමේ ඉනිමකට පිවිසි පිතිකරුවන් රාශියකගෙන් සමන්විත ගාලු ක්‍රීඩකයන්ට සිතූ සේ පන්දුවට පහර දීමට දඹුලු ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදීම විශේෂ සිදුවීමක් වුනා.

ඔවුන්ගේ ආරම්භක කඩුලු ත්‍රිත්වය පන්දුවාර 6ක් තුළ නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට ඔවුන් සමත් වුනා. ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 26ක් පමණක් වන අතර ආරම්භක පිතිකරුවන් වූ සොහාන් ද ලිවේරා (17) සහ සංගීත් කුරේ (5) මෙන් ම අංක 3 පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ (1) ද ඒ වෙද්දී තරග නරඹන්නන් බවට පත් ව සිටියා.

එම තත්ත්වය හමුවේ ගාලු ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තරමක ස්ථාවර බවක් ගොඩ ගැනීමට පසිඳු සූරියබණ්ඩාර සහ හෂාන් දුමිඳු උත්සාහ ගත්තා. නමුත් ඔවුන්ට ද සිතූ සේ පිටියේ රඟන්නට දඹුලු ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 19ක් ලබා ගනිමින් ද සහ හෂාන් දුමිඳු ලකුණු 11ක් ලබා ගනිමින් ද තම ඉනිම්වලට සමු දෙද්දී ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් එක් කිරීමට සමත් ව සිටියා.

තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ගාලු පළමු ඉනිමේ ගැලවුම්කරුවා වූ 23 හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් කුමාර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටීමට සමත් ව සිටිනවා. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු 4ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිනවා.

ගාලු ක්‍රීඩකයන්ට අනපේක්ෂිත තත්ත්වයක් උදා කළ දඹුලු පන්දු යවන්නා වූයේ ආරම්භක දකුණතින් වේගපන්දු යැවූ ලහිරු සමරකෝන්. ඔහු ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව අශාන් ප්‍රියංජන් සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (72.1) අභිෂේක් ලියනාරච්චි 54, පවන් රත්නායක 31, සනෝජ් දර්ශික 37, මිනෝද් භානුක 50, දුශාන් හේමන්ත නොදැවී 27, කවිශ්ක අංජුල 2/38, දුනිත් වෙල්ලාලගේ 5/58
  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (53.2) පැතුම් කුමාර 78, සුමින්ද ලක්ෂාන් 41, කවිශ්ක අංජුල 26, ලහිරු සමරකෝන් 3/42, වනිඳු හසරංග 4/64, සොනාල් දිනූෂ 2/32
  • දඹුල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 196 (71.2) සොනාල් දිනූෂ 59, අශාන් ප්‍රියංජන් 39, රනිත ලියනාරච්චි 45, මොහොමඩ් ශිරාෂ් 5/52, අසංක මනෝජ් 2/40
  • ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 93 (23) පසිඳු සූරියබණ්ඩාර 19, පැතුම් කුමාර නොදැවී 26, ලහිරු සමරකෝන් 3/32

හෙට (05) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Galle
187/10 (53.2) & 182/10 (47.3)

Team Dambulla
248/10 (72.1) & 196/10 (71.2)

Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi c Sohan de Livera b Suminda Lakshan 54 75 7 1 72.00
Sonal Dinusha c Sohan de Livera b Kavishka Anjula 0 9 0 0 0.00
Pavan Rathnayake  c Sohan de Livera b Kavishka Anjula 31 59 5 0 52.54
Sanoj Darshika c Mohammad Shiraz b Dunith Wellalage 37 86 5 0 43.02
Minod Bhanuka run out (Lakshan Edirisinghe) 50 84 8 0 59.52
Ashan Priyanjan c Suminda Lakshan b Dunith Wellalage 0 1 0 0 0.00
Wanindu Hasaranga c Suminda Lakshan b Dunith Wellalage 15 28 2 0 53.57
Dushan Hemantha not out 27 59 3 0 45.76
Ranitha Liyanarachchi c Suminda Lakshan b Dunith Wellalage 1 2 0 0 50.00
Chamindu Wijesinghe st Sohan de Livera b Dunith Wellalage 15 24 1 1 62.50
Lahiru Samarakoon c Mohammad Shiraz b Sangeeth Cooray 3 10 0 0 30.00


Extras 15 (b 6 , lb 3 , nb 4, w 2, pen 0)
Total 248/10 (72.1 Overs, RR: 3.44)
Bowling O M R W Econ
Kavishka Anjula 14 1 38 2 2.71
Mohammad Shiraz 13 4 42 0 3.23
Dunith Wellalage 17 4 58 5 3.41
Asanka Manoj 12 1 43 0 3.58
Suminda Lakshan 10 3 35 1 3.50
Sangeeth Cooray 6.1 0 23 1 3.77
Batsmen R B 4s 6s SR
Sohan de Livera c Minod Bhanuka b Lahiru Samarakoon 7 13 1 0 53.85
Sangeeth Cooray c Sonal Dinusha b Wanindu Hasaranga 2 10 0 0 20.00
Lakshan Edirisinghe lbw b Wanindu Hasaranga 4 7 0 0 57.14
Hashan Dumindu c Wanindu Hasaranga b Lahiru Samarakoon 9 20 1 0 45.00
Dunith Wellalage b Ashan Priyanjan 3 5 0 0 60.00
Pasindu Sooriyabandara b Lahiru Samarakoon 10 19 2 0 52.63
Pathum Kumara c Minod Bhanuka b Sonal Dinusha 78 120 5 1 65.00
Suminda Lakshan lbw b Sonal Dinusha 41 60 3 0 68.33
Kavishka Anjula b Wanindu Hasaranga 26 53 2 0 49.06
Mohammad Shiraz not out 2 11 0 0 18.18
Asanka Manoj lbw b Wanindu Hasaranga 1 4 0 0 25.00


Extras 4 (b 0 , lb 1 , nb 2, w 1, pen 0)
Total 187/10 (53.2 Overs, RR: 3.51)
Bowling O M R W Econ
Lahiru Samarakoon 9 1 42 3 4.67
Ashan Priyanjan 15 2 37 1 2.47
Wanindu Hasaranga 17.2 1 64 4 3.72
Sonal Dinusha 10 0 32 2 3.20
Dushan Hemantha 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi run out (Heshan Hettiarchchi) 6 11 1 0 54.55
Sonal Dinusha c Pasindu Sooriyabandara b Asanka Manoj 59 196 7 0 30.10
Pavan Rathnayake  lbw b Mohammad Shiraz 4 3 1 0 133.33
Sanoj Darshika c Pathum Kumara b Mohammad Shiraz 10 25 2 0 40.00
Minod Bhanuka c Hashan Dumindu b Sangeeth Cooray 11 9 2 0 122.22
Ashan Priyanjan c Sohan de Livera b Mohammad Shiraz 39 91 6 0 42.86
Wanindu Hasaranga c Hashan Dumindu b Asanka Manoj 0 3 0 0 0.00
Dushan Hemantha c Sohan de Livera b Mohammad Shiraz 3 13 0 0 23.08
Chamindu Wijesinghe c Sohan de Livera b Mohammad Shiraz 0 10 0 0 0.00
Ranitha Liyanarachchi b Suminda Lakshan 45 58 3 2 77.59
Lahiru Samarakoon not out 10 13 0 0 76.92


Extras 9 (b 1 , lb 2 , nb 4, w 2, pen 0)
Total 196/10 (71.2 Overs, RR: 2.75)
Bowling O M R W Econ
Kavishka Anjula 8 2 28 0 3.50
Mohammad Shiraz 24 4 52 5 2.17
Sangeeth Cooray 11 3 28 1 2.55
Suminda Lakshan 5.2 0 20 1 3.85
Asanka Manoj 16 3 40 2 2.50
Dunith Wellalage 7 0 25 0 3.57


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Wanindu Hasaranga b Lahiru Samarakoon 17 17 2 1 100.00
Sangeeth Cooray c Minod Bhanuka b Lahiru Samarakoon 5 7 0 0 71.43
Lakshan Edirisinghe c Sonal Dinusha b Ashan Priyanjan 1 10 0 0 10.00
Pasindu Sooriyabandara b Wanindu Hasaranga 19 19 2 0 100.00
Hashan Dumindu lbw b Lahiru Samarakoon 11 34 0 0 32.35
Pathum Kumara c Abishek Liyanarachchi b Wanindu Hasaranga 36 64 6 0 56.25
Dunith Wellalage not out 52 79 5 0 65.82
Suminda Lakshan c Wanindu Hasaranga b Lahiru Samarakoon 0 3 0 0 0.00
Kavishka Anjula lbw b Wanindu Hasaranga 27 36 2 1 75.00
Mohammad Shiraz lbw b Wanindu Hasaranga 2 15 0 0 13.33
Asanka Manoj b Wanindu Hasaranga 0 4 0 0 0.00


Extras 12 (b 1 , lb 7 , nb 3, w 1, pen 0)
Total 182/10 (47.3 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Lahiru Samarakoon 12 0 60 4 5.00
Ashan Priyanjan 13 4 42 1 3.23
Wanindu Hasaranga 15.3 2 44 5 2.88
Ranitha Liyanarachchi 2 0 10 0 5.00
Chamindu Wijesinghe 3 1 6 0 2.00
Sonal Dinusha 2 0 11 0 5.50