Home Sinhala අභිෂේක් සහ මිනෝද්ගෙන් අර්ධ ශතක; දුනිත්ගෙන් කඩුලු පහක්

අභිෂේක් සහ මිනෝද්ගෙන් අර්ධ ශතක; දුනිත්ගෙන් කඩුලු පහක්

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

209

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) ආරම්භ වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාල්ල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට දඹුල්ල ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් දඹුල්ල ආරම්භක පිතිකරු සොනාල් දිනූෂ ලකුණු නොලබාම දවා ගැනීමට කවිෂ්ක අංජුලට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් වන විටයි.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට පවන් රත්නායකට සහ අභිෂේක් ලියනාරච්චිට හැකි වුනා. පවන් රත්නායක දැවී යන විට ලකුණු 30ක් ලබා සිටියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අභිෂේක් ලියනාරච්චි ලකුණු 54ක් ලබා සිටිය දී දවා ගැනීමට සුමින්ද ලක්ෂාන්ට හැකි වුනේ දඹුල්ල ක්‍රීඩකයින් නැවතත් පීඩනයකට ඇද දමමිනුයි.

නමුත් දඹුල්ල ලකුණු පුවරුවට තරමක ජීවයක් එක් කරමින් නායක මිනෝද් භානුක සහ සනෝජ් දර්ෂික සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 80ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව ලකුණු 37ක් ලබා සිටි සනෝජ්, දුනිත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළ මිනෝද් භානුක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව දැවී යද්දී දඹුල්ල ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලෙසයි.

වෙල්ලාලගේ ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා දඹුල්ල පසුපෙළ පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකි වූ අතර දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.

ඒ අනුව දඹුල්ල ක්‍රීඩකයින්ට පන්දුවාර 72.1ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 272ක් පමණයි.

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 58කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර කවිෂ්ක අංජුල ලකුණු 38ට කඩුලු දෙකයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයින්ට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදුන් දඹුල්ල පන්දු යවන්නන් විසින් ගාල්ල පළමු කඩුලු හතර ලකුණු 24ක් තුළ පිටියෙන් ඉවත් කළා.

සොහාන් ද ලිවේරා (7), සංගීත් කුරේ (2), ලක්ෂාන් එදිරිසිංහ (4) සහ දුනිත් වෙල්ලාලගේ (3) එලෙස දැවී ගිය අතර වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු දෙකක් දවා ගත්තා.

Result


Team Galle
187/10 (53.2) & 182/10 (47.3)

Team Dambulla
248/10 (72.1) & 196/10 (71.2)

Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi c Sohan de Livera b Suminda Lakshan 54 75 7 1 72.00
Sonal Dinusha c Sohan de Livera b Kavishka Anjula 0 9 0 0 0.00
Pavan Rathnayake  c Sohan de Livera b Kavishka Anjula 31 59 5 0 52.54
Sanoj Darshika c Mohammad Shiraz b Dunith Wellalage 37 86 5 0 43.02
Minod Bhanuka run out (Lakshan Edirisinghe) 50 84 8 0 59.52
Ashan Priyanjan c Suminda Lakshan b Dunith Wellalage 0 1 0 0 0.00
Wanindu Hasaranga c Suminda Lakshan b Dunith Wellalage 15 28 2 0 53.57
Dushan Hemantha not out 27 59 3 0 45.76
Ranitha Liyanarachchi c Suminda Lakshan b Dunith Wellalage 1 2 0 0 50.00
Chamindu Wijesinghe st Sohan de Livera b Dunith Wellalage 15 24 1 1 62.50
Lahiru Samarakoon c Mohammad Shiraz b Sangeeth Cooray 3 10 0 0 30.00


Extras 15 (b 6 , lb 3 , nb 4, w 2, pen 0)
Total 248/10 (72.1 Overs, RR: 3.44)
Bowling O M R W Econ
Kavishka Anjula 14 1 38 2 2.71
Mohammad Shiraz 13 4 42 0 3.23
Dunith Wellalage 17 4 58 5 3.41
Asanka Manoj 12 1 43 0 3.58
Suminda Lakshan 10 3 35 1 3.50
Sangeeth Cooray 6.1 0 23 1 3.77
Batsmen R B 4s 6s SR
Sohan de Livera c Minod Bhanuka b Lahiru Samarakoon 7 13 1 0 53.85
Sangeeth Cooray c Sonal Dinusha b Wanindu Hasaranga 2 10 0 0 20.00
Lakshan Edirisinghe lbw b Wanindu Hasaranga 4 7 0 0 57.14
Hashan Dumindu c Wanindu Hasaranga b Lahiru Samarakoon 9 20 1 0 45.00
Dunith Wellalage b Ashan Priyanjan 3 5 0 0 60.00
Pasindu Sooriyabandara b Lahiru Samarakoon 10 19 2 0 52.63
Pathum Kumara c Minod Bhanuka b Sonal Dinusha 78 120 5 1 65.00
Suminda Lakshan lbw b Sonal Dinusha 41 60 3 0 68.33
Kavishka Anjula b Wanindu Hasaranga 26 53 2 0 49.06
Mohammad Shiraz not out 2 11 0 0 18.18
Asanka Manoj lbw b Wanindu Hasaranga 1 4 0 0 25.00


Extras 4 (b 0 , lb 1 , nb 2, w 1, pen 0)
Total 187/10 (53.2 Overs, RR: 3.51)
Bowling O M R W Econ
Lahiru Samarakoon 9 1 42 3 4.67
Ashan Priyanjan 15 2 37 1 2.47
Wanindu Hasaranga 17.2 1 64 4 3.72
Sonal Dinusha 10 0 32 2 3.20
Dushan Hemantha 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi run out (Heshan Hettiarchchi) 6 11 1 0 54.55
Sonal Dinusha c Pasindu Sooriyabandara b Asanka Manoj 59 196 7 0 30.10
Pavan Rathnayake  lbw b Mohammad Shiraz 4 3 1 0 133.33
Sanoj Darshika c Pathum Kumara b Mohammad Shiraz 10 25 2 0 40.00
Minod Bhanuka c Hashan Dumindu b Sangeeth Cooray 11 9 2 0 122.22
Ashan Priyanjan c Sohan de Livera b Mohammad Shiraz 39 91 6 0 42.86
Wanindu Hasaranga c Hashan Dumindu b Asanka Manoj 0 3 0 0 0.00
Dushan Hemantha c Sohan de Livera b Mohammad Shiraz 3 13 0 0 23.08
Chamindu Wijesinghe c Sohan de Livera b Mohammad Shiraz 0 10 0 0 0.00
Ranitha Liyanarachchi b Suminda Lakshan 45 58 3 2 77.59
Lahiru Samarakoon not out 10 13 0 0 76.92


Extras 9 (b 1 , lb 2 , nb 4, w 2, pen 0)
Total 196/10 (71.2 Overs, RR: 2.75)
Bowling O M R W Econ
Kavishka Anjula 8 2 28 0 3.50
Mohammad Shiraz 24 4 52 5 2.17
Sangeeth Cooray 11 3 28 1 2.55
Suminda Lakshan 5.2 0 20 1 3.85
Asanka Manoj 16 3 40 2 2.50
Dunith Wellalage 7 0 25 0 3.57


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Wanindu Hasaranga b Lahiru Samarakoon 17 17 2 1 100.00
Sangeeth Cooray c Minod Bhanuka b Lahiru Samarakoon 5 7 0 0 71.43
Lakshan Edirisinghe c Sonal Dinusha b Ashan Priyanjan 1 10 0 0 10.00
Pasindu Sooriyabandara b Wanindu Hasaranga 19 19 2 0 100.00
Hashan Dumindu lbw b Lahiru Samarakoon 11 34 0 0 32.35
Pathum Kumara c Abishek Liyanarachchi b Wanindu Hasaranga 36 64 6 0 56.25
Dunith Wellalage not out 52 79 5 0 65.82
Suminda Lakshan c Wanindu Hasaranga b Lahiru Samarakoon 0 3 0 0 0.00
Kavishka Anjula lbw b Wanindu Hasaranga 27 36 2 1 75.00
Mohammad Shiraz lbw b Wanindu Hasaranga 2 15 0 0 13.33
Asanka Manoj b Wanindu Hasaranga 0 4 0 0 0.00


Extras 12 (b 1 , lb 7 , nb 3, w 1, pen 0)
Total 182/10 (47.3 Overs, RR: 3.83)
Bowling O M R W Econ
Lahiru Samarakoon 12 0 60 4 5.00
Ashan Priyanjan 13 4 42 1 3.23
Wanindu Hasaranga 15.3 2 44 5 2.88
Ranitha Liyanarachchi 2 0 10 0 5.00
Chamindu Wijesinghe 3 1 6 0 2.00
Sonal Dinusha 2 0 11 0 5.50



ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<