Blue Star සහ Red Stars තෙවැනි සතියේ ජයග්‍රාහකයින් අතරට

Super League 2021

176

සුපර් ලීග් තරගාවලියේ තෙවැනි සතියේ දෙවන දිනයේ අද (01) පැවති තරගවලින් Ratnam SC සහ Blue Eagles SC පරදවා ජයග්‍රහණ ලබා ගැනීමට Blue Star SC සහ Red Stars FC සමත් වුනා.

Ratnam SC – Blue Star SC

තරගාවලියේ දෙවැනි සතියේ ප්‍රබල Colombo ක්‍රීඩකයන් පරදවා ලැබූ පෙරළිකාර ජයග්‍රහණය නිසාවෙන් Blue Star ක්‍රීඩකයන් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට පිවිස තිබුණා. පෙර තරග ද්විත්වයම ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා Ratnam ක්‍රීඩකයන්ට මෙම තරගය ජය ගැනීම ඉතා වැදගත් වුනා.

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කිරීමට Blue Star ක්‍රීඩක M. Ihsan සමත් වුනා. ඒ දඬුවම් රාමුව තුළට ලැබුණ පන්දුවක් ගෝල රකින්නා ආසන්නයට ගෙන ගොස් ගෝලයට එල්ල කරමින්. 

ප්‍රතිවාදීන් හට සිතීමටවත් කාලයක් ඉතුරු නොකළ Blue Star ක්‍රීඩක මොහොමඩ් අර්ශාඩ් 17 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත් සිට ගෝලයට පහරක් එල්ල කරමින් තරගයේ දෙවැනි ගෝලය රැස් කළා.

36 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට යොමු කළ පන්දුවක් අලංකාර ලෙස ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකර ගෝලයට යොමුකරමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායම වෙතට ගෙන ඒමට Blue Star ක්‍රීඩක සෙනාල් සංදේශ් සමත් වුනා.

එම අර්ධය තුළ දී කිසිදු ගෝලයක් ලබා ගැනීමට Ratnam ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා තරගයේ වැඩි වාසි Blue Starට ගෙන දෙමින් පළමු අර්ධය අවසන් වුනා.

ඉතා ප්‍රබල තත්වයක සිට දෙවැනි අර්ධය ආරම්භ කළ Blue Star ක්‍රීඩකයන් ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරමක ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.

එම අර්ධය තුළ දීත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට Ratnam ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා තරගයේ ජය ගෝල 3-0ක් ලෙස Blue Star ක්‍රීඩකයන්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Star SC 03 – 00 Blue Eagles SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

  • Blue Eagles SC: M. Ihsan 15’, මොහොමඩ් අර්ශාඩ් 17’, සෙනාල් සංදේශ් 36’

තවත් පාපන්දු පුවත්:

Blue Eagles SC – Red Stars FC

තරගාවලියේ පෙර සතිවල ප්‍රතිඵලවලට අනුව Red Stars ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසු වුනා. එතරම් සාර්ථකව තරගාවලි ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා අටවැනි තැන පසු වූ Blue Eagles ක්‍රීඩකයන්ට මෙම තරගය ජය ගත යුතුම තරගයක්ව තිබුණා.

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ Red Stars වෙනුවෙන් 10 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය රැස්කිරීමට ෆර්හාන් සමත් වුනා. ඒ දඬුවම් රාමුව ආසන්නයේ දී ලද පන්දුවක් දඬුවම් රාමුව තුළට ගෙන ගොස් අලංකාර ලෙස ගෝලය වෙත එල්ල කරමින්.

තරගයේ 19 වැනි මිනිත්තුවේ දී Red Stars ක්‍රීඩක ගොඩ්වින් ගෝලය වෙත එල්ල කරන ලද පන්දුවක් නිවැරදිව ස්ථානගත කරමින් තරගයේ දෙවැනි ගෝලය රැස් කිරීමට මොහොමඩ් රිස්ලාන් සමත් වුනේ පළමු අර්ධයේ දී ම තරගයේ වැඩි වාසි අත්කර ගනිමින්.

ප්‍රතිවාදීන්ට හිස එසවීමටත් ඉඩ නොදුන් Red Stars ක්‍රීඩකයෙකු යොමු කළ දිගු පන්දු යොමුකිරීමක් අලංකාර ලෙස පාලනය කරමින් ගෝලය වෙත එල්ල කරමින් තෙවැනි ගෝලය රැස්කිරීමට ඇන්ඩෘ ඩිලක්ෂන් සමත් වුනා. ඒ තරගයේ 23 වැනි මිනිත්තුවේ දීයි.

පළමු අර්ධය තුළ දී Blue Eagles කණ්ඩායමට කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ. ඒ අනුව පළමු අර්ධයේ වැඩි වාසි Red Stars කණ්ඩායමට හිමි වුනා.

වාසිදායක වූ පළමු අර්ධයෙන් පසු පිටියට පිවිසි Red Stars වෙනුවෙන් සිව්වැනි ගෝලය රැස් කළේ විදෙස් ක්‍රීඩක I. Abumere. ඒ 63 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ක්‍රීඩකයන් සියල්ල පසුකරමින් ඉදිරියට ගෙන ගොස් ගෝලය වෙත එල්ල කරමින්.

තරගයේ 71 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට පහරක් එල්ල කරමින් තරගයේ පස්වැනි ගෝලය රැස්කිරීමට Red Stars ක්‍රීඩක I. Abumere සමත්වුනේ Blue Eagles ක්‍රීඩකයන් තවත් අසරණ කරමින්.

ප්‍රතිවාදී ක්‍රීඩකයන් ක්‍රීඩා පිටිය තුළ තවත් අසරණ කරමින් තරගයේ 80 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් හයවැනි ගෝලය රැස් කිරීමට Red Stars ක්‍රීඩක Abumere සමත් වුනේ සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරගනිමින්.

තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් රැස් කිරීමට Blue Eagles ක්‍රීඩකයන් අසමත් වීම නිසාවෙන් ගෝල 6-0ක දැවැන්ත ජයක් Red Stars ක්‍රීඩකයන්ට හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 00 – 06 Red Stars FC

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • Blue Eagles SC: ෆර්හාන් 10’, මොහොමඩ් රිස්ලාන් 19’, ඇන්ඩෘ ඩිලක්ෂන් 23’, I. Abumere 63’, 71’, 80’

කහ කාඩ්පත්:

  • Red Stars FC: Mohamed Badran 49’
  • Blue Eagles SC: එල්. ගුරුසිංහ 21’, ජේ. ප්‍රනාන්දු 81’

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<