ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නාට ළමා අපචාර චෝදනාවක්!

144
(Fox)

ළමා අපචාර චෝදනාවක් මත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Aaron Summersව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සඳුදා (17) ඔහුව උසාවිය වෙත ද ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වෙනවා.

Sydney Morning Herald පුවත්පතට අනුව Summersව Darwin උසාවිය වෙත ඉදිරිපත් කර ඇත්තේ සිය ජංගම දුරකථනය තුළ ළමා අපචාරවලට අදාළ වීඩියෝ පට රඳවා ගැනීම යන චෝදනාව මතයි.

“මේ කාරණය NT ක්‍රීඩා ආයතනය දැන ගත් වහාම අපි ඉතා ඉක්මනින් ගත යුතු පියවර ගත්තා. අපේ නීති රීති වලට අදාලව දැන් මේ කාරණය පොලිසිය වෙත භාර දී තිබෙනවා. ඔවුන් ඉදිරියට පරීක්ෂණ පවත්වයි” ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණත් වේගපන්දු යවන්නෙක් වන Summers, Big Bash තරගාවලියේ Hobart Hurricanes කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු Tasmania කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග තුනක් ද ක්‍රීඩා කර තිබෙනවා. පාකිස්තාන දේශීය ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා වන්නේ ද ඔහුයි. Pakistan කුසලාන තරගාවලියේ Southern Punjab කණ්ඩායම වෙනුවෙන් එහි දී ඔහු ක්‍රීඩා කළා.

“ළමා අපචාර දර්ශන ළඟ තබා ගත් වරදට පසුගිය සිකුරාදා Fannie Bay හිදී 25 හැවිරිදි මේ තැනැත්තා අත්අඩංගුවට ගත්තා. අපරාධ පනතේ 1914 (C) අංශයට අනුව වරෙන්තුවක් ලබාගෙන ඔහුගේ ජංගම දුරකතනය ද අපේ භාරයට ගත්තා.”

“ඔහුගේ දුරකථනය ළමා අපචාරවලට සම්බන්ධ වීඩියෝ/ඡායාරූප ගණනාවක් තිබුණා. ළමා අපචාරවලට අදාළ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් ඔහු දරුවන් 10 දෙනෙකු සමඟ සම්බන්ධතා තබාගෙන තිබෙන බවටත් අපිට සාක්ෂි ලැබී තිබෙනවා.”

NewsWire ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<